Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පැණි හැළියට කූඹි වහන්නේ මෙහෙමයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පැණි හැළියට කූඹි වහන්නේ මෙහෙමයි

rash

දකුණු
පළාතේ
මීළඟ
මහ ඇමති
මම.......

බෙන්තර ඇල්පිටිය ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා 'ගීතා කුමාරසිංහ' එළබෙන දකුණු පළාත් සභාවේ ඊළඟ මහ ඇමති තමන් බව පවසා අපුරු කතාවක් ඉදිරිපත් කර තිබේ. ඇය මේ බව පවැසුවේ තවලම ජාතික පාසලේ දී පැවැති පෙර පාසල් උත්සවයකදී ය.

එහි දී එසේ පැවසු ගීතා කුමාරසිංහ, ඉදිරියේ දී බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවන බැවින් ඇය ද දකුණු පළාත් සභාවට තරග කරලා ජයග්‍රහණය අත්කර ගන්නවා සේම එහිදී දකුණේ පළාතේ මහ ඇමැතිනිය වන්නේත් ඇය බව පැවසුවා ය.


"මම දැන් මන්ත්‍රිවරියක්වත් නොවේ. මම දේශපාලනයට පැමිණියේ හරි හම්බකර ගන්න නොවේ. මම හම්බකරගත්ත දේත් ජනතා සේවයට යොදවන කෙනෙක්. මට තිබෙන දේත් නැති කර ගත්තා මිසක දේශපාලනයට ඇවිත් හම්බ කරලා නෑ...... ඒ නිසා දකුණේ මහ ඇමැති වෙන්න මට පුළුවන්. ඒ සඳහා අයිතියක් තිබෙනවා. මම ඒක වගකීමෙන් තමයි ප්‍රකාශ කරන්නේ.

පැණි හැළියටනේ කූඹි වහන්නේ. මම කාන්තාවක් නිසා ඉතින් ආකර්ෂණය වැඩියි. ජනතාව මා සමඟ ඉන්නවා. ඒක ඉතින් සමහර අයට දිරවගන්න අමාරු ඇති. ඒකයි ඔය එක එක කතා කියවන්නේ."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya