Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සමනලීගේ වසර හයක ප්‍රේමය බිදිලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සමනලීගේ වසර හයක ප්‍රේමය බිදිලා

rash

එයා මැරුණේ
මං හින්දා...
මට ඒක 
තදින්ම දැනුණා....

ටෙලි හා සිනමා ක්ෂේත්‍රයේ යොවුන් නිළියන් අතුරින් කෙනෙකි. සමනලී ෆොන්සේකා. ටෙලි කරලියේ ඇය එතරම් දක්නට නොමැති වූ නමුත් ඇය ද ජනප්‍රිය නිළියකි. සමනිලිගේ මතකයේ රැදී තිබෙන්නේම ඇය මවගෙන් කිරි බිව්ව හැටිලු.... මොකද සමනලී ගොඩක්කල් යනකල් ඒ කියන්නේ ඇයට වසර 06ක් යනකල් සමනලී අම්මාගෙන් කිරි බීපු බබෙක්ලු.... ඉතින් ඔන්න ඔය විදිහට සමනලී එයාගේ දඩබ්බර වැඩ ගැනත්, තනි මතේට ගත්තු තීරණ ගැනත් තවත් විස්තරත් කිව්වේ මේ විදිහට ය.


"ඉස්කෝලේ ගියේ කැලණියේ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයට. මං හරි ආසාවෙන් ගියේ. බෑග් එක, සපත්තු දෙක ඔක්කොම මම තමයි තේරුවේ. මගේ සයිස් එකට සුදු සපත්තු තිබුණේ නෑ..... මොකද මම චූටියි ගොඩක්. අන්තිමට සපත්තු දෙකක් හදවන්න වුණා.

A/L පන්ති යනකොට එකපාරටම මම ගියපු බස් එකේ බ්‍රේක් නැති වුණා. ඩ්‍රයිවර් කෑගැහුවා හයියෙන් අල්ලගන්න කියලා. ඊට පස්සේ බස් එක ගියපු වේගෙටම කණුවකට හේත්තු කළා. වාසනාවකට කාටවත් කරදරයක් වුණේ නෑ.....

මතක ඇති කාලෙක ඉඳලා මං ගත්තේ තනි තීරණ තමයි."

වරදකට දඬුවම්.
"පුංචි කාලේ ඉඳලා මං පිටි කිරි බොන්නේ නෑ...... අදටත් එහෙමයි. ඔන්න ඉස්කෝලේ යද්දී 02 පන්තියේ දී අපිට කිරි පැකට් එකක් දෙනවා. ඒත් මං බොන්නේ නෑ..... මැඩම් මට බලෙන් පොවන්න හැදුවා. ඒත් බිව්වේ නෑ කියලා රූලකින් අතට ගැහුවා. ඊට පස්සේ අම්මා ඉස්කෝලෙට ඇවිත් කිව්වා ඒ ළමයා කිරි බොන්නේ නෑ කියලා."

අත්වැරැද්දක්.
"දවසක් අම්මා මාව ලොකු අම්මාගේ ගෙදර නවත්තලා පොඩි අයියාව එක්කරන් එන්න පන්තියට ගියා. මාව දාලා ගියපු නිසා මට හරි කේන්තියි. ඒ දවස්වල මම ලේනෙක් හැදුවා. ඉතිං ලේනා බලන්න ඕන කියලා අර තරහටත් එක්ක මම ඇඬුවා.

කොහොමහරි ගෙදර ඇවිත් ලේනාව අරගෙන ආයෙත් ගියා. ලොකු අම්මලාගේ ගෙදර හිටපු අයියා කෙනෙක්ගේ අතින් ලේනා පැනලා ගිහින් කරන්ට් වයර් එකක පැටලුණා. මට තාමත් දුකයි එදා ලේනා මැරුණේ මම නිසා කියලා......"

වියෝදුක.
"මම අවුරුදු 06ක් විතර ප්‍රේම කළා. ඒ සම්බන්ධය කැඩුණ එක මට ලොකුවටම දැනුණා."

ජයග්‍රාහී හැඟීම.
"කොළඹ විශ්වවිද්‍යාලයට මාව ඉතාම ඉහළින් තේරී තිබුණා. එදා මට ලොකු සතුටක්."

පරාජිත හැඟීම.
"ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ඇයි මම මෙහේ ඉන්නේ කියන හැඟීම ආවා. ඒ නිසා තමයි මම ලංකාවට ආවේ."

ගෙදරට හොරා දුර ගමනක්.
"මම, චරිත්, ඉන්ද්‍රචාප, කසුන් කල්හාර, නදී කම්මැල්ලවීර, රුක්‍ෂාන් අපි හයදෙනා කොළඹ ස්ටේෂන් එකට සෙට්වෙලා නුවර යන ට්‍රේන් එකක නැග්ගා. හරියට කොහේද යන්නේ කියලාවත් දන්නේ නෑ.....

ත්‍රීවීල්වල නැඟලා එක එක්කෙනාගෙන් අහගෙන අන්තිමට අයිවරි අයිලන්ඩ් කියලා පුංචි දූපතකට ගියා. එහෙදි සින්දු කියලා හොඳටම විනෝද වුණා. මේ A/L කරපු අලුතම වගේ. ගෙදර එද්දී හොඳටම රෑ වෙලා. මට මතක ගෙදරින් ගුටිකෑවා කියලා තමයි."

වංචාවක් කරන්න ගිහින් මාට්ටු.
"චූටිනැන්දගේ (දමයන්ති ෆොන්සේකා) එක එක ක්‍රීම් ජාති හොරාට ඇඟේ ගාගන්න ගිහින් අහුවෙලා තියෙනවා. තව තාත්තාගේ කැටෙන් සල්ලි අරගෙනත් අහුවුණා."

පිරිමි ළමයෙක් ගැන ආකර්ෂණයක්.
"මම 9 පන්තියේ ස්කූල් වෑන් එකේ ගියපු පිරිමි ළමයෙක්. හැමෝටම පෙම්වතුන් ඉන්නවා කියලා දැනුණ නිසා මටත් කෙනෙක් හිටිය නම් කියලා හිතිලා තමයි හැඟීමක් ආවේ. හැබැයි ඉතිං වෑන් එකේ යනකොට අත වනනවා විතරයි."

ලැබුණ ආදරණීයම තිළිණය.
"දවසක් රෑ තාත්තා මට හොඳටම ගැහුවා. පහුවැනිදා උදේම වැඩට ගිහින් එද්දි තාත්තා මට ලස්සන හෑන්ඩ් බෑග් එකක් ගෙනාවා, එයාට දුක හිතිලා. මට ඒක ලොකුම ලොකු තෑග්ගක් වගේ දැනුණා. තාත්තා මට කොයිතරම් ආදරේද කියලත් හිතුණා."

මුණ ගැහුණ විශ්වාසවන්තම පුද්ගලයා.

"කෞෂල්‍ය කුමාරසිංහ."

අහපු පිළිකුල් සහගතම කට කතාව.
"තාම නෑ නේද....? සමහර විට එහෙම එකක් ඉස්සරහට හැදෙයි."

සැබෑ කරගන්න කැමැති හීනය.

"මං ආසයි පැරිස්නුවර වීදියක ඇවිදගෙන යන්න."
 




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya