Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අක්කට පෙර නංගි පතිකුලයට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අක්කට පෙර නංගි පතිකුලයට

rash

මට දැනුණා
මගේ හිතේ
ඇඳිලා
තිබුණු රූපේ
එයා කියලා

සිනමා රංගන ක්‍ෂේත්‍රයේ කටකාර දඟකාර රූමතියක් වන 'ශේෂාද්‍රි ප්‍රියසාද්' ඇගේ ජීවිතේ සොඳුරු වෙනසකට ලක ලැහැස්ති වෙනවා කියලා අපට ආරංචි වුණා. ඇගේ විවාහ උත්සවය ජනවාරි මාසයේ තියෙනවා කියලා ආරංචි වුණ නිසාම ශේෂාද්‍රි පිළිබදව කතා කරන්නට අප අදහස් කළා.

ඇගේ අනාගත සැමියාගේ නම සම්පත් ද සිල්වා ය. ඔහු ඔස්ට්‍රේලියානු ආයතනයක රැකියාවේ නිරතව සිටියි. ශේෂාද්‍රි විවාහයෙන් පසුව රංගනයෙන් ඉවත්වන්නට නම් තවම තීරණය කරලා නැතිලු. ඇය නිළියක් වීම සම්පත්ට ප්‍රශ්නයක් නැති බවත් ඔහු ඇය විවාහ කරගන්න තෝරා ගත්තේ ඇය නිළියක් වුණ නිසා ‍නෙවෙන බවත් ඇය තමා වෙත ලැබෙන නිර්මාණ තෝරා බේරා ගෙන හොඳ නිර්මාණවලට සහභාගී වන නිසා ඔහුට ඈ නිළියක් වීම ප්‍රශ්නයක් නෙවන බව ශේෂාද්‍රි පැවසුවා ය.

ශේෂාද්‍රි පවුලේ දෙවැන්නා ය. ඇගේ අක්කා එනම් ජනප්‍රිය නිළි දිනක්ෂිගේ විවාහයටත් කලින් නංගි වන ඇයට ඉක්මනින්ම විවාහ වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් ඇය මේ අයුරින් අදහස ප්‍රකාශ කර තිබුණි.

"මේ විවාහය සිද්ධ වෙන්නේ යෝජනාවකින්.මංහිතන්නේ ඒක දෛවය අනුව සිද්ධවන දෙයක්.
 අම්මයි, තාත්තයි තමයි යෝජනාව ගෙනාවේ. මට කිව්වා කතා කරලා බලන්න කියලා. සම්පත් එක්ක කතා කළාම මට දැනුණා සම්පත් තමයි මගේ හිතේ ඇඳිලා තියෙන්නේ කියලා. ඒ දෙයට සම්පත්ගේ රූපෙත් බලපාන්න ඇති.



එයාගේ ගතිගුණවලට තමයි මම ගොඩක් කැමැති. මාව හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. මගේ හැම වුවමනාවක්ම සම්පත් හොයලා බලනවා. මට එයා එක්ක හිත සතුටින් හැම වෙලාවකම ඉන්න පුළුවන්. ඒ වගේම එයා හොඳට ඉගෙන ගත්ත බුද්ධිමත් කෙනෙක්.

ඔයා විවාහ වෙන්නේ අඩු වයසින් කියලා හිතෙන්නේ නැහැ. මට දැන් වයස 22යි. මම කොහොමත් 24 වෙන්න කලින් තමයි බඳන්න හිතාගෙන හිටියේ.

විවාහ ජීවිතේ වගකීම් ගොඩක් කියලා මම දන්නවා. සාමාන්‍යයෙන් මට ඕනෑම වගකීමක් දරාගන්න පුළුවන්. මට හිතෙනවා විවාහ ජීවිතේ වගකීම් මට දරාගන්න පුළුවන් කියලා.

සම්පත්ට විශ්වාසවන්ත බිරිඳක් වෙන්න ඇත්තමට මට පුළුවන්. විවාහ ජීවිතේ තියෙන වගකීම් මම හරි විශ්වාසවන්ත විදිහට දරාගෙන කටයුතු කරනවා.

විවාහයත් එක්ක ශේෂාද්‍රිගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙන්නේ නැහැ. මගේ අධ්‍යාපන කටයුතුවලට විවාහය කිසිම විදිහකින් බාධාවක් වෙන එකක් නැහැ.

විවාහයත් එක්ක අක්කාගෙනුයි නංගිගෙනුයි ඈත්වෙන්න වෙනවා. හැමදාම වගේ එයාලා ළඟ මට ඉන්න වෙන එකක් නැහැ. ඒත් ඉතිං මට පුළුවන් හැම වෙලාවකම මම එයාලව බලන්න යනවා.

මගේ විවාහ උත්සවය තියෙනවා. ඒ ගැන මම තව ටික දවසකින් කියන්නම්."

 
ශේෂාද්‍රි මේදිනවල "ජැක්සන් ඇන්තනී" විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "ඇඩ්රස් නෑ.."  නම් වූ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලාසිටියි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya