Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: විවාහ යෝජනාව තවම ස්ථිර වුණේ නැහැ. - විනූ උදානි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

විවාහ යෝජනාව තවම ස්ථිර වුණේ නැහැ. - විනූ උදානි

rash


ඉතින් විනූ මොනවද මේ දවස්වල වැඩ කටයුතු?
“තරුමලී” නාට්‍යයේ වැඩ කටයුතු ඉවර වෙන්න ළඟයි. ඒ නිසා අලුත් ටෙලිනාට්‍යයක රූගත කිරීම් පටන් ගත්තා. ලබන වසරේදී චිත්‍රපටයක වැඩ කටයුතු සඳහා සූදානමින් ඉන්නවා. සියත ටී.වී. එකේ වැඩසටහනක නිවේදන කටයුතු කරනවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා.

පසුගිය දවස්වල විනූව බලන්න ආව මනමාලයට මොකද වුණේ?
යෝජනාවක් ආවේ. ඒක තාම ස්ථිර කරගෙනම නෑ. ඒ ගැන හරි උත්තරයක් දෙන්න තව කල් තියෙනවා.
අම්මා තාත්තා තාමත් පස්සෙන් එන්නේ විනූට තනියම යන්න බය නිසාද?
බය හින්දා කියන්නමත් බෑ. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඒ දෙන්නා මාත් එක්කම හිටියා. ඒක මට ශක්තියක්. ඉතින් මට ශක්තියක් වෙන්න අම්මයි, තා

ත්තයි දෙන්න මගේ පස්සෙන්ම එනවා.

විනූගේ නිහතමානකම ක්‍ෂේත්‍රයට ආවට පස්සේ ඇතිවුණු දෙයක්ද?
අනේ නෑ. ඒ දේ පුංචි කාලේ ඉඳන්ම මගේ ළඟ තිබුණා. මාව ආශ්‍රය කරලා තේරුම් ගත්ත අය කියනවා මම හරි අවංකයි කියලා. මාව තේරුම් අරන් මං ගැන ඒ වගේ දෙයක් කියන එක ගැන මම ආඩම්බර වෙනවා.

මාධ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව ඩිප්ලෝමාවක් හදාරන්නේ නිවේදිකාවක් වෙන්න හිතාගෙනද?
එහෙම නෙවේ. මම හදාරන්නේ “ජනමාධ්‍ය කළමනාකරණය” කියන ඩිප්ලෝමා එක. එතැනදි හැම දෙයක් ගැනම උගන්වනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය වගේ හැම පැතිකඩක්ම නිවේදනය විතරක්ම නොවේ. මගේ වැඩකටයුතුත් එක්ක දැනුම ලබා ගන්න එක වටිනවා. මේ හැම දෙයක් ගැනම පුළුල් දැනුමක් ලබාගන්න අභිමතාර්ථයෙන් තමයි මම මේ ඩිප්ලෝමා එක හදාරන්නේ.

ඔයාගේ modern look එකට ගැමි චරිත ගැළපෙනවා කියලා හිතනවද?
මට තියෙන්නේ ලාංකික පෙනුමක්. ඒ නිසා මට නාගරික පන්නයේ චරිත වගේම ගැමි චරිතත් කරන්න පුළුවන්. මම හරි ආසාවෙන් හිටියේ චීත්ත ගවුමක් ඇඳලා ගමේ කෙල්ලක් වගේ රඟපාන්න. ඒ නිසා මට ලැබුණු අවස්ථාව සතුටින් බාර ගත්තා. මේ චරිතෙදි මගේ නාගරික පෙනුමක් නෑ. සාමාන්‍ය ගැමි කෙල්ලක් විදියටම තමා ඉන්නේ.

නිළියක් විදියට සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා හිතනවද?
ඔව්. අනිවාර්යයෙන්ම. නිළියක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. ඒ නිසා ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේකත් මගේ එක්තරා දක්‍ෂතාවක්. අවුරුද්දක් වගේ කෙටි කාලයකින් මම උපරිම ජනප්‍රියත්වයක් ලැබුවා. ඒ වගේ සාර්ථක ගමනක් යන්න තමයි උත්සාහ කරන්නේ.

සමහරු නම් උඩගිය වේගයෙන්ම පහළට ආවා. විනූටත් එහෙම වෙයිද?
ඒක එහෙම කියන්න බෑ. ඒක ඉතිරි ගමන සහ තමන්ගේ පෞද්ගලික හේතු නිසා තීරණය වෙන්නේ. සමහර විට ඒ කෙනාගේ අභාග්‍ය සහ අදක්‍ෂතාව නිසාත් වෙන්න පුළුවන්. මට ලැබෙන හොඳ ආරාධනා එක්ක ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ලැබෙන ආරාධනා එක්ක මගේ ගමන සහ හැමදේම තීරණය වෙයි.

ආන්දෝලනයක් එක්ක ක්‍ෂේත්‍රයට පය තැබීම වාසියකට හරවගත්තද?
ඒක වාසියක් විදියටත් දකිනවා. එක කිරුළට ජයග්‍රාහකයෝ දෙදෙනෙක් සිටීම නිසා අනික් අවුරුදුවලට වඩා වැඩියෙන් කතාබහට ලක්වුණා. ඒ හරහා ප්‍රේක්‍ෂකයෝ මාව අඳුරගත්තා. ඒක ඇත්තටම වාසියක් වුණා.

හුඟක් කොටට අඳින්නේ market වෙන්න හිතාගෙනද?
අපෝ නෑ. මම කොටට අඳින කෙනෙක් නෙවේ. හැම දේකටම සීමාවක් තියනවා වගේම මම කොටට අඳින එකෙත් ප්‍රමාණයක් තියෙනවා. මම අඳින ඇඳුම්වලින් වෙන කෙනෙක්ගේ ආකර්ෂණයක් ලබාගන්න කිසිම අවශ්‍යතාවක් නෑ මට.

කිරුළ ලබාගන්න කලින් හිටිය විනූමද අදත් ඉන්නේ?
නෑ. ඇත්තටම වෙනස් කියලා හිතෙනවා. ඒ දවස්වල මම ගනුදෙනු කළේ පාසල් පරිසරයත් එක්ක. දැන් මම ගොඩක් සමාජයත් එක්ක ගැටෙනවා. දැන් ඉතින් ඕන දේකට, ඕන අභියෝගයකට බය නැතුව මුහුණදෙන්න පුළුවන්.

හෙට දවසේ බලාපොරොත්තු මොනවද?
අදටත් වඩා හොඳට හෙට දවසේ වැඩකටයුතු සාර්ථක කරගන්න.

සවනි ශේශාධි හර්ෂා
සේයා - පමෝද් නිල්රූ


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya