Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හෂිනි සිහින කුමාරයා ගැන හෙළිකරයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හෂිනි සිහින කුමාරයා ගැන හෙළිකරයි

rash

මට අයුතු
යෝජනා 
එන්නේ
ෆේස් බුක්
එකෙන්.......

හෂිනි ගෝනගල කරළියේ දී දක්වන නර්තන කුසලතාව පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කිරීමට තරම් සමත් ය. පසුගියදා නිමාවූ දෙරණ "සිටි ඔෆ් ඩාන්ස්" අවසන් මහා තරගාවලියේ අනුශූරතාව දිනාගත්තේ ද ඇය යි. මීට පෙර "සිරස ඩාන්සින් ස්ටාර්" තරගයේ ශූරතාව හිමිකරගත් දුෂ්‍යන්ත්ගේ සහායිකාව ලෙස නර්තනයෙන් දස්කම් පෑවේ ද ඇයයි.

මනා පිරිපුන් රුවැත්තියක් වන හෂිනි කෙරෙහි අද වන විට කාගේත් අවධානය යොමු වී තිබේ. ඒ ඇයගේ නර්තන හැකියාව නිසාවෙනි. නමුත් ඇය නර්තනයට අමතරව රංගන ශිල්පිනියක් ලෙසින් ද අප හමුවට ඇවිත් සිටින්නේ රිදී තිරයේ දී ද ඇය නිළියක් ලෙසින් රංගන දස්කම් පෑ නිසා ය. "උත්තරා, ඩාන්ස් ස්ටාර්"  යන චිත‍්‍රපටවල ප‍්‍රධාන භූමිකාව රඟපෑ හෂිනි මේ දිනවල "මහරජ අජාසන්ත" චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට එක් වී සිටින්නී ය.


කලා ක්ෂේත්‍රය තුළ දී අනෙකුත් ජනප්‍රිය නිළියන්ට සේම හෂිනිටත් ක්‍ෂේත‍්‍රයේ හා ක්‍ෂේත‍්‍රයෙන් පිට එන අමුතු යෝජනා පිළිබදව ඇය පුවත්පත් සාකච්චාවක දී පැවසුවේ මේ විදිහට ය.
 
"යාළුවෙන්නත් සමහරු කතාකරනවා. සමහරු ආදරය ප‍්‍රකාශ කරනවා. සමහරු යාළුවෙක් විදියට ඉන්න ඉඩ දෙනවා ද කියලා අහනවා. ඉතින් මම ඔවුන්ට කියන්නේ හොඳ යාළුවෙක් හැටියට කතා කරන්න කියලයි. මගේ රසිකයෝ ඔවුන් හින්දා මා ඒ අයට බනින්නේ නෑ..... මගේ අම්මාත් කියලා තිබෙන්නේ රසිකයන්ට හොඳින් කතා කරන්න කියලයි. ඉතින් මම ඔවුන් සමග සුහදව කතා කරනවා.

ආදරය ඉල්ලගෙනම කරදර කළොත් ඇත්තටම ඒ වෙලාවට මම ෂේප් එකේ උත්තර දෙන්නේ. මොකද මම බොරු පොරොන්දු දෙන්න කැමැති නෑ...... ඒ වෙලාවට මා ඔවුන්ට කියන්නේ අපි යාළුවෝ වගේ ආශ‍්‍රය කරමු කියලයි. මගේ අම්මයි තාත්තයි මට නිදහස දීලා තිබෙන්නේ. නමුත් එයින් මා අයුතු ප‍්‍රයෝජන ගන්නේ නෑ..... මා කැමැති යාළුවෝ විදිහට ඒ ආශ‍්‍රය තබාගන්නයි.
 

වෙන අමුතු යෝජනා ආවේ නෑ....... හැබැයි ඉතින් Face book එකේ නම් එවැනි යෝජනා ඇවිත් තිබෙනවා. මම ෆේස් බුක් එකේ වෙනම පේජ් එකක් හදාගෙන ඉන්නේ. එහි දී මා රසිකයන් එක්ක කතා කරනවා. යාළුවෝ හැටියටයි එහිදිත් මා කතාකරන්නේ. විවාහ යෝජනා, වෙන අමුතු යෝජනා එහි දී කරන අය ඉන්නවා. ඔවුන් සමග සුහදව කතා කරලා ප‍්‍රශ්න විසඳගන්නවා.
 

ක්‍ෂේත‍්‍රයේ අයගෙන් ඔයාට ආදර යෝජනා එහෙම තවම නම් ආවේ නෑ..... ගොඩක් අය මම නර්තනයට දක්ෂ කෙනෙක් කියලා දන්නවා. ඒ වගේම මම බොහොම සුහදව යාළුවෙක් වගේ කතා කරන කෙනෙක් බවත් දන්නවා. එ හින්දා යාළුවෙන්නවත් වෙන බලපෑම් කරන්නවත් ආවේ නෑ.
 

මගේ සිහින කුමාරයා රන්ධීර් කපූර්. මම කැමැති රන්ධීර් කපූර් වගේ පේ‍්‍රමවන්තයකුටයි. රන්ධීර් තමයි මගේ ප්‍රියතම නළුවා. ඔහු ලංකාවට ඇවිල්ලත් මට බලාගන්න බැරිවුණා. මගේ යාළුවෝ ඔහු ගැන නිතරම දේවල් කියනවා. ඇත්තටම ඒ ගැන නම් මම හරිම දුකෙන් හිටියේ. පුදුම අප්සට් එකකින් තමයි හිටියේ. තවම මට පේ‍්‍රමවන්තයෙක් නෑ..... අනෙක ඒ ගැන මම තවම හිතලාවත් නෑ..... රන්ධීර් වගේ කෙනෙකුට නම් කැමති

නර්තයේ දී බොහෝ විට අනෙක් නර්තන ශිල්පිනියන්ට වඩා හෂිනිගේ ඇඳුම් විලාසිතා ගොඩාක් කොටයිලු...... ඒ ගැනත් සමහරු කතාකරනවා. ඇය ඇඟ පසඟ පෙන්වමින් නර්තනය ඉදිරිපත් කිරීමෙන් ඇය පිළිබදව වැරදියට හිතන්නත් පුළුවන්. හෂිනි ඒ ගැනත් පවසා තිබුණි.

"මගේ යාළුවෝ මා ගැන දන්නවා. මොකද මා ඉගෙන ගත් පරිසරය, සංස්කෘතිය වෙනස්. එහි දී කොට ඇඳුම් ඇන්දාට, ඇඟ පොඞ්ඩක් පෙන්නුවාට ප‍්‍රශ්නයක් නෑ..... වැරදියට බලන්නෙත් නෑ... මා ගැන වැරදි චිත‍්‍රයක් හදාගත්තෙත් නෑ......


අද වන විට අපේ කල්චර් එක වෙනස් වෙලා. දැන් කොටට අඳින එක විලාසිතාවක් වෙලා. ඒක "පැෂන් ටෙ‍්‍රන්ඞ්" එකක්. හැමෝම කියන්නේ මට ඒ ඇඳුම් ඇන්දාම ලස්සනයි කියලයි. 


ඒ වුණත් අද මම ඇඳුම් ඇඳීමේ දී පරිස්සමින් තමයි කටයුතු කරන්නේ. අද බොහෝ විට ඇක්ට් එකේ දි විතරයි එවැනි ඇඳුම් අඳින්නේ.

මේ ඇඳුම් හින්දා මා ගැන වැරදියට තේරුම් අරන් නෑ.... කියලයි හිතන්නේ. මම හරිම හොඳයි කියලයි හැමෝම කියන්නේ. මොකද නරක නාමයකට ගෑවෙන්න විදිහේ වැඩ කටයුතු මා කරලා නෑ..... කරන්නෙත් නෑ...... 


මගේ ක්‍ෂේත‍්‍රයේ අලූතින් ඉන්න අයත් හරිම ෆේ‍්‍රන්ඞ්ලි. අකලංක, සාරංග, පුබුදු මගේ හොඳ යාළුවෝ. එහෙම මා ගැන ආදරයටවත් වැරදි විදිහටවත් අමුතු යෝජනාවක් කරලා නෑ..... ඒ අපි ෆ්‍රෙන්ඞ්ලි හින්දා."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya