Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අනියම් පෙම රිතික් බිරිදගෙන් වෙන්කරයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අනියම් පෙම රිතික් බිරිදගෙන් වෙන්කරයි

rash

බොලිවුඩ්
නළු රිතික්
දරු පවුලෙන්
වෙන් වෙයි...

බොලිවුඩ් සුපිරි නළුවකු වන රිතික් රොෂාන්, තමා සමග වසර 17 එකට එක්ව පවුල් කෑ බිරියගෙන් දික්කසාද වන බවට හා දරු තිදෙනෙකුගේ පවුලෙන් වෙන්වන බවට ඔහු නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේ. මේ දිනවල රිතික් හිසේ අමාරුවකට ප‍්‍රතිකාර කිරීම පිණිස ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින අතර මෙම නිවේදනය මාධ්‍ය වෙත කරමින් කියා සිටියේ 'මා වෙන්වන බව පමණක් පත්තර වල දමන්න. ඊට එහා දෙයක් කියන්න කැමති නෑ.... කරුණාකර මීඩියා මගේ පුද්ගලිකත්වය මේ ප‍්‍රශ්නෙදි ආරක්ෂා කර දෙන්න.'යනුවෙනි.

ඉකුත් සැප්තැම්බර මාසයේ රිතික්ගේ මේ වෙනස පිළිබදව මුල්වරට බොලිවුඞ් වෙබ් අඩවි වාර්තා කර තිබුණ අතර බොලිවුඞ් නළු රිතික් රෝෂන් සිය බිරිය සුසෑන්ගෙන් වෙන් වී අලූත් කසාදයක් කරගන්නට සූදානම් වන බව ඒ දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

'බාබරා මෝරි' නමැති මැක්සිකානු නිළිය සමග රිතික් කලෙක පටන් සම්බන්ධයක් පැවැත් වූ බවත් ඔහු විවාහ වන්නට යන්නේ ඇය සමග බවත් වාර්තා වුණා. සුසෑන් සමග විවාහයෙන් රිතික්ට පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවෙකු සිටින අතර දික්කසාදයෙන් පසු ඔවුනට නඩත්තු ගෙවන්නට තමාට හැකි බවද රිතික් පවසා තිබෙනවා.

රිතික් හා සුසෑන්ට එකට ජීවත්වන්නට නොහැකි නිසා ඔවුන් වෙන්වූ බවට මාධ්‍ය වාර්තා පළවූයේ මේ වසර මුල සිටයි. ඒ නිසා රිතික් ඔහුගේ දෙමාපියන් සිටි තැනට ගිය අතර සුසෑන් දරුවන් සමග නිවසේ සිටියා.පසුගියදා පැවැත්වූ කලාකරුවන්ගේ උපන්දින සාද හා ගනේෂ් උත්සවයේදී මොවුන් දෙදෙනා එකට දක්නට ලැබී නැත. රිතික් සමග බාබරා සම්බන්ධවී ඇත්තේ කයිට්ස් නමැති සිය පියා වන රාකේෂ් රෝෂන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත‍්‍රපටයේ එකට රඟපෑ පසුය.

කහෝනා ප්යාර් හේ (Kahona Pyar Hai) චිත‍්‍රපටයන් හින්දි සිනමාවට පිවිසි රිතික් රෝෂන් එම වසරේ හොදම නළුවා ලෙස සම්මානයද හිමිකර ගත්තා. රිතික්ගේ රංගනයෙන් දායකවූ ක‍්‍රිෂ් 3 චිත‍්‍රපටය මේ වනවිට අතිසාර්ථකව තිරගත වනවා.

රිතික්ගේ පෙම්වතිය යැයි සදහන් වන මැක්සිකානු නිරූපිකා/නිළි බාබරා මෝරි සහ රිතික්ගේ ඡායාරුප  කිහිපයක් පහතින් නරබන්න.













*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya