Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කටකතාවලට මම බය නෑ - ක්‍රිෂානි අලංකි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කටකතාවලට මම බය නෑ - ක්‍රිෂානි අලංකි

rash

මට හිතුණොත් 
බාර ගන්නවා... 
කට කතාවලට 
මම බය නෑ.....

ක්‍රිෂානි අලංකි, නව පරපුර නියෝජනය කරන යොවුන් රංගන ශිල්පිනියකි. ඇය මේ වන විට විශාල නිර්මාණ සංඛ්‍යාවකට දායක නොවූව ද දායක වී ඇති නිර්මාණ කීපයෙන් ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට ඇය සමත් වී ඇත. 

පසුගිය වසර දෙකතුනක කාලය තුළ ක්‍රිෂාණි ටෙලි නාට්‍යයකින් හෝ චිත්‍රපටයකින් දැකගත නොහැකි විය. එහෙත් මේ දිනවල ඇය නිර්මාණ කීපයක් හා සම්බන්ධව සිටින නිසාවෙන් ම ඈ පිළිබදව කතා කිරීමට අප සිතුවෙමු.

අවුරුදු 3 ක් පමණ ඇයට කලා කටයුතුවලින් ඈත්වෙලා ඉන්න සිදු වී තිබුණේ ඇගේ අධ්‍යාපන කටයුතු නිසාවෙනි. ඇය නීති උපාධි හැදෑරු අතර ඒ වෙනුවෙන් ඇයට ගොඩක් මහන්සි වෙන්න සිදුවුණාලු.... හැමදාම වගේ දේශනවලට සහභාගි වෙන්න තිබුණු නිසා වෙනත් දේකට යෙදෙන්න කාලයක් නොතිබුණු බැවින් ඇය මදකට රංගනයෙන් ඉවත් වුණි.

 
දැන් ඇගේ නීති උපාධියේ විභාගයත් අවසන්. උපාධි ප්‍රදානෝත්සවය ලබන පෙබරවාරියේ පැවැත්වෙනවාලු.
අනාගතයේ දි  ඇය රංගන ශිල්පිණියක් ලෙසින් මෙන් ම නීතිඥවරියක් ලෙසින් ඔබ අතරට ඒවි. ඇය කලාවෙන් ඈත් නොවන බවත් පසුගිය වසර තුනේ කලා කටයුතුවල යෙදුණේ නැති නිසා ඉදිරි අවුරුදු දෙකතුනේම කලා  කටයුතු වෙනුවෙන් කාලය වය කරනවාලු...


ක්‍රිෂානි කලාවට සම්බන්ධ වීම  අහඹු සිදුවීමකි. පසුගිය දවසක පැවති රසදුන මාධ්‍ය හමුවේ දී ඇය ඒ පිළිබදව පැවසුවේ මෙලෙසිනි.


"මීට අවුරුදු පහ හයකට විතර ඉස්සර (එතකොට මම පාසල් යනවා) මාව දැකපු එක් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් පුවත්පතක මුල් පිටුවේ ඡායාරූපයකට පෙනී සිටින්න මට ඇරියුම් කළා. ඒ පින්තූරය පත්තරේ පළවුණා. ඉන්පසුව මට රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට ඉන්න අවස්ථාව ලැබුණා. 

ඉන්පසුව මට ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. විරාජ් වැලිවත්තගේ නිර්මාණයකට දායක වුණාට පසුව තමයි මට තේරුම් ගියේ මට රඟපාන්න යම් හැකියාවක් තියෙන බව; ඒ වගේම මම රඟපෑමට කැමැති බව. කලාවට සම්බන්ධ කෙනෙක් අපේ පවුලේ නැහැ.... ඒ නිසයි මං කිව්වේ මම කලාවට සම්බන්ධවීම අහඹු සිදුවීමක් කියලා.

කුමන රැකියාව කළත්, හොඳ අධ්‍යාපන මට්ටමක් තිබීම ජීවිතයට ඉතාම වැදගත් කියලයි මම හිතන්නේ. එයින් ජීවිතයට හොඳින් මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා.

මේ දවස්වල මම චාමර පීරිස්ගේ 'අවු රෝරා' ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. සත්‍ය වශයෙන්ම මේ ටෙලිනාට්‍යය අපට නිතර දකින්න ලැබෙන ටෙලි නාට්‍යවලට වඩා ගොඩක් වෙනස්. මෙය ගුවන් නියමුවෙකුගේ කතාවක්. මෙය තමයි අපේ රටේ ගුවන් තොටුපළවල රූපගතකිරීම් කළ පළමු ටෙලිනාට්‍යය. 



ගුවන්යානා තුළ රූපගත කළ දර්ශන මෙයට ඇතුළත්. මෙයි මම රඟපාන්නේ ගුවන් නියමුවෙකුගේ පෙම්වතිය හැටියට. චාමර අයිය ඉතාම දක්ෂ හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ 'පියවි' ටෙලිනාට්‍යය නැරඹූ අවස්ථාවේ මට ආශාවක් ඇති වුණා ඔහුගේ ටෙලිනාට්‍යයක රඟපාන්න. ඔහු නළු නිළියන් හොඳින් මෙහෙයවන අධ්‍යක්ෂවරයෙක්."
 

නිර්මාණයක් බාර ගන්නා විට ඇය  ඒ ගැන වැඩි පුර හිතන්නේ නැහැලු.... 

"නිර්මාණයක් බාර  ගනිද් දී එහෙම ලොකු තේරීමකට මම යන්නේ නැහැ..... මට හිතුණොත් ඒ චරිතයට සාධාරණය ඉටුකරන්න මට පුළුවන් වෙයි කියලා මම ඒ චරිතය බාර ගන්නවා.
 

මගේ අම්ම තාත්ත මගේ වැඩවලට සීමා පනවල නැහැ... මාව කොටුකරලා නැහැ.... මගේ දෙමවුපියන් හැම වෙලාවකම මට හොඳ අවවාද දීල මට හොඳ මාර්ගය පෙන්වල දීල තියෙනව. 

ඔවුන් මට හැම තිස්සෙම කියන්නෙ මට සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න කියලයි. මගෙ අම්මයි තාත්තයි මගේ වැඩවලට ගොඩක් උදව් කරනවා. මාත් එක්ක ෂූටිංවලට යන්න එන්නේ මගේ අම්මා.

රංගන ක්ෂේත්‍රය කටකතා බහුල තැනක්, නමුත් මට නම් තාම කිසිම කටකතාවක් හැදිල නැහැ.... ඒ වගේම ඔය කටකතාවලට මම බයත් නෑ.... ඒ මොකද, කටකතා මගේ ජීවිතයට අදාළ නැති නිසා.

මම හරිම කැමැතියි ප්‍රවීණයින් සමඟ වැඩ කරන්න. ඔවුන්ගේ උපදෙස්වලට ඇහුම්කන් දෙන්න. ඕනෑම කෙනෙක් ප්‍රවීණයෙක් වෙන්නේ එම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් නිරතවෙලා සිටීමෙන්. ඔවුන් ළඟ අත්දැකීම් රාශියක් තියෙනවා. ඔවුන්ගේ ඒ අත්දැකීම් නවක අපට ගොඩක් වටිනවා."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya