Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නදීෂා නානකොට බාත්රූම් එකට කවුද ඔළුව දාලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නදීෂා නානකොට බාත්රූම් එකට කවුද ඔළුව දාලා

rash

මම කෑගහගෙන
නනා හිටපු
විදියටම
එළියට දිව්වා.......

මේ දිනවල වැඩි පුර දක්නට නොමැති වුව ද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි නදීෂා හේමමාලි. ඈ පිළිබදව මේ දිනවල කවුරුත් කතා නොකළ තරම් ය. ඒ නිසාවෙන් ම අප ඇගේ අලුත්ම තොරතුරු රැසක් පිළිබදව සටහන් තැබීමට සිතුවෙමු.

නදීෂා ඇගේ ජිවිතේ දී ගොඩාක්ම පුදුමයට පත් වී ඇත්තේ ඈ ටෙලිනාට්‍යයක රඟපාන්න තෝර ගත්ත කියන ආරංචිය ලැබුණ වෙලාවේ දී ය.. නිළියක් වුවත් නදීෂා හටත් ගැහැනියක් වෙලා ඉපදීම අපරාදේ කියලා හිතුණු අවස්ථා තිබෙනවාලු.

ඒත් ඒ ඇයි ද? කියල කියන්න නම් නදීෂා කොහොමටවත් කැමති නෑ..... එහෙත් ගොඩක් අයගේ ආකර්ෂණය ලැබෙන වෙලාවට ගැහැනියක් වීම ගැන හරි සතුටුක් ඇයට දැනෙනවාලු.....


නදීෂා හොල්මන්වලටලු වැඩි පුරාම බය. ඇය ඒ පිළිබදව පුංචි මතකයක් මෙන්ම ඇයට ජිවිතයේ දී ලැබුණු ලොකුම වේදනාව පිළිබදවත් හදගැස්ම මාධ්‍ය හමුව හා එක වූ අවස්තාවක දී මත්කයට නගා තිබුණේ මෙලෙසිනි.


"මගේ පළමුවැනි ටෙලි නාට්‍යය රූගත කළේ බදුල්ලේ තේ වත්තක තියෙන ලොකු බංගලාවක. ඒකේ බාත්රූම් එකත් ලොකුම ලොකුයි. 

ඉතිං බාත්රූම් එකට යන්නේ හරි බයෙන්. ජනේලෙ දිහා බලාගෙන තමයි නාන්නෙත්. දවසක් මම නාද්දි එක පාරටම දැක්කා ජනේලෙන් කවුද කෙනෙක් ඔළුව දානවා. 

ටික වෙලාවක් යද්දි ඒ ඔළුව එක පාරටම ලොකු ඔළුවක් බවට පත්වුණා. ඉතිං මම හොඳටම බයවෙලා කෑගහගෙන නනා හිටපු විදියටම තමයි එළියට දිව්වේ.

මීට අවුරුදු 5කට 6කට කලින්. ඔම්ලට් එකක් හදන්න ගිහිල්ලා තමයි ඒ දේ සිද්ධ වුණේ. සාස්පානට තෙල් දාලා තියෙනවා මම දැක්කෙ නෑ. කුකර් එක ළඟ ලයිට් එක තිබුණෙත් නෑ. මම ගිහින් සාස්පාන ඉස්සුවා විතරයි මගේ වම් අතේ ඔරලෝසුව දාලා තියෙන තැනටම තෙල් වැටුණා. 



එදා තරම් මගේ ජීවිතයේ වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිල නෑ. මම හතුරකුටවත් ඒ වගේ වේදනාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ......"

බලාපොරොත්තු කඩවුණ හැම අවස්ථාවකදීම නදීෂාට ඈ පරාජිත බව දැනෙනවාලු..... එහෙත් ඇගේ ජීවිතයේ පසුතැවීම් නැති බවත් වැරදුණු හැමතකම තිබෙන්නේ පාඩම් බවත් ඇය පැවසුවා ය. නදීෂාට ප්‍රේම සිතුවිලිත් ඕනෑ තරම් පහළ වී තිබෙනවාලු....

"ප්‍රේම සිතුවිලි සෑහෙන්න පහළවෙලා තියෙනවා. දකින දකින කෙනාට මට හිත යනවා. ලස්සන දෙයක් දැක්ක ගමන් හිත යනවා.

පෙම්වතියක් වුණේ මම පාසල් යන කාලෙදි..... ඒ ආදරය හරිම සුන්දරයි. මම එතකොට ලව් කියන්නේ මොකක්ද කියලාවත් දන්නෑ..... මංජුල කියලා අයියා කෙනෙක්. ඒ දවස්වල එයා කැම්පස් එකේ හිටියේ.

මට ඉංග්‍රීසියෙන් ලියපු කාඩ් එකක් දුන්නා. ඒ දවස්වල ඉතිං කියව ගන්නත් බෑ..... ඩික්ෂනරි පෙරළ පෙරළ කාඩ් එකේ තිබුණ දේවල් කියව ගන්න ට්‍රයි කළා."


නදීෂා රංගනයේ දී වඩාත්ම අපහසුතාවට පත්වුණු අපුරු අවස්තාවක් පිළිබදව ද එහි දී සිහිපත් කළා.

"ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්ගේ කැරැක්ටර් එකකට මුලින්ම මට රඟපාන්න සිද්ධ වුණා. එතකොට මම ඉස්කෝලෙත් යනවා. මට හරි... ලැජ්ජයි ඒ විදියට ඇවිදින්න. 


ඒක තමයි අපහසුම රංගනය. එතකොට අපේ අම්මත් ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. අම්මාව මතක් කරගෙන අම්මාව අනුකරණය කළා."
ඔය හැම දෙයක් ම අතරේ නදීෂා සුන්දරම හීනයකුත් දැක්කලු.....

"අර ඇවටර් ෆිල්ම් එකේ වගේ මිනිස්සු ඉන්න සිහින ලෝකෙක මම ජීවත් වුණා. ලස්සන ගස් - වැල්, මල්, පිරිච්ච ලෝකයක්."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya