Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කත්‍රිනා කුල ගෙට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කත්‍රිනා කුල ගෙට

rash

රන්බීර්ගේ 
යෝජනාවට 
එකපයින් 
කැමතිවෙලා....

එවකට හින්දි සිනමාව වර්ණවත් කළ දැවැන්ත සිනමාකරු රාජ් කපූර් ගේ මුනුපුරු මිනිබිරියන් අද බොලිවුඩ් සිනමාව තව තවත් ඔප් නංවන අයුරු කිසිවෙකුට වසන් කරන්නට බැහැ. මේ යොවුන් කපූර් පරපුරේ අද වන විට වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ කරීනා කපූර් සහ රන්බීර් කපූර්. කරීනා ගේ පියා රන්ධීර් කපූර්. ඔහු, රාජ් කපූර් ගේ වැඩිමල් පුත්‍රයායි. රන්බීර් ගේ පියා රිශි කපූර්. ඔහු, රාජ් කපූර් ගේ දෙවැනි පුත්‍රයායි.

බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටින රන්බීර් ගැන මෑතක දී නොයෙකුත් කතන්දර මාධ්‍යවල පළවෙන්න පටන් ගත්තේ රන්බීර්, ඔහුගේ පෙම්වතිය වූ බොලිවුඩයේ ජනප්‍රිය නිළි කත්‍රිනා කායිෆ් සමඟ ස්පාඤ්ඤයේ මුහුදු වෙරළක ප්‍රසිද්ධියේ පෙමින් වෙලුනු ආකාරය දැක්වෙන ඡායාරූප වෙබ් අඩවි පුරා පැතිර යාමෙනි.


ඉන් පසු කත්‍රිනා, රන්බීර් පෙම්හුටපටය ප්‍රසිද්ධ වීමත් සමගම රන්බීර්ගේ පියා මෙයට දැඩි සේ විරුද්ධත්වය පළකර තිබුණි. පියාගේ ගැරහුම් මැද්දේ රන්බීර්ගේ සොහොයුරියක වූ බොලිවුඩ් නිළි කරීනා ඔහුගේ ආදරය ජය ගන්නට රන්බීර්ට උදව් කළා.

කෙසේ හෝ රාණි මුකර්ජිත් මෑතක දී විවාහ වුවා. ඒ විවාහයේ උණුසුම යන්නටත් කලින් දැන් මේ නළු නිළි දෙපළක් විවාහ වෙන්න යනවා කියලා අපට ආරංචි වුණා. අභිෂේක් - අයිශ්වර්යා, කරීනා - සායිෆ් වගේ මේ දෙන්නත් බොලිවුඩ්වල ජනප්‍රියම තරු දෙකක්. ඒ තමයි කත්‍රිනා කයිෆ් හා රන්බීර් කපූර් දෙන්නා. මේ දෙන්නගේ ආදර කතාව රට්ටුන්ට අලුත් කතාවක් නෙවෙයි.

ඒත් ඔවුන් විවාහ වෙන යන කතාව නම් අලුත් මොකද බොලිවුඩ් වල අද තියෙන තත්වය හෙට දක්නට ලැබෙන්නේ නැහැනේ.

ඒත් මේ දෙන්නාගේ ආදරයට විවාහය වෙන තෙක්ම ආයුෂ තිබීම ගැන හුඟාක් අය සතුටු වෙනවා. දැනගන්න තියෙන විදියට රන්බීර් කපූර්ගේ විවාහ යෝජනාවට කත්‍රිනා එක පයින් කැමැති වෙලාලු. ළගදීම විවාහ උත්සයත් ගනීවි.




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya