Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: රත්‍රන් මිනිසාගෙන් අලුත් ම විලාසිතාවක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

රත්‍රන් මිනිසාගෙන් අලුත් ම විලාසිතාවක්

rash

ඇඳුමේ
වටිනාකම
ලංකාවේ
මුදලින්
රුපියල් තුන්
කෝටියක්

රන් එකතු කරන්නකු වූ ඉන්දියානු ජාතික දන්තා ෆුගේ , 2013 නව වසර ආරම්භය සැමරීම සිදුකිරීමට අළුත් විලාසිතාවක් ඉදිරිපත් කළේ ය. ඒ රනින් නිම වූ  කමිසයක් මිල දී ගැනීමයි. රත්‍රන් සම්බන්ධයෙන් දැඩි  ආශාවකින් පෙළෙන දත්තා, සාමාන්‍ය ජීවිතයේ දි ඉතා විශාල රත්‍රන් ප්‍රමාණයක් පළදින අතර ඔහුව බොහෝ විට හඳුන්වනු ලබන්නේ රත්තරන් මිනිසා නමිනි.

දත්තාගේ මෙම කමිසය මිලෙන් ඇමරිකානු  ඩොලර් 250,000 ක් වන අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල් 31,250,000 පමණ වන අතර මේ සඳහා  රන් කිලෝග්‍රෑම්  3.3 එනම් රාත්තල් 7 ක් භාවිතා  කර ඇති බව පැවසේ. මෙම කමිසය නිර්මාණය කිරීම  සඳහා දිනකට පැය 18 බැගින් සේවය කළ රන්කරුවන් 16 දෙනකුට දින 15 ක කාලයක් ගත වූ බව ද පැවසේ.



මේ දිනවල ඉන්දියාවේ පමණක් නොව ලොව බොහෝ දෙනෙකු ද බලා සිටින්නේ  දන්තා ෆුගේ 2014 වසර සැමරීම සඳහා කුමන විලාසිතාවක් සිදුකරනු ඇති ද යන්නය. "දන්තා ෆුගේ" තමන්ගේ විලාසිතාවන් සම්බන්ධයෙන් අදහස් දැක්වමින් පවසා තිබුනේ විවිධ වු පුද්ගලයන්ට තමන්ටම ආවේණික ආශාවන් ඇතිබවත්, ඇතැමුන්  මිලෙන් අධික මෝටර් රථ වැනි දෑ එකතු කිරීමට ඇල්මක්  දක්වන අතර තමන්ගේ වඩාත් ම ආකර්ෂණය රත්‍රන් බවත් ය. දත්තා සතුව මෝටර් රථ පහක් ද ඇත. 

ඇඳුමේ ඇති සුවිශේෂි බව නිසාම දත්තා විසින්  මෙම ඇඳුම භාවිතා කරනුයේ උත්සව, ප්‍රිය සම්භාෂණ වැනි විශේෂ අවස්ථාවන් සඳහා පමණි.  මේ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු ප්‍රතිචාර  මිශ්‍ර ස්වරූපයක් ගන්නා බවත් , ඇතැමුන් මෙයට ප්‍රියතාවයක් දැක්වුව ද  සමහරුන්  මෙය අනවශ්‍ය දෙයක් ලෙස සැලකූ  බවත් දත්තා විසින්  වැඩිදුරටත් පවසා තිබුණි.

කෙසේ වෙතත්  මේ නිසා තම ආරක්ෂාව ද තර කර  ගැනීම සඳහා දත්තා විසින්  ආරක්ෂක භටයින් ද යොදවා ගෙන ඇත. දත්තාගේ මෙම කමිසය වෙනුවෙන් වැය කළ මුදලින් විදේශීය රටක සුඛෝපබෝගී නිවසක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් මිල දී ගත හැකිව තිබුණ ද ඔහු පවසන්නේ  මෙම ගණුදෙනුවෙන් රත්‍රන් මිනිසා ලෙස ලොවම ඔහුව හඳුනාගැනීමෙන් පසු තමාව ලොව පුරාම ජනප්‍රියත්වයට පත් විම්ස් අපෙක්ෂා කළ බවත් දැන් එය එසේම සිදු වී ඇති බවත් ය.

වසර 133 කට වඩා ඉතිහාසයක් සහිත ස්වර්ණාභරණ ව්‍යාපාරයක් වූ පූනේ නගරයේ රන්කර් ජුවලර්ස් ආයතනය මගින්  මෙම කමිසය නිර්මාණය කර ඇති අතර , ආයතනය වෙනුවෙන් අදහස් දැක් වූ ටෙජ්පල් රන්කර් විසින් ප්‍රකාශ කොට තිබුනේ  මෙය සාමාන්‍ය කමිසයක් මෙන් සකස් කිරීම සැබැවින් ම අභියෝගයක් වූ බවයි.

මෙම කමිසය  නිර්මාණය කිරීමට අදහස් කළ පසු විවිධාකාර වූ  විලාසිතා මෝස්තර අධ්‍යයනය කළ බවත් කමිසය නිකන් ම රත්‍රන් තහඩුවක්  එල්ලාගෙන යන ආකාරයට දිස්වීමට  තමන් අකමැති වූ බවත් ඔහු විසින් වැඩි දුරටත් පවසා ඇත.

මේ අනුව විශේෂිත  උපකරණයක් භාවිතයෙන් Italian Wawe නම් බටහිර මෝස්තරයට අනුව මෙම කමිසය සඳහා යොදාගත් රනින් නිම වූ  රෙදිවැනි අමුද්‍රව්‍ය නිර්මාණය කොට ඇත. අභ්‍යන්තරයෙන් ශරීරය සීරීම  වැළැක්වීම සඳහා ඇතුළතින්  විල්ලු ද භාවිතා කර ඇති අතර මූලික සංකල්පය ලබාගෙන  ඇත්තේ සන්නාහ සන්නද්ධ වූ පැරණි ඉන්දියානු රජවරුන්ගේ චිත්‍ර ඇසුරින්  බැව් පැවසේ.

සාමාන්‍යයෙන් රත්‍රන්  පළඳින්නේ  ධනවතුන් යැයි මතයක්  මිනිසුන් තුළ ඇති බවත් තමන් ධනවත්  පවුලක  නොවුන ද මේ නිසා තම පාසල් අවදියේ  සිට ග්‍රෑම් 10-15 වැනි කුඩා ප්‍රමාණ වලින් රත්‍රන් එකතු කළ බවත් ඔහු විසින් වැඩිදුරටත්  පවසා තිබුණි.

ඔහුගේ ආයතන ලාභ වාර්තා කළහොත්  සෑම මාස 6-8 කට වරක්ම රත්‍රන් වලින් නිම වූ යමක් මිල දී ගැනීම ඔහුගේ සිරිතක් බව පැවසේ. ඔහුගේ මීළඟ අභිප්‍රාය රනින් කළ ජංගම දුරකථනයක් බව පැවසෙන අතර සමහර විට  රන්මය පාවහන්  යුගලයක්ද විය හැකි බව පැවසේ.

තම බිරිඳ  සතුව ද රන් කිලෝග්‍රෑම් 500 ක් පමණ ඇති බව පවසන ‘දත්තා’ ඒවා අතර තමන් විසින් දුන් මාල සහ රනින් නිර්මිත අත්බෑග ද වන බව ප්‍රකාශ කොට ඇත. රත්‍රන් ළඟ තබා ගැනීම  හොඳ ආයෝජනයක් බවත්, මුදල් අවශ්‍යතාවයක් වුවහොත්  තම කමිසය  විකුණා දැමිය හැකි බවත් දත්තා  පවසා ඇත.




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya