Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හෝටලයේ සේවිකාව සමුහ ලෙස දුෂණය කරලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හෝටලයේ සේවිකාව සමුහ ලෙස දුෂණය කරලා

rash

ගලදාරි
හෝටලයේ
සේවිකාව
දූෂණයට
හවුල් 4ක්
රිමාන්ඩ්

කොළඹ ගලදාරි හෝටලයේ සේවිකාවක් පානදුර ප්‍රදේශයේ හෝටලයක් තුළ දී බීමත්ව බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු සහ ඊට අනුබල දුන් සැකකරුවන් තිදෙනකු දෙසැම්බර් 9 වැනි දින (අද) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියෝග කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා පානදුර පොලිසියට නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුයේ දෙහිවල, හෙයියන්තුඩුව, පාදුක්ක, සහ පන්නිපිටිය, පදිංචි සැකකරුවන් සිවු දෙනෙකි.


මෙම සැකකරුවන් ගලදාරි හෝටලයේ සේවකයන් බවද අධිකරණයේදී පැවැසිණි. මෙම සිද්ධියේ පැමිණිලිකාරිය ගලදාරි හෝටලයේ සේවිකාවක් බවත් සෑම වසරකම වසර අවසානයේ එහි සේවක සේවිකාවන් චාරිකාවක නිරත වන බවත් පැමිණිලිකාරිය සහ සැකකරුවන් ඇතුළු පිරිස ඊට සහභාගිව ඇති බවත් පොලිසිය අධිකරණයට පැවැසීය.

මෙවර චාරිකාව සඳහා පසුගිය 3දා මොවුන් පැමිණ ඇත්තේ පානදුර නැවුරෝ බීච් හෝටලයට බවත් පැමිණිකාරිය සමඟ ගලදාරි හෝටලයේ සේවය කරන ඇගේ මිතුරියන් සහ සැකකරුවන් ඇතුළු 19 දෙනකු මෙම චාරිකාවට එක්ව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වී ය.

පසුව එදින රාත්‍රියේ මෙම හෝටයේ දී මෙම පිරිස සාදයක් පවත්වා ඇති බවත් එහි දී පැමිණිලිකාරිය සහ ඇගේ මිතුරියන් සහ සැකකරුවන් ඇතුළු පිරිස මත්පැන් පානය කර ඇති බවත් අධිකරණයට පැවැසූ පොලිසිය පසුව පැමිණිකාරිය නැවුරෝ බීච් හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමෙට ගොස් ඇති බවත් එසේ ඇය දිය නාමින් සිටින අතරතුර මත්පැන් පානය කර තිබීමෙන් ඇතිව තිබූ සිහිමඳ ගතිය නිසා ඇගේ මිතුරියක් පැමිණිලිකාරිය හෝටයේ අංක 101 කාමරය තුළ නිදි කරවා දොර වසා ඇති බවත් කීවේ ය.

පසුව පළමු සැකකරු ‍දොරගුළු විවෘත කර එම කාමරයට ගොස් පැමිණිලිකාරිය බරපතළ ලෙස දූෂණය කර ඇති බවත් ඊට සෙසු සැකකරුවන් ආධාර අනුබල දී ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය දන්වා සිටියේ ය.

මෙම සිද්ධියෙන් පසු පැමිණිලිකාරිය යළි පසුගිය 4 වැනි දින ගලදාරී හෝටලයේ සේවයට ගිය පසුව පානදුර නැවුරෝ බීච් හෝටලයේ දී සිදු වූ මෙම සිද්ධිය කිසිවකුට නොකියන ලෙසත් එසේ කිවහොත් මරා දමන බවට සැකකරුවන් පැමිණිකාරියට තර්ජනය කර ඇති බවත් අධිකරණයට සැල කළ පොලිසිය එම තර්ජනවලට බියෙන් පැමිණිලිකාරිය ප්‍රමාද වී තමාට සිදු වූ අතවරය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති බවත් පොලිසිය සඳහන් කළේ ය.

පානදුර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya