Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මම බුදුන්ගේ කාලයේ විශකා වෙන්න ඇති

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මම බුදුන්ගේ කාලයේ විශකා වෙන්න ඇති

rash

මම බුදුන්ගේ කාලයේ විශකා වෙන්න ඇති
මහත්තයගේ කැසිනෝ ක්ලබ් එක වහලා මම බාර් එකක් දැම්මා
මම ඉපදෙන්නේ තව ආත්ම තුනයි

ඊ ඒ පී මාධ්‍ය ජාලයේ හිමිකරු සෝමා එදිරිසිංහ අද පුවත්පතක් සමඟ සාකච්ජාවක් පවත්වමින් තොරතුරු රැසක් හෙළි කර තිබෙනවා. ඇය විශ්වාස කරන්නේ බුදුන්ගේ කාලයේ විශාකාව තමන් බවයි.

එමෙන්ම ඇය ඉපදෙන්නේ තව ආත්ම තුනක් පමණක් බවත් පවසා තිබෙන අතර ස්වාමියා විසින් පවත්වාගන ගිය කැසිනෝ ශාලාවක් වසා දමා ලිකර් ලයිසන් එකක් ගෙන ඊඒපී බාර් එක විවෘත කල බවද පවසා තිබෙනවා.


උප්පැන්නේ සඳහන් නම මොකද්ද?
සෝමලතා පෙරේරා.

ගම?

සල්පිටිකෝරලයේ පල්ලෙපත්තුවේ වටරැක.

ගැහැනුන්ගෙන් වයස අහන්නත් මොකද්ද වගේ
කීයක් වගෙ ද පේන්නෙ?

හැට පහක්, හැත්තෑවක් විතර?
හරි.

කොහොම ද මහත්තයා (ඊ. ඒ. පී. එදිරිසිංහ) මුණගැහුණේ?
ඒක යෝජිත විවාහයක්. මුලින්ම යෝජනා වුණේ මට නෙමෙයි අක්කට. මට මතකයි ඒ දවස්වල තාත්තා කියපු දේ.

"ඒ මනුස්සයා උනන්දුවක් තියෙන... බොහෝම අමාරුවෙන් බිස්නස්වලින් දියුණු වුණු කෙනෙක්. අපේ වැඩවලටත් එයාව හවුල් කරගන්න පුළුවන්. අනෙක මේ යෝජනාව බොහෝම කලාතුරකින් එන යෝජනාවක්."
"එයා හොඳටම කළුයි තාත්තේ" අක්කා කිව්වා.
එතකොට තාත්තා කිව්වා "කළු වුණාට මොකද බං. උඹගේ වාසනාව ළංවෙලා තියෙන්නේ. ඒකට පයින් ගහන්න එපා..." කියලා.
අපි එදිරිසිංහට කැමැති වුණේ එයා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් නිසා. මොකද මම පික්චර් පිස්සියක්. එතකොට රඟපාන්නත් පුළුවන්නේ. කොහොම වුණත් අක්කා කැමැති වුණේ නැහැ. පස්සේ අක්කා වෙන කෙනෙක්ව බැන්දා. (ඔහු නුවර වෛද්‍යවරයකු වුණු එස්. බී. දිසානායක) ඒ වෙඩිං එකට එදිරිසිංහ ආවා. මම තමයි දෙවැනි මනමාලිය.

ඔබත් ඉතිං මනමාලි වගේම ලස්සනට ඉන්න ඇති?
ඉන්නකෝ අනේ කියනකල්. එදිරිසිංහ ඊළඟ විවාහ යෝජනාව ගෙනාවේ මට. අපේ හඳහන් ගැළපුණා. අක්කා අප්‍රේල්වල බැන්දා. මම ඒ අවුරුද්දෙම දෙසැම්බර්වල බැන්දා.

ඔබ පික්චර් පිස්සියක් කියලා කිව්වනේ?

ඔයාට කියන්න අපි "කැලැහඳ" බැලුවේ හෝල් එකේ හිටගෙන. මං හරි ආසයි නළු නිළියන්ට. ඔය ආනන්ද ජයරත්න, ලීනා ද සිල්වා, සේනාධීර කුරුප්පු, හර්බට් එම්. සෙනෙවිරත්න වගෙ නළු නිළියන්ගෙ ගෙවල්වලටත් අපි යනවා. ඇත්තටම අපිට පිස්සු. අපේ වත්තේ පලතුරු ඕනැ තරම්. මං ඒවත් අරගෙන තමයි මේ අය හම්බුවෙන්න යන්නේ. සේනාධීර කුරුප්පුගේ වයිෆ් වරකා කන්න හරි ආසයි. මං ඉතිං ඒ ගොල්ලන්ට ඒවත් දෙනවා.

ඔබ යොවුන් වියේදි හරිම දඟකාරයි කියලා අපි අහලා තියෙනවා.
අපි කරපු වැඩ දැන් ඉන්න කෙල්ලෝ කරන්න හිතන්නෙවත් නැහැ මෙයා. මං එක සිද්ධියක් කියන්නම්. අපි යාළුවෝ ටික දවසක් රොඩි ගැහැනු වගෙ ඇඳගෙන කොළඹ හිඟා කෑවා.

මිසිස් එදිරිසිංහ සාමාන්‍යයෙන් ලස්සන කෙනෙක්නේ. විවාහයට කලින් ප්‍රේම සම්බන්ධකම් එහෙම තිබුණේ නැද්ද?
තාත්තා ඔක්කෝමලා බෝඩිං කරලයි තිබුණේ. මම විතරයි බස් එකේ ඉස්කෝලේ ගියේ. වතාවක් බස් හෝල්ට් එකේදී කොල්ලො ටිකක් මට විහිළු කරන්න පටන්ගත්තා. එක කොල්ලෙක් මාත්තෙක්ක යාළු වෙන්න ට්‍රයි කළා. කෙනෙක් ඔයාගේ නම මොකද්ද කියලා ඇහැව්වා. මම "දිට්ඨ මංගලිකා" කියලා කිව්වා.

ඒ මොකද ඒ වගේ නමක් කිව්වේ?
මේකනේ අයියෝ. එදා පන්තියේ ඉගැන්වූයේ දිට්ඨ මංගලිකා කතා වස්තුව. අපේ තාත්තා හරි සැරයි. කාටවත් කා එක්කවත් යාළු වෙන්න ඉඩ දුන්නෙ නැහැ. ඉස්කෝලේ යනවා මිසක් වෙන ගමන් බිමන් යන්නත් අවසරයක් නැහැ. ඉස්කෝලේ ගමන ගැන වුණත් ඔහු හිටියේ හරිම විමසිල්ලෙන්.

මට මතකයි ඒ කාලේ ඔය සූරියප්පෙරුමත් අපේ ගෙවල් ළඟින් යනකොට කාර් එකේ හෝන් එක ගහනවා. අහන්නකෝ සූරියප්පෙරුම හම්බුවෙච්ච වෙලාවක. අපි ඉතිං ගෙදර බැල්කනියේ ඉඳන් අත වනනවා. මොකකටවත් නෙමෙයි, කොලොප්පමට.

ව්‍යාපාරවලට අත ගැහැව්වේ?
හදිසි හෘදයාබාධයකින් මහත්තයා නැතිවුනාට පස්සේ මාදුළුවාවේ සෝභිත, ගලබොඩ ඥානිස්සර වගේ හාමුදුරුවරු මාව ධෛර්යවත් කළා. ඇත්තටම මම දැනන් හිටපු බිස්නස් එකක් නැහැ. අඩුම ගාණේ බිලක් ලියාගන්නවත් මං දැනන් හිටියේ නැහැ. මං පැත්තකට වෙලා හිටියොත් වැඩේ වරදින්න පුළුවන් කියලා හිතපු නිසා වැඩේට බැස්සා. සමහරු හිතුවා මං මේවා විකුණලා දායි කියලා.

ඔබට සෑහෙන අභියෝග එල්ල වෙන්න ඇති?
ඔව්. මං එක උදාහරණයක් දෙන්නම්. බොරැල්ලේ දැන් ඔය ඊ.ඒ.පී. බාර් එක තියෙන තැන ඉස්සර තිබ්බෙ කැසිනෝ ක්ලබ් එකක්. ඒක මහත්තයා පවත්වගෙන ගිය එකක්. මං ඒක වහලා දැම්මා. තගරි මුදලාලිලා ආවා කුලියට ඉල්ලගෙන. මට දැනගන්න ලැබුණා, ඒ අය ටික කාලයක් ගියාම එක්තරා දේශපාලන බලවතකුගෙ උදව්වෙන් ඉඩම් ලියා ගන්නවා කියලා. මම වහාම ලිකර් ලයිසන් එකක් ගත්තා. බාර් එක දැම්මෙ ඊට පස්සේ.

ඔබ පුනරුත්පත්තිය විශ්වාස කරනව ද?
මම ඉපදෙන්නේ තව ආත්ම තුනයි. ඒක මට කියලා තියෙනවා.

ගිය ආත්මයේ කවුරු වෙන්න ඇද්ද?
ඔය හාමුදුරුවරු කියන්නේ විශාඛාව වෙන්න ඇති කියලා.

දරුවන් ගැන යමක් කියන්න පුළුවන් ද?
පුත්තු තුන්දෙනයි; දුවයි. ජීවක, නාලක, අසංග පුතුන්. දීපා දුව. එක පුතෙක් (නාලක) බැඳලා ඉන්නේ ජනප්‍රිය සිනමා නිළි ජීවරාණි කුරුකුලසූරියගේ දියණියක්. මට මුනුපුරු මිනිබිරියන්ම 12 දෙනෙක් ඉන්නවා.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya