Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නයිට් ක්ලබ් යන මෙනකාට වැරදුණු තැන

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නයිට් ක්ලබ් යන මෙනකාට වැරදුණු තැන

rash

මම හැමදාමත්
පරාජිත 
පෙම්වතියක්.....

මේනකා මධුවන්ති දක්ෂ නර්තන ශිල්පිනියක සේම රංගන ශිල්පිනියකි. දෙරණ ‘City of dance’ වැඩසටහනින් පසු මේනකා මේවනවිට චිත්‍රපට හා ටෙලිනාට්‍ය කීපයකටම රංගනයෙන් දායක වී ඇත. 

මේනකා මධුවන්ති මේ දිනවල දැවැන්ත සිනමා නිර්මාණයක් හා සම්බන්ධව සිටින්නී ය.මේ දවස්වල ඒ සුවිශේෂී රංගන කටයුත්ත නම් "සනත් අබේසේකර" විසින් අධ්‍යක්ෂණය කරන "අජාසත්ත" චිත්‍රපට යි. මෙම සිනමාපටයේ දී මේනකා නිරූපණය කරන්නේ එහි එන "බදිරවතී" ගේ චරිත යි.

මෙතෙක් ඇගේ රංගන ජීවිතය තුළ දී මේනකාට ලැබුණු හොඳම අවස්ථාව ද මෙය වේ . මෙම චිත්‍රපටය බෞද්ධ ඉතිහාසය ඇසුරින් නිර්මාණය කෙරෙන කතා පුවතකි. මෙවැනි චිත්‍රපටයක රඟපාන්න ඇයට අවස්ථාව ලැබීමත් එක්තරා භාග්‍යයකි. නර්තනයෙන් රංගනයට පිවිසි මේනකා සැහැල්ලුවෙන් හිතන, හැමෝම එක්ක හොඳින් ඉන්න කැමැති කෙනෙක්ලු... ඇගේ අතීතය මෙන්න වර්තමානය පිළිබදවත්, ආදරය ගැනත් මේනකා පවසා තිබුණේ මේ විදිහට ය.



"පහුගිය දවස්වල නටන්න ගිහින් හිත රිදවා ගත්තා. දෙරණ සිටි ඔෆ් ද ඩාන්ස් විතරක් නෙවෙයි සුපර් ස්ටාර්වලදිත් මගේ හිත රිදුණා. ඒක හැම වෙලාවෙම වෙන දෙයක්... මං හිතන්නේ ඒ මගේ ලැබීම වෙන්න ඇති. නිළියක් වෙලා නම් අවුරුදු දෙකක් විතර ඇති. රංගන ක්‍ෂේත්‍රයට ඇවිත් නම් අවුරුදු හතරක් විතර ඇති.

අලුතෙන් ක්‍ෂේත්‍රයට එන ජනප්‍රිය වී මාව පසුකරගෙන යනවාට ඉරිසියාවක් නෑ.... මට මං ඉන්න තැන ගැන සතුටුයි.


ක්ෂේත්‍රයේ දී නම රැකගන්න එක ලේසි නෑ... මම නම රැකගෙන ඉන්නේ කියල මම හිතනවා... මොකද මම නම කැත වන වැඩ කරලා නෑ.....

මම රණ්ඩුවලට පැටලුනෙත් නෑ..... වෙච්ච අය ඒ ගැන හරියට දන්නවානේ. ඒක මෙහෙම වෙන්නේ මගේ අපල කාලයක්ද කොහෙද? ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා ගහමරා ගන්න එක කොහෙත්ම හොඳ නෑ... එත් වෙච්ච දේ වුණා... ඉස්සරහට ඒ වගේ දේවල් නොවෙන විදියට වැඩ කරන එකයි හොඳ.

යහළුවන්ගේ කොන්ත්‍රාත්වලට අත දාන්න ගියේ නෑ... අහක තියෙන ප්‍රශ්නයක් මගේ ඇඟට ආවා...

තිරයේ හොඳම පෙම්වතා ගැන හරියටම කියන්න බෑ හැමෝම හොඳයි. ඒත් මම හැමදාමත් තිරයේ පරාජිත පෙම්වතියක්.

ඒත් මම තිරයෙන් පිට එක නළුවෙක්ට ආදරේ කළා. ඒත් හීනෙන්වත් ඒ වගේ ආදරයක් නම් එපා...
සැබෑ ආදරය හරිම සුන්දරයි... ඒ සුන්දරත්වය දැන් මම අත්විඳිනවා. මම දැන් සුන්දර ආදරවන්තියක්. ඒ ආදරවන්තයා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි. වැඩි විස්තර පස්සේ කියන්නම්.

නිතරම Night Club යන්නේ නෑ..... ඒත් යනවා. වැරැද්දක් කරන්න Night Club  යන්නම ඕනෑ නෑ... Night Club  නොගිහින් වැරැදි වැඩ කරන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේම Night Club ගිහින් වැරැදි නොකරන අයත් ඉන්නවා. 


ජීවිතේ කරපු මම කරපු ලොකුම මෝඩකම, අනෙක් අයව ඕනෑවට වඩා විශ්වාස කිරීම. නොගැළපෙන අය ආශ්‍රය නිසා මට ප්‍රශ්න ඇති වුණා. වැරැද්දක් හදාගන්න අවස්ථාවක් ලැබුණොත් මම මගේ ජීවිතයෙන් ඒ වැරැද්ද මකලා දානවා."
 


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya