Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මා කැමැතිම පිරිමි දහ දෙනා - ශ්‍රියානි අමරසේන

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මා කැමැතිම පිරිමි දහ දෙනා - ශ්‍රියානි අමරසේන

rash


1 කැමැතිම දේශපාලනඥයා බැරැක් ඔබාමා
ඔබාමා ආකර්ෂණීය දේශපාලනඥයෙක්. ඔහු දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන ආකාරයට සාමාන්‍යයෙන් මම කැමැතියි.ඔහු ඇමෙරිකාවේ ජනපති බවට පත්වන්නේ සුළු තැනකින් ආව කළු ජාතිකයෙක් ලෙසයි. සුදු කළු ජාති භේදයකින් තොරව ඔහු ගෙන යන පාලනය අගය කළ යුතුයි.
2 කැමැතිම ගුරුවරයා බැසිල් මිහිරිපැන්න
මට කුඩා කාලයේ දී නැටුම් උගන්වපු ගුරුවරයා. මම අවුරුදු 7ක් 8ක් එතුමාගෙන් නැටුම් ඉගෙන ගත්තා. එය මගේ කලා ගමනට විශාල අත්වැලක් වුණා. එතුමා බොහොම අවබෝධයෙන්
හා සුන්දරව නැටුම් ඉගැන්වූවා.
3 කැමැතිම කතුවරයා ආතර් යූ අමරසේන
ඔහුගේ මුල්ම සිනමා පුවත්පත ‘විසිතුර’ මා කියැවූයේ පාසල් යන අවධියේදියි. ඒ පුවත්පතේ කර්තෘ ලෙස ඔහු ගේ ඒ හැකියාව ගැන මම පුදුම වුණා. ඔහුගේ කාර්යක්ෂමතාව සහයෝගීතාව ලේඛන කලාවෙන් මම දැක්කා.
4 කැමැතිම ගීත රචකයා ඔගස්ටස් විනයාගරත්නම්
ඔහු අද ජීවතුන් අතර නැති වුණත් ඔහු ලියූ ‘උපුල් නුවන් විහිදා’ ගීතයෙන්ම ඔහුගේ ප්‍රතිභාව මැන ගන්න පුළුවන්. ඔහු සිංහල නොවුණත් හොඳ සිංහල ගීත ගීත ක්ෂේත්‍රයට එක් කළ ගීත රචකයෙක්.
5 කැමැතිම සංගීතඥයා රෝහණ වීරසිංහ
කිසියම් නිර්මාණයක තිබෙන පසුබිම අනූව සංගීතය නිර්මාණය කිරීමේ අපූරු හැකියාවක් ඇති සංගීතඥයෙක්.මට මතකයි මගේ ‘තරණය’ චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළේ ඔහු.මෑතකදී තිරගත වූ ‘කුසපබා’ වගේ චිත්‍රපටයක් ගත්තම එවැනි චිත්‍රපටවලට උචිත සංගීතය වගේම තරණය වැනි වාණිජ ධාරාවේ චිත්‍රපට සඳහා උචිත සංගීතය අපූර්ව ලෙස නිර්මාණය කිරීමේ හැකියාව ඔහුට තිබෙනවා.
6 කැමැතිම ගායකයා එච්.ආර් ජෝතිපාල
ගායනය පිළිබඳ කිසිම හැදෑරීමක් නොමැතිව සහජයෙන්ම ලැබුණු ගායන හැකියාවෙන් ප්‍රයෝජන ගෙන අති දක්ෂ ලෙස ඉදිරියට ගිය ගායකයෙක්. අදටත් ගායන ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න ගායකයා. ජෝතිපාලයන්ව මම හැමදාමත් අගය කරනවා.
7 කැමැතිම ව්‍යාපාරිකයා ජයන්ත ධර්මදාස
ව්‍යාපාරිකයකුගේ ප්‍රමුඛතම පරමාර්ථය මුදල් ඉපැයීමයි. මම දකින විදිහට ඔහුගේ එවන් පරමාර්ථයක් නැහැ. ඔහු හැමවිටම සාධාරණයි. ඔහු තුළ ඇත්තේ මුදල් ඉක්මවාගිය මනුස්සකම සදාචාරය අනුන්ගේ දුක දැක පිහිටවීම ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා දීම වැනි උතුම් ගුණාංගයි.
8 කැමැතිම නළුවා විජය කුමාරතුංග
සිංහල සිනමාවට ආකර්ෂණයක් ගෙන ආ සුන්දර නළුවෙක්. ඒ වගේම හොඳ මනුෂ්‍ය හදවතක් තිබෙන නිහතමානී රංගන ශිල්පියෙක්.
9 කැමැතිම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස්ටර් ජේම්ස් පීරිස්
මා සිනමාවට හදුන්වා දුන් අධ්‍යක්ෂවරයා ඔහුයි. එදා සිට අද දක්වා මාගේ කලා ජීවිතයේ මූලාරම්භකයා ලෙස එතුමාව මම දකිනවා.
10 කැමැතිම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර
කුමාර් දක්ෂ ක්‍රීඩකයෙක්.කණ්ඩායමට හුඟාක් ළෙන්ගතු ක්‍රීඩකයෙක්. කෙලින් කතා කරන අපේරටට අවශ්‍ය ක්‍රීඩකයෙක් ලෙස මම ඔහුව දකිනවා.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya