Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: තරුණියන් දෙදෙනාගේ අසම්මත පෙම ගිය දුරක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

තරුණියන් දෙදෙනාගේ අසම්මත පෙම ගිය දුරක්

rash

කනංකේ මවට
සහ දියණියට
ඇසිඩ් ගැසූ
සෙබළියගේ
පාපොච්චාරණය

ඉමදුව කනංකේ ප්‍රදේශයේ මහමඟ ගමන් කරමින් සිටි මවකට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කර ඝාතනය කර ඇගේ දියණියට ද බරපතළ තුවාල සිදුකළ කාන්තාවක කනංකේ පොලිසිය මගින් ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ඇසිඩ් ප්‍රහාරයට ලක්‌ව තුවාල ලබා සිටින 'චමිලා' නමැති තරුණිය සහ සැකකාරිය අතර කාලයක පටන් පැවති අසම්මත ප්‍රේමයක්‌ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි. එහෙත් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ චමිලාගේ ද අනුදැනුම මත ඇගේ මවට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කළ බවයි.


මෙම අසම්මත ප්‍රේමයට මව විරුද්ධ වීම නිසා ඇයට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කර ඇති බව ද පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධව ප්‍රධාන සැකකාරිය නීතිඥයකු මාර්ගයෙන් පොලිසිය වෙත ඊයේ පෙරවරුවේ භාර වී තිබිණි. පසුව ඇය අත්අඩංගුවට ගත් පොලිසිය ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යැමේ දී මෙම ඇසිඩ් ප්‍රහාරයට හේතුව අනාවරණය විය.

ඉකුත් 17 වැනිදා රාත්‍රි 'දයාවතී' නමැති මව 'චමිලා' නමැති සිය දියණිය ද සමඟ ඉමදුව කනංකේ පුහුල්දුව ප්‍රදේශයේ මහමඟ යමින් සිටිය දී යතුරුපැදියක පැමිණි දෙදෙනකු විසින් ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කර තිබිණි.
දයාවතී ඇසිඩ් ප්‍රහාරයට ලක්‌ව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා ය. ඇයගේ දියණිය වූ චමිලා ද ඇසිඩ් ප්‍රහාරයෙන් පිළිස්‌සුම් තුවාල ලැබූ අතර ඇය තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.

සැකකාර කාන්තාව ඥති සොහොයුරකු සමඟ යතුරුපැදියකින් ගොස්‌ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. සැකකාර කාන්තාව සහ චමිලා නමැති කාන්තාව කාලයක්‌ යුද හමුදා කාන්තා බළකායේ සේවය කර ඉන් ඉවත් වූ දෙදෙනෙකි. පසුව මොවුන් දෙදෙනා ඇඟලුම් කම්හලක ද එකට සේවය කර තිබේ.

සැකකාර කාන්තාව සහ ඇසිඩ් ප්‍රහාරයට ලක්‌ වූ චමිලා නමැති කාන්තාව කාලයක සිට අසම්මත සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන අතර මෙම සිද්ධියට සම්බන්ධ ඇගේ ඥති සොහොයුරා ද අත්අඩංගුවට ගැනීමට නියමිත ය.

මාතර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.


Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya