Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බලාගෙනයි! ඒඩ්ස් පතුරුවන ගණිකාවන් රට පුරා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බලාගෙනයි! ඒඩ්ස් පතුරුවන ගණිකාවන් රට පුරා

rash

ඒඩ්ස් මර්දන
ව්‍යාපාරයෙන්
රතු එළියක්

ඒඩ්ස් මර්දන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොකළහොත් 2020 වනවිට HIV ආසාදිත රෝගීන් 1,60,000ක් පමණ විය හැකි යැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ ගාල්ලේ පැවැති වැඩමුළුවක දී සිසිරි ලියනගේ මහතා එම අදහස් පළ කෙළේ ය.

මාධ්‍යවේදීන්, සෞඛ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා නායකයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීහු රැසක් වැඩමුළුවට සහභාගි වූහ. මේ වර්ෂයේ පසුගිය කාර්තුවේ ඒඩ්ස් රෝගීන් 69ක් හඳුනාගෙන තිබෙන අතර ගතවූ වසර 25ක කාලය රෝගීන් 1,808 දෙනකුට ප්‍රතිකාර කර තිබේ. ලංකාවේ දැනට තිබෙ

න්නේ අනියම් සබඳතා, පිරිමි - පිරිමි, ගැහැනු - ගැහැනු අතර සිදුවන සමලිංගික සේවනය, එන්නත් කටු මඟින් මත්ද්‍රව්‍ය ශිරාගත කිරීමේ දී HIV ආසාදනය විය හැකි ක්‍රමයන් ය.


ලිංගික වෘත්තියේ නියැළි කාන්තාවන් (ගණිකාවන්) 20,000ක් පමණ සිටින අතර ඔවුන් ස්ථානගත වී වෘත්තියේ යෙදෙන ප්‍රමාණය අඩුය. ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන, කැරෝකේ, සමාජශාලා ආශ්‍රිතව ඔවුන් සිය වෘත්තියේ නිරතවීම දක්නට ලැබෙනවා.

ලංකාවේ මත්ද්‍රව්‍ය එන්නත් කටු මඟින් ශිරාගත කිරීම 2%ක ප්‍රමාණයක පවතියි. එමෙන්ම එය සමහර ප්‍රදේශවල වැඩිවීමක් පෙන්නුම් කරනවා. 2010 වනවිට එසේ මත්ද්‍රව්‍ය භාවිතය 45,000ක් පමණ වෙනවා. 2012 වසරේ ඒඩ්ස් ආසාදිතයන් 165ක්. එයින් ළමයි 12 දෙනකු සිටින අතර 6 දෙනකු HIV ආසාදිත රෝගී තත්ත්වයේ පසුවෙනවා. පිරිමි - පිරිමි ලිංගික ක්‍රියාවලියේ යෙදීම, 2010 අද වනවිට 24,000 සිට 37,000 දක්වා වැඩි වී තිබෙනවා.]

විදෙස් සංක්‍රමණිකයන් සමාජ ජාල Facebook අන්තර්ජාල වැනි දෑ තුළින් හදුනාගෙන අනියම් ලිංගික ක්‍රම භාවිතයට නැඹුරුවීමට හේතු වී තිබේ. එමෙන්ම පිරිමි - පිරිමි ඇසුරෙන් HIV ආසාදනය වීමේ ප්‍රවණතාව කාන්තා - කාන්තා ඇසුරට වඩා වැඩි වීමක් පෙන්නුම් කරයි. එයට හේතු වී ඇත්තේ ලිංගික ඉන්ද්‍රියන් නොවන මාර්ග භාවිතයෙන් ඩ්ධ්ඍ ඍජුවම ආසාදනය වීමට බලපානු ලැබේ.

2013 වසරේ HIV රෝගීන් 484 දෙනකු ප්‍රතිකාර ගෙන තිබේ. HIV ආසාදනය වීමෙන් වසර 9 - 10ක කාලයක් යන තෙක් හඳුනා ගැනීමට නොහැකිය. එම නිසා සමාජය මේ පිළිබඳව දැනුම්වත් කිරීම තුළින් ඩ්ධ්ඍ ආසාදිත තත්ත්වය පාලනය කළ හැකි වේ. සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය යන රටවල් 2ක පමණක් සමලිංගික සේවනය නීතිගත කොට තිබේ.

-කුමාර මල්වැන්න-

  
Lanka e gossip News

Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya