Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මවගේ නිදි පැදුරට එන අනියම් සැමියා දුවගේ යහනටත් ගොඩවෙලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මවගේ නිදි පැදුරට එන අනියම් සැමියා දුවගේ යහනටත් ගොඩවෙලා

rash

දැරිය 
අපහරණය
කළ
හිටපු සෙබළා
වසර 87ක්‌
හිර ගෙට....

නව වැනි වසරේ ඉගෙනුම ලැබූ දහතුන් හැවිරිදි බාල වයස්‌කාර පාසල් සිසුවියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට කෙලෙසීම සම්බන්ධයෙන් චෝදනා හයක්‌ යටතේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි හිටපු යුද හමුදා සෙබළෙකු එකී චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු ඔහුට වසර අසූ හතක සිර දඬුවමක්‌ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ෙ€මා ස්‌වර්ණාධිපති මහත්මිය නියම කළාය.

ගල්ගමුව, කළුන්දැගම, විසි අට කොටසේ, අංක 144 නිවසේ පදිංච තිස්‌පස්‌ හැවිරිදි හට්‌ටුවන් පේඩිගේ සුගත් කරුණාරත්න යන අයට මෙලෙස දඬුවම් නියම කෙරිණි. විත්තිකරුට එරෙහිව වින්දිත දැරිය අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක්‌ සහ ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක්‌ නඟා තිබිණි.

මේ අනුව දැරිය අපහරණය කිරීමේ චෝදනා තුනට වසර හත බැගින් වසර විසි එකක සිර දඬුවමක්‌ද ඇයව දූෂණය කිරීමේ චෝදනා තුනට වසර විස්‌ස බැගින් වසර හැටක සිර දඬුවමක්‌ද නියම කළ විනිසුරුවරිය එකී දඬුවමට අමතරව වින්දිත දැරිය අපහරණය කිරීමේ චෝදනා තුනට රුපියල් දෙදහස්‌ පන්සියය බැගින් දඩ මුදලක්‌ හා ඇයට රුපියල් එක්‌ ලක්‌ෂ පනස්‌ දහසක වන්දි මුදලක්‌ ගෙවන ලෙසට නියෝග කළාය.

මේ අතර එකී දඩ සහ වන්දි මුදල් විත්තිකරු විසින් නොගෙවන්නේ නම් ඒ වෙනුවෙන් බරපතල වැඩ සහිත තවත් වසර හයක සිර දඬුවමක්‌ විනිසුරු ෙ€මා ස්‌වර්ණාධිපති මහත්මිය නියම කරනු ලැබුවාය.

විත්තිකරු එකී දඩ සහ වන්දි මුදල් නොගෙවන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම නිසා මේ අනුව ඔහුව වසර අසූ හතක සිර දඬුවම් නියම කෙරිණි.


විත්තිකරු වින්දිත දැරියගේ මව සමග අනියම් ඇසුරක්‌ පවත්වාගෙන යන අතරතුර දී 2011 වසරේ දෙසැම්බර් මස 01 වැනිදා සිට 2012 පෙබරවාරි මස 20 වැනිදා දක්‌වා කාලය තුළ එවකට අවුරුදු දහතුනයි මාස තුනක්‌ වයසැති රාජාංගණය, නවගත්තේගම, පාසල් ශිෂ්‍යාවක්‌ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ බවටත්, ඇය දූෂණය කළ බවටත් නීතිපතිවරයා විසින් ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 354 වන වගන්තිය යටතේ සහ 1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනතින් සංශෝධිත ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 364 (2) ඊ වගන්තිය උල්ලංඝනය කිරීමෙන් එකී පනතේ 362 (2) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ සිදු කර ඇති බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.

දැරිය පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ගිය අවස්‌ථාවන්හි විත්තිකරු විසින් ඇය ගල්ගමුව වැලිහීන්දැව හා ගල්ගමුව නගරයේ නවාතැන් පළකදී සහ මොහොට්‌ට හෙත්තෑව ප්‍රදේශයේ ගල්ගුහාවක්‌ තුළදී දූෂණය කර ඇති බවට තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති ලඝූ නොවන නඩු විභාගයේදී කියෑවිණි.

මේ අතර විත්තිකරු සිය බිරිඳ හැර දමාවිත් වින්දිත දැරියගේ මව සමග කලක්‌ අනියම් ඇසුරක්‌ පවත්වමින් ජීවත් වී ඇති බවද එහිදී වැඩිදුරටත් කියෑවිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන්ගා ප්‍රනාන්දු මෙනෙවිය සමග තඹුත්තේගම පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් රජය පත්කළ නීතිඥ ප්‍රියන්ති හෙට්‌ටිආරච්චි මහත්මිය පෙනී සිටියාය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya