Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: රහස් පෙදෙසේ රත්‍රං සගවාගෙන සිටි කතක් මාට්ටු

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

රහස් පෙදෙසේ රත්‍රං සගවාගෙන සිටි කතක් මාට්ටු

rash

ග්‍රෑම් 116
බරින් 
යුත් රත්‍රං 
කැබලි 02ක් 
ගුද මාර්ගයේ 
සඟවාගෙන

කාන්තාවක් ගුද මාර්ගයේ රත්‍රං සඟවාගෙන විදෙස් ගතවීමට සුදානම් වූ ශ්‍රී ලංකා රේගුව විසින් පළමු වතාවට අත්අඩංගුවට ගෙන තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ නීති අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ පෙරේදා පස්වරුවේ මෙම කාන්තාව ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට සුදානම්ව සිටි බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාව ග්‍රෑම් 116ක බරින් යුත් රත්‍රං කැබලි 02ක් ගුද මාර්ගයේ සඟවාගෙන රටින් පිටව යාමට උත්සාහ දරා තිබේ. ඊට අමතරව සාදා නිම නොකළ රන් වළලු 03ක් සහ රන් මාලයක් ද ඇය සතුව තිබී සොයාගත් බව ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ ය. සැකකාරිය සතුව තිබු රත්‍රංවල සම්පුර්ණ වටිනාකම දාහත් ලක්ෂ 30,000ක් පමණ වන බවත් සඳහන් ය.

ගුදමාර්ගයේ සඟවාගෙන රත්‍රං ගෙනයාම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය බව රේගු දෙපාර්තමේන්තුවේ නීති අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා පැවසී ය.

මිට පෙර මෙවැනි සිද්ධීන් බොහෝමයක් වාර්තා වුව ද ඒ සියල්ලටම සම්බන්ධව තිබුණේ පිරිමි අය වන අතර කාන්තාවක් මෙවැනි ක්‍රියාවකට සම්බන්ධ වූ පළමු වතාව ලෙස මෙය සැලකෙයි.

මීට අමතරව රත්‍රං රැගෙන චෙන්නායි බලා යාමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙකු සතුව තිබී රත්‍රං කම්බි 04ක් සොයාගෙන ඇති අතර අනෙක් සැකකරුගේ ජංගම දුරකථනයේ බැටරියට අලවා තිබිය දී රත්‍රං කැබැල්ලක් සොයාගත් බව ලෙස්ලි ගාමිණි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya