Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පෙම්වතුන් තරහා වුනාම බොරු ෆේස් බුක් එකවුන්ට් එකක් හදාගෙන අනිකාට මඩ ගහනවා.

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පෙම්වතුන් තරහා වුනාම බොරු ෆේස් බුක් එකවුන්ට් එකක් හදාගෙන අනිකාට මඩ ගහනවා.

rash

ශ්‍රී ලංකාවේ මේ වනවිට ෆේස් බුක් ගිණුම් විසි ලක්ෂයක් පමණ තිබෙන අතර එම සමාජ වෙබ් අඩවි ජනප්‍රිය වීමත් සමග ඒවා යොදා ගනිමින් කෙරෙන අපරාධ වැඩි වීමක් ද දක්නට ලැබෙයි.

2013 වසරේ දී ෆේස් බුක් සමාජ ජාලය සම්බන්ධ පැමිණිලි 1200 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

තමන්ට ලැබුණු පැමිණිලිවලින් බොහොමයක් අන් අයගේ නමින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වූ බව, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ජ්‍යෙෂ්ට ඉංජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත මහතා  ප්‍රකාශ කළේය.

විසඳුමක් තියනවා !

"අපට ලැබෙන බොහොමයක් පැමිණිලිවලින් කියවෙන්නේ, ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යාම් ගැන. කවුරු හරි කෙනෙක් අනුන්ගේ නම සහ පින්තූර පාවිච්චි කරමින් ගිණුම් පවත්වා ගෙන යාම. ඒ සඳහා ෆේස් බුක් වෙබ් අඩවියෙන් ම දැන් විසඳුමක් ලබා දී තිබෙනවා. 


එලෙස ව්‍යාජ ගිණුමක් පවත්වා ගෙන යනවා නම් ඔබට සහ ඔබේ මිතුරන්ට පුළුවන් ඒ ගැන ෆේස් බුක් අඩවියට වාර්තා කරන්න, එවිට කරුණු සලකා බලා එම ව්‍යාජ ගිණුම් ඉවත් කරන්න ඔවුන් කටයුතු කරනවා" රොෂාන් චන්ද්‍ර ගුප්ත මහතා පවසයි.

මිතුරු සමාජ

තම ආයතනයට ලැබුණු පැමිණිලි වලින් 90% වඩා විසඳා දීමට හැකි වූ බව පවසන රොෂාන් චන්ද්‍රගුප්ත මහතා, මිතුරු හවුලට මිතුරන් නොවන පුද්ගලයන් එක් කර ගැනීම ප්‍රශ්න ඇතිවීමට හේතු වන බව පෙන්වා දෙයි.

වාර්තා වන පැමිණිලි වලින් බහුතරයක් ආදර සම්බන්ධතා බිඳ වැටීමත් සමග ඇති වන තත්වයක් බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතාගේ  අදහසයි. 


“ලැබෙමින් ඇති තොරතුරු වලින් වලින් තේරෙන්නේ, පෙම්වතුන් අතර කුමන හෝ අමනාප සහිත තත්වයක් ඇතිවුන විගස එක පාර්ශවයක් අනිත් පාර්ශ්වය සම්බන්ධයෙන් ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් පටන් ගෙන එම පාර්ශ්වය අපහසුතාවයකට පත් කිරීමට කටයුතු කරන බවයි. " රොෂාන් චන්ද්‍රගුප්ත වැඩි දුරටත් පවසයි.

ආගම්වලට එරෙහිව :

ආගමවලට එරෙහිව අසත්‍ය සහ වැරදි ප්‍රචාර ගෙන යාම සඳහා පසුගිය කාලයේ ෆේස් බුක් අඩවිය යොදා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට වූ හෙයින් ඒවා වැළැක්වීමට ගත හැකි පියවර තිබේ දැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් , පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ජ්‍යෙෂ්ට ඉංජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත මහතා කියා සිටියේ,එවන් අවස්ථාවල ෆේස් බුක් සමාජ අඩවිය කටයුතු කරන්නේ, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිපත්ති මත බවයි.

ආණ්ඩුවේ අඩවි ‘හැක්'කිරීම

ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවිවල ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයයි. ආණ්ඩුව විසින් පවත්වා ගෙන යනු ලබන වෙබ් අඩවි පවා පසුගිය දා ආක්‍රමණය කරනු ලැබීම් සබන්ධයෙන් අදහස් දක්වන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ට තොරතුරු ආරක්ෂක ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත මහතා.

“මේ වසර තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වෙබ් අඩවි ගණනාවකට අනවසරයෙන් ඇතුල් වීම් සිදු වුනා. අන්තර්ජාල භාෂාවෙන් කිව්වොත් ‘හැක් ’කිරීම් සිදු වුනා. එහෙත් ඒවා සංවිධානාත්මක ක්‍රියා නොවෙයි”

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකාවේ අන්තර්ජාල තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට පිහිටුවා ඇති ආයතනයක් වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya