Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අබිසරු පහසට ප්‍රංශයෙනුත් දඩයක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අබිසරු පහසට ප්‍රංශයෙනුත් දඩයක්

rash

ගණිකා පහස 
ලබන  
පුද්ගලයින්ටත් 
දඩ පැනවේ

ප්‍රංශ රජය විසින් නව නීතියක් පැනවීමට තීරණය කර තිබේ. එනම් ගණිකාවන් ඇසුරට යොමුව සිටින පුද්ගලයින්ටත් දඩ නියම කිරීමයි. දැනට ක්‍රියාත්මක වන්නේ ගණිකාවන්ගෙන් දඩ අය කිරීම පමණක් වුවත් ඉදිරියේ දි ගණිකාවන් සොයා යන පුද්ගලයින්ටත් රජයට දඩ ගෙවීමට සිදු වේ. මේ සදහා වන නීතිය දැනට සම්පාදනය කෙරෙමින් පවතින අතර ප්‍රංශ පාර්ලිමෙන්තුවේ බහුතර කැමැත්ත ද ඊට ලැබී ඇත.

මෙම නීතිය ආධාරයෙන් ප්‍රංශයේ ගණිකා වෘත්තිය දඩමීමා කරගෙන ක්‍රියාත්මක වන අපරාධකරුවන්,ගණිකාවන් සපයන්නන් ආදීන් මැඩීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. ගණිකා වෘත්තිය ප්‍රංශයේ නීත්‍යානුකූල වන අතර ළමා ගණිකා වෘත්තිය, මුදලට ගණිකාවන් සැපයීමේ ව්‍යාපාර ආදිය තහනම් ය.

ප්‍රංශය මෙම නීතිය හදුන්වාදීමට සැරසෙන්නේ ස්වීඩනය ආදර්ශයට ගෙන බව සදහන් ය. 1999 වසරේ දී ස්වීඩනය හඳුන්වාදුන් මෙවැනිම නීතියකින් ගණිකාවන්ට අයුතු බලපෑම් එල්ල වීම නතර වුනා පමණක් නොව ස්වීඩනයේ ගණිකාවන්ගේ ප්‍රමාණය හරි අඩකින්ම පාහේ පහළ ගිය බව විමර්ෂකයින් පවසයි.

ප්‍රංශය හදුන්වාදීමට යන මෙම නව නීතියට යහපත් හා අයහපත් ප්‍රතිචාර දෙවර්ගයම ලැබී තිඛෙන අතර අයහපත් ප්‍රතිචාර දක්වනුන් පෙන්වා දෙන ප්‍රධාන කරුණ වනුයේ මෙවන් නීතියක් ක්‍රියාත්මක කළහොත් ගණිකා වෘත්තිය හොර රහසේ සිදුවන්නක් බවට යළිත් පත්වනු ඇතැයි ද ඒ ඔස්සේ විවිධ සමාජ ගැටලූ ඇතිවනු ඇතැයි ද යන්නයි.



*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya