Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ප්‍රියංගිකා සෞදි මන්ද මානසිකයෙකු අතින් අතවරයට ලක්වන හැටි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ප්‍රියංගිකා සෞදි මන්ද මානසිකයෙකු අතින් අතවරයට ලක්වන හැටි

rash

පපුවට කම්බි
කූරක් යවලා....
කනට සබන්
කුඩු දාලා
ගෑරුප්පුවෙන්
අනිනවා.........

දිඹුලාගල පැලෑටියාව අංක 188 ලිපිනයේ පදිංචිව සිටි එච්.ජී. නිලන්ති ප්‍රියංගිකා තිදරු මව සෞදි අරාබියේ ගෘහ සේවයට පිටත් වූයේ 2013 මාර්තු 16 වෙනිදා ය. අවුරුදු 16, 18 වයසේ පසුවන දැරියන් දෙදෙනකු සහ අවුරුදු 21ක් වයසැති පුතකු තම මවට භාර කරමින් දුරු කතරේ රැකියාවක් සොයා ගිය නිලන්ති ප්‍රියංගිකා මෙරට දී මෙන්ම එරටදී ද අවාසනාවන්ත තත්ත්වයන් කිහිපයකට මුහුණපෑවා ය.

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරියක් වශයෙන් දිඹුලාගල ප්‍රදේශයේ කලක් සේවය කර ඇති "නිලන්ති ප්‍රියංගිකා" නොකළ වරදකට ඇයගේ රැකියාව ද අහිමි විය. මීට වසර හතකට පෙර ඇගේ සැමියා ද ඇය සහ දරුවන් අතහැර යෑමත් සමග නිලන්තිට දරුවන් වෙනුවෙන් පියකුගේ වගකීම ද ඉටු කිරීමට සිදුවිය. මෙම තත්ත්වය නිසාම නිලන්ති කුලියට වැඩට ගොස් දරුවන්ගේ ‍පෝෂණ කටයුතුවලට මෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දහඩිය කඳුළු හෙළන්නට වූවා ය.

තිබූ සියලු සේසත කන කරාබු බැංකුවට උගසට තබමින් ලබාගත් මුදලින් දරුවන්ගේ අධ්‍යාපනයට වැය කළා ය. බැංකුවලින් ණය ලබා ගනිමින් තම දරුවන් ‍පෝෂණය කර අධ්‍යාපනය ලබාදීමට තරම් මව් සෙනෙහස දෝරේ ගැලූ ප්‍රියංගිකා තම ණය බරින් නිදහස් වීමටත් ස්ථිර නිවසක් ඉදිකර ගැනීමටත් රට යෑමට ඒකමතිකව තීරණය කළා ය.

හතර වටේම ණය වී සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය නිලන්ති ප්‍රියංගිකා නොසිතූ නොපැතූ දුක් කම්කටොළු රැසකට මැදි වූවා ය.

2013 ජූලි මස දක්වා පමණක් වැටුප් ගෙවා ඇති ප්‍රියංගිකාට මේ වනවිට නිවෙස් හිමියන් වැටුප් ලබා නොදී විවිධ වධ බන්ධනයන්ට ලක් කරමින් වැඩ ගනිමින් සිටින බව කියයි.

"අපිව කුඩා කා‍ලේ තාත්තත් දාලා ගියා. අපිව ජීවත් කරවන්න අම්මත් රට ගියා. දැන් අපි ඉන්නේ මහවැලි නිවාසයක. ඒකේ කුලිය ගෙවන්න බැරි වුණු නිසා අපිට නඩු දාලා. මහවැලියෙන් ඒ නිවස ගත්තොත් අපිට යන්න තැනක් නැහැ. නංගි තවමත් ඉගෙන ගන්නවා. අයියා කුලියට වැඩට යනවා. 

අම්මා ඉඳලා හිටලා මට දුරකතනයෙන් කතා කළොත් කියන්නේ කොහාම හරි ලංකාවට ගෙන්වා ගන්න කියලා. අම්මට කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැලු. අපිටත් එයා කතා කරන්නේ හොරෙන් ගෙදරින් පිටට ගිහිල්ලා.


ඒ ගෙදර මන්ද මානසික අයෙක් අම්මට නිතර ගහනවලු. අම්මා ලංකාවට ගෙන්වා ගන්න බැරි නම් මැරෙනවා කියලා මට කෝල් කරනවා. අපි මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළා. ඒ අය කියන්නේ මුදල් ගෙවන්න ගෙන්වලා දෙන්නම් කියලා. මමයි, අයියයි 12 වරක් විතර විදේශ සේවා එකට ගියා. ඒත් තවම අම්මා ගෙන්වා ගන්න බැරිවුණා.

අපි මේ ගැන සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජනාධිපතිතුමාටත් ලිඛිතව දැනුම් දුන්නා. එතුමන්ලා විදේශ සේවා නියුක්ති කාර්යංශයට යවපු ලිපිවල පිටපත් අපිට එවලා තිබෙනවා. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් අපේ අම්මා ලංකාවට ගෙන්වා ගැනීමට තවම වැඩපිළිවෙළක් කරලා නැහැ.
අපේ අම්මා මොනවා හරි කරගෙන ජීවිතය විනාශ කර ගත්තොත් අපි මොනවා කරන්නද?"
නිලන්ති ප්‍රියංගිකාගේ දියණිය නිල්මිණී සුභාෂීණී හැඬු කඳුළින් එලෙස පැවැසුවාය.

"අපේ අම්මා හැම අතින්ම අසරණ වෙලා, අම්මාගේ කකුලට කම්බි කූරු ගහලා. කනට සබන් කුඩු දාලා...... අම්මා හොඳටම දුක් විඳිනවා. අම්මට හරියට කෑම වේලාවත් දෙන්නේ නැහැලු.
කකුල්වලට රෙදිපටි ගැට ගහගෙන එයා දුක් විඳ විඳ වැඩ කරත් මාස ගණනකින් වැටුප් දීලා නැහැ කියලා මට කෝල් කරනවා.

අපි මොනවා කරන්නද කියන්න ඕනේ ලියන්න ඕනෑ හැමෝටමත් අපි ලිව්වා. අම්මා බැරිම තැන මේ ගැන මාධ්‍යයට දැනුම් දීලා හරි ලංකාවට ගෙන්වා ගන්න කීවා. අනේ විදේශ කටයුතු පිළිබඳ ඇමැතිතුමනි, ජනාධිපතිතුමනි: අපේ අම්මා ජීවිතය විනාශ කර ගන්න පෙර අපි ළඟට ගෙන්වලා දෙන්න කටයුතු කරන්න. පිං සිද්ධ වෙයි. ඩබ්ලිව්. නිල්මිණී සුභාෂිණී දියණිය දෙනෙතින් ගලා එන කඳුළු දෑතින් පිසලමින් ඉල්ලීමක් කළාය.

 "අනේ මගේ රත්තරං දුවේ මේ ගෙදර අය මගේ කකුල් දෙකටම කම්බි කූරු අටක් බස්සලා. පපුවේ පැත්තකටත් කම්බි කූරක් යවලා. කනට සබන් කුඩු දානවා. ගෑරුප්පුවෙන් කනට අනිනවා. මට දසවධ දෙනවා. 

මාව ලංකාවට ගෙන්වා ගන්න බැරි නම් මට මැරෙන්න තමා වෙන්නේ. පුළුවන් ඉක්මණින් මාව ලංකාවට ගෙන්වා ගන්න දුවේ...."

දිඹුලාගල පැලෑටියාවේ සිට සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටින 39 හැවිරිදි තිදරු මවක වන එච්.ජී. නිලන්ති ප්‍රියංගිකා තම නිල්මිණී සුභාෂිණී දියණියට හැඬු කඳුළින් දුරකථන ඇමතුමකින් කළ කතාවේ කොටසකි ඒ.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya