Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පියුමිගේ කසාදයත් කටු ගෑවිලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පියුමිගේ කසාදයත් කටු ගෑවිලා

rash

කාල බලලා
මිනිස්සුන්ව
ආශ්‍රය 
කරන්න
බැහැනේ......

එකිනෙකට වෙනස්  විවිධ චරිත නිරූපණය කරමින් රසික ආදරය දිනාගත් ජනප්‍රිය නිළියකි "පියුමි ශානිකා බොතේජු" පිළිබදව පසුගිය දිනවල පැතිර ගියා වූ කතාව නම් ඇය ඩිවෝස් වෙන්න යනවා කියලයි. ඉතින් මේ ආරංචිය නම් පැතිරෙන්න පටන් අරන් දැන් ටික කාලයක් ගත වෙලා තිබුණත් එහි ඇත්ත නැත්ත පිළිබදව නිවැරදි තොරතුරු රැසක් අද අප සටහන් තබනවා. පියුමි මේ දවස්වල ටිකක් නිහඬයි. ඒ නිහඬ බවටත්, සාධාරණ හේතු තියෙනවා. පියුමිගේ ජීවිතේ වෙනසක් වෙලා...... ඒ වෙනස ගැන ඇය ඉකුත් දින පුවත්පත් හමුවක් හා එක් වෙමින් ප්‍රථම වතාවට ඒ ගැන කතා කර තිබුණා.

පියුමි මේ දවස්වල වැඩි සද්ද බද්දයක් නැතිව සිටියත් නුදුරේදීම ඒ කියන්නේ තව ටික දවසකින් සද්ද බද්ද ඇහෙයි. මොකද මේ දවස්වල පියුමි ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඇය නිතර නිතර දකින්නට නොලැබුණත් පියුමිගේ ජනප්‍රියත්වය්ට නම් තවම කිසිදු හානියක් වෙලා නෑ.... ජනප්‍රියත්වය කෙසේ වෙතත් පියුමිගේ පෞද්ගලික ජිවිතයේ නම් ලොකු වෙනසක් ඇති වුණා.

"ජීවිතේ ලොකු වෙනසක් වුණා. ඒක ඇත්ත. මට දික්කසාදය ලැබුණා. ඒත් ළඟකදී නම් නෙවෙයි, දැන් ටික කාලයක් වෙනවා. දික්කසාද වුණු බව වසන් කරන්න මට කොහෙත්ම තිබුණෙ නෑ......

මෙච්චර දවසක් මාධ්‍යයෙන් කිසිම කෙනෙක් විවාහය, දික්කසාදය ගැන කෙළින් ඇහුවෙ නෑ.... වටින් ගොඩින් අහන ප්‍රශ්නවලට පැනලා උත්තර දෙන්න ඕනෑ නෑනේ....."


රටටම පේන්න මඟුල් කාලා අන්තිමට විවාහය දෙදරලා යද්දී  පියුමිට දැනුණු දේ.
"රටටම පේන්න, නමට විතරක් දීග කනවාට වඩා කතාබහ කරලා වෙන් වෙන එක දෙන්නටම හොඳයි. කාල බලලා මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ නෑ නේ..... ජීවත් වෙනකොටනේ ප්‍රශ්න ඇතිවෙන්නේ."

විවාහ වෙන්න කළින් චමල් (සැමියා)ගැන දැනගෙන හිටි දේ.
"ඒක යෝජිත විවාහයක්. වෙඩින් එකට දවස් දහයකට කලින් තමයි චමල් ලංකාවට ආවේ. ඊට කලින් අපි  කතා කරලා තිබුණා. මාස තුනක විතර ඇසුරක් අපි අතර තිබුණේ."

චමල්ගෙන් දික්කසාද වෙන්න තරම් සාධාරණ හේතුව.

"දෙපැත්තට වෙලා මඩ ගහගන්න අපිට ඕනෑ නෑ....... වෙච්ච දේ වුණා. දැන් ඒක ඉවරයි. දැන් චමල්ගේ අඩුපාඩු කිව්වා කියලා වෙච්ච වැරැදි හදාගන්න බෑනේ. අපි අතර නොගැළපීම් නිසා ප්‍රශ්න ඇති වුණා. ඒ ප්‍රශ්නවලට විසඳුම් පේනතෙක් මානෙක නැති නිසා අපි කතා කරලා වෙන් වුණා."

පියුමිට දරුවෙක් ඉන්නවා කියන කතාව.
"ඕක එක්තරා රූපවාහිනි නාළිකාවක අපිව බයිට් කරන වැඩසටහනක මගේ ආදරය ඉල්ලන මුවාවෙන් මාව බයිට් කරන්න හදනකොට මම කියපු කතාවක්. දවසෙන් දෙකෙන් දරුවො ලැබෙන්නෙ නෑනේ...... එහෙනම් මම මාස නවයක් හැංගිලා ඉන්න ඕනෑනේ. ඒත් මම පේන්න එළි පහෙළියෙ හිටියානේ....."



ගින්නක් නැතිව දුමක් නඟී ද....?
"අපේ සාර්ථකත්වය දරාගන්න බැරි සමහර අපේම අය අපිට මඩගහනවා. අපි මේ ක්‍ෂේත්‍රයට පයගැහුවෙ පිළිවෙළකට. සමහරුන්ගේ තනියට ඇවිත් අද නිළියො වෙලා ඉන්න අයත් ඉන්නවානේ. එහෙම කෙනෙක්ට තමයි මාව නැත්තටම නැති කරලා දාන්න ඕනෑ වුණේ. ඒ යොදපු උපක්‍රමයක් තමයි ඔය මං ගැන පැතිරුණ කතා. ඒවට උල්පන්දම් දෙන පිරිසකුත් ඉන්නවානේ. ලුණු ඇඹුල් දාලා ඉතුරු ටික ඒ අයම රසවත් කරනවා.

මම හැමෝටම චෝදනා කරන්නෙ නෑ..... සිද්ධියට අදාළ එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරයි චෝදනා කරන්නේ. තොප්පිය හරි අය දාගනීනේ."

වෙච්ච දේවල් එක්ක පියුමි අයෙමත් "ආදරය" කරයි.
"පියුමි කියන්නේ අවංක ආදරයට හුඟාක් කැමැති කෙනෙක්. මගේ ජීවිතේටත් සැබෑ ආදරයක් ඕනෑ.......

ආදරවන්තියක් විතරක් නෙවෙයි මට හොඳ අම්මා කෙනෙක් වෙන්නත් ඕනෑ...... අම්මා කෙනෙක් වෙන්න කලින් පෙම්වතියක්, බිරියක් වෙන්න ඕනෑනේ. ඒත් ඒකට උත්තර මම දැන්ම කියන්නෙ නෑ......"

රෑ වැටුණු වළේ දවල් වැටෙයිද?
"එකපාරක් වැරැදුණාට දෙවැනි පාර එහෙම නොවේවි කියලා හිතනවා. එහෙම නොවෙන්න කියලත් මම අදහන දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලනවා....

මගේ ජීවිතේ එක බුදුන් සහ බුදු දහම. ආගම දහමට මම ඔයාලා හිතනවාට වඩා නැඹුරුයි. හැබැයි ලෝකෙට පේන්න නෙවෙයි."






*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya