Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නරඹන්නන්ගේ ලිංගික හැඟීම් උද්දීපනය වුණත් කරන්න දෙයක් නෑ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නරඹන්නන්ගේ ලිංගික හැඟීම් උද්දීපනය වුණත් කරන්න දෙයක් නෑ

rash

අපි ඇඳුම් අදින්නේ 
නාරි ලාලිත්‍යය මතුවෙන විදිහට
රංගනය සහ නර්තනය තුළින් රසික සිත් දිනාගත් 'හිමාලි සිරිවර්ධන' පිළිබදව දැන් කාගේත් අවධානය යොමුව තිබේ. මේ දිනවල ඇය රඟපෑ 'රජහොරු' චිත්‍රපටය තිරගත වන අතර නවතම චිත්‍රපට සහ ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා ද මේ දිනවල ඇය රංගනයෙන් දායක වී සිටියි. ඒ අතරතුර තම 'සෙන්ෂේසන්' නර්තන කණ්ඩායම සමග නර්තන ප්‍රසංග හා එක්වෙමින් ගත වී යන හිමාලිගේ දිවිය අතිශය කාර්යබහුල එකකි. මෙකී කරුණු පිළිබඳව සේම ඇගේ පෞද්ගලික ජීවිතයේ නවතම තොරතුරු ගැනද අපි මේ අයුරින් සටහන් තබන්නෙමු.
 
හිමාලි ජනප්‍රිය නිළියක සේම නර්තන ශිල්පිනියකි. සංදර්ශන වේදිකාවේ අප දකින නර්තන බොහොමයක් දැඩි විවේචන වලට බඳුන්  වෙනවා. ඒ වගේම ඇතැම් සංදර්ශනවල දකින නර්තනවල දී නර්තනයේ යෙදෙන යුවතියන් අ

නවශ්‍ය විදියට ශරීරය නිරාවරණය වන ඇඳුම් යොදා ගන්නා බවට චෝදනා එල්ල වෙනවා. එපමණක් නොව මහ රෑ ජාමයේ ගෑනු ළමයි නටනවා කියන චෝදනා එල්ල කරන අය සිටිනවා. පුවත් පත් සාකච්චාවක් හා එක් වුණු හිමාලි ඒ පිළිබදව අදහස් දක්වමින් පවසා සිටියේ,

"අපි තවමත් හිතන්නේ සාම්ප්‍රදායික විදිහට. මුත් ඉන්දියාව වැනි රටවල් දේශීය නර්තනයට වගේම විවිධ නර්තනවලට ඉඩක් දී තිබෙනවා. ඒ අය ඒවාට බණින්නේ නැහැ. ඒත් අපි තවමත් හිතන්නේ දේශීය නර්තනය විතරයි තිබිය යුත්තේ කියලා. උඩරට, පහතරට, සබරගමු නැටුම් පමණක් නොවෙයි විවිධ රටවල විවිධ නර්තනයන්ටත් අප ඉඩක් ලබාදිය යුතුයි. 

රජ කාලෙත් නාටිකාංගනාවන් හිටියා. ඒ අයත් නැටුමේ දී ඇන්දේ නාරි ලාලිත්‍ය මතුවන විදියටයි. නැටුමේ දී ඇඳුම යොදාගන්නේ ශරීරයේ අලංකාරය, නාරි ලාලිත්‍යය මතුවන ආකාරයට. ඒ වගේම නැටුමේ දී විවිධ ආංගික චලනත් කළ යුතුයි. ඇඳුමත් ඊට ගැළපිය යුතුයි. ඉහේ සිට දෙපතුල දක්වා වැහුණු ඇඳුමක්  ඇඳගෙන නර්තනයේ යෙදෙන්න බැහැ.
 
රංගනයේ යෙදෙන ගෑනු ළමයින්ට රෑ දවල් කියලා භේදයක් තිබිය යුතු නැහැ.... අනික රාත්‍රී කාලයේ සිදු කරන නර්තනවලට ආලෝක කරණය වගේ දේවල් වලින් හොඳ පිටිවහලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පිළිගත් නර්තන ආචාර්යවරුන් රාත්‍රී කාලයේ නර්තනයේ යෙදෙන ගෑනු ළමයින්ට උපරිම ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරනවා."

එසේම විදුලි ආලෝක මධ්‍යයේ ශරීරය නිරාවරණය කරමින් නර්තනයේ යෙදෙන ගෑනු ළමයි නිසා නරඹන්නන්ගේ සිත් තුළ ලිංගික හැඟීම් උද්දීපනය වීමේ ඉඩකඩත් නැතුවාම නොවෙයි. හිමාලි ඒ ගැන ද පවසා සිටියා ය.

"එහෙම වෙනවා නම් ඒ නර්තනයේ හෝ එහි යෙදෙන අයගේ වරදක් නිසා නෙවෙයිනේ....  පුද්ගල මනෝ භාවයෙයි වරද. නමුත් කලා රසයයි ලිංගික ආශ්වාදයයි කියන්නේ දෙකක්. අවිනීත කෙනෙකුගේ සිතේ ඔය වගේ නර්තන ‍නෙවෙයි සීගිරි අප්සරාවක් දැක්කත් ලිංගික හැඟීමක් පහළ වෙන්න පුළුවන්. ඒ හින්දා පුද්ගල මනෝ භාවයන් ගැන හිතලා නර්තන කලාවට බාධා පමුණුවාගත යුතු නැහැ කියලයි මම කියන්නේ.

එමඟින් ඇතිවෙන ප්‍රශ්නවලට තමයි ‍පොලීසි උසාවි තියෙන්නේ. ඒ වගේම සදාචාරවත් සමාජය මගිනුත් ඒ වගේ කාමුකයන්ට දඬුවම් දෙන අවස්ථාත් තියනවානේ.

මම හරිම කැමතියි අනිත් අයට නර්තනය කරන්න දීලා වේදිකාව පිටිපස්සට වෙලා අධීක්ෂණය කරන්න. ඒත් මම නිළියක් ලෙස ජනප්‍රියකමක් ගොඩනගාගෙන ඉන්න හින්දා ඒකට ඉඩක් නැහැ.... ලැබෙන සෑම ප්‍රසංගයටම නර්තන කණ්ඩායම තුළ මාත් සිටිය යුතු බවටයි  ඉල්ලීම් ලැබෙන්නේ.

මගේ නර්තන හොඳින් පරීක්ෂා කරන්න කවදාවත්ම සැලසුම් සහගතව එහෙම දෙයක් වෙන්නේ නැහැ.... ඒ වගේම මගේ යටතේ පුහුණුව ලබලා නර්තනය තුළින් හෝ රංගනය තුළින් කවුරුන් හෝ ජනප්‍රිය තරුවක් වුණොත් එදාට ඒ දිහා බලලා වඩාත්ම සතුටුවන කෙනා මමයි. ඒකෙ ආයේ දෙකක් නැහැ."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya