Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: විවාහයෙන් පස්සේ කලාවට සමු දෙන බුවනි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

විවාහයෙන් පස්සේ කලාවට සමු දෙන බුවනි

rash

අපි දෙන්න 
ඉන්නේ 
යාළුවෝ
වගේ... 
අපි දෙන්නගේ 
රහස් නෑ....

බුවනි දියලගොඩ පුංචි තිරයට අලුත් මුහුණක්. ඇය ප්‍රේක්ෂකයන් අතරට එන්නේ "සඳසාවි" ටෙලිනාට්‍යයෙනි. පුංචි තිරයේ මුලින් ම පෙනී සිටීම වෙනුවෙන් බුවනිට ලැබෙන ප්‍රතිචාර පිළිබදව සොයා බලන්නට අප සිතුවා.

බුවනි තවම ක්ෂේත්‍රයට අලුත් නිළියක් සඳසාවි ටෙලියේ ඇය ඉදිරිපත් කරන චරිතය වෙනුවෙන් ඇයට හොද  ප්‍රතිචාර හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු..... ටෙලිනාට්‍යය විකාශය වෙන්න පටන් අරගෙන තවම දවස් කිහිපයක් නිසාවෙන් තවම ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ නැතිලු. ඒත් ඇය දැන් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටකිනුයි සිටින්නේ.

මේ බුවනිගේ මුල්ම ටෙලිනාට්‍යය නොවුනත් මුලින් ම විකාශය වුණේ මේ නාට්‍යය යි. "ජෝසප් ජෙරම්" විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "පබසරා" නාට්‍යයේ වැඩකටයුතු පටන් ගන්න තියෙන බවත් ඇය එම නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරුපණය කරන බවත් ඈ පැවසුවා ය.



බුවනි කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ජනප්‍රිය නිළි වත්සලාගේ නංගි වුවත් ගොඩක් අය ඇය මුලින්ම හඳුනාගත්තේ බුවනි විදියටමලු.... මොකද ඇය අවුරදු කුමාරි තරගයෙන් ජයග්‍රහණය කළා.

ඒත් පස්සේ ගොඩක් දෙනා වත්සලාගේ නංගි විදියට ඇයව දැනගත්තා. අද වෙනකොට ක්ෂේත්‍රයේ ගොඩක් අය ඇයව හදුන්වන්නේ වත්සලාගේ නංගි ලෙසිනි.

වත්සලා නිසා  බුවනිට ක්ෂේත්‍රයේ රැඳෙන්න ‍ලේසිවුණා. අක්ක ජනප්‍රිය වුණ නිසා ඇය දැනගත්ත පිරිස වැඩි වුණා. ඒත් වත්සලා රඟපාන්න ගත්ත මුල් කා‍ලේ බුවනිට කවුරුත් රඟපාන්න කතා කළේ නෑලු....

බුවනි මේ දිනවල නිරතව සිටින වැඩකටයුතු පිළිබදව රිවිර මාධ්‍ය හමුවක් හා එක්වෙමින් පවසා සිටියේ මෙලෙසිනි.

මම CSN නාලිකාවේ උදෑසන හිමිදිරිය කියන වැඩසටහනේ නිවේදිකාව හැටියට වැඩ කරනවා. රංගනයට එන්න කලින් ඉඳලම මම නිවේදනයට යොමු වෙලා හිටියා.

මුලින්ම හිටියේ සියත TV නාලිකාවේ.  අධ්‍යාපනය නිසා නිවේදන කටයුතු නතර කළා. ඒත් දැන් රංගනයට ආවාට පස්සේ රංගනයයි නිවේදන කටයුතුයි දෙකම කරගෙන යනවා.

මම උසස්පෙළ කළේ කලා අංශයෙන් දැන් නම් අධ්‍යාපන කටයුතු නතර කරලයි තියෙන්නේ.

ළඟදීම පුංචි කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා. ඒකට නම් ගොඩක් සතුටුයි. මට විතරක් නෙමේ අපේ පවු‍ලේ හැමෝටම එක වගේම සතුටුයි. 


මොකද අම්මගේ පැත්තෙනුත් තාත්තගෙ පැත්තෙනුත් අපේ පවුලට එකතු වෙන පළවෙනි බබා තමයි මේ. මම බලාගෙන ඉන්නේ පුංචි කෙනෙක් වෙන්න.

මම නිතරම අක්කලයි (වත්සලා) දිහා යනවා. අක්කත් නිතරම අපේ ගෙදර එනවා. හැමෝම අක්කට ගොඩක් ආදරෙයි. මමත් එහෙම තමයි.


මට දැනෙන විදියට පුංචි කාලෙටත් වඩා දැන් අපි දෙන්නගේ බැඳීම ගොඩක් කිට්ටුයි. අපි දෙන්න ඉන්නේ යාළුවෝ දෙන්නෙක් වගේ. 


අපි දෙන්නගේ රහස් නෑ.... අක්ක විවාහ වුණ දවසේ මම ගොඩක් ඇඬුවා.  අක්කත් ඇඬුවා. පුංචි කා‍ලේ ඉඳලම අපි දෙන්නා හිටියේ එකම කාමරේ. එයා ගෙදරින් ගියාම මට ගොඩක් පාළුව දැනුණා.

මම හැමදාම අක්ක කියනදේ ඇහුවා. ක්ෂේත්‍රයේ රැඳෙන කොට වුණත් අක්ක කියන විදියට තමයි මම ඉන්නේ. කොච්චර ජනප්‍රිය වුණත් අක්ක කවදාවත් කතාවක් හදාගත්ත කෙනෙක් ‍නෙවෙයි. එයා මට කියන්නේ මම වැරදි දෙයක් කළොත් එයා තියාගන්න හොඳ නමට ඒක නරකයි කියලා. ඒ නිසා අක්ක කියන විදියට මම ක්ෂේත්‍රයේ ඉඳගෙන වැඩකරගෙන යනවා."


මේ කතාබහ අතරේ බුවනි ආදරවන්තියක් බවත් හෙළි කළා ය.

"මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා ක්ෂේත්‍රයට කොහෙත්ම සම්බන්ධ නැති කෙනෙක්.

රංගන ශිල්පිනියක් විදියට ඉන්නවට එයාගේ ලොකු කැමැත්තක් නැහැ. හැබැයි ඉක්මනට විවාහ වෙන්න බලා‍පොරොත්තුවක් නැති නිසා තව ටික කාලයක් මට ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් වේවි. විවාහ වුණාට පස්සේ ගොඩක් දුරට ක්ෂේත්‍රයෙන් අයින් වේවි."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya