Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සෙක්සි නිළි චොප්රාගේ සැබෑ ස්වරුපය හෙළිවේ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සෙක්සි නිළි චොප්රාගේ සැබෑ ස්වරුපය හෙළිවේ

rash

බොලිවුඩ්
සරාගිනියගේ
ඒකාකාරී 
නොවූ ජීවිතය

හින්දි සිනමාව තුළ එනම් බොලිවුඩය තුළ හැකියාවන්ගෙන් පිරිපුන් දක්‍ෂතාවන් ඇති කරළියක මොන මිනුම් දණ්ඩක් මත ඉදිමින් මොනම විෂයක් සම්බන්ධයෙන් හෝ තේරීමකට ලක් කරන්නේ කොහොමද? කියන ගැටලුව හැමෝටම මතුවෙනවා. ඒ වගේද රූප සම්පත්තියෙන් අඩුවක් නැති නිළියන් ඉන්න එවන් ක්‍ෂේත්‍රයක් පිළිබද කවර කතාද?

ඒත් ඉන්දියාවෙ මාධ්‍ය තුළින් එක් නිළියකට නම් පොදුවේ හැඳින්වුව නමක් තිබුණා. ඒ විතරක් නෙවෙයි එක්සත් රාජධානියේ මැගසින්  එකකින් පවා ඇයව හඳුන්වලා තිබුණේ ඒ නමින්. ඒ නම තමයි. 'Asia's Sexiest Women' ඒ නිළිය අන් කවුරුත් නොව බොහෝ දෙනා හොදින් හදුණන ප්‍රියංකා චොප්රා ය.

ඉන්දියාවෙ පමණක් නොව ලොව පුරාම ඉන්න හින්දි සිනමා රසිකයන්ගේ ප්‍රියතම නිළියක් වෙලා ඉන්න 'ප්‍රියංකා චොප්රා' ඉපදුණේ 1982 ජූලි 18 වැනිදා ය. මේ වෙනකොට ඉඟසුඟ නළවන හරිම සෞම්‍ය විදියට පේන චොප්රාගෙ අම්මයි තාත්තයි දෙන්නම සේවය කළේ යුද හමුදාවෙ වෛද්‍යවරු ලෙසයි.. මේ හින්දාම අම්මයි තාත්තයි රැකියාවෙන් මාරුවීම් ලබන හැම වෙලාවෙම වගේ චොප්රාටත් තැනින් තැන පාසල්වලට මාරුවෙන්න සිද්ධ වුණා. ඒත් ඒ දවස්වල ඉඳලාම ප්‍රියංකා නිතරම පැවසු කරුණක් වුයේ,

"මේ වගේ තැන් තැන්වලට යන්න වෙන එක ගැන මම එච්චර හිතුවෙ නෑ...... මොකද මම සතුටු වුණා ඉන්දියාවේ තැන් තැන්වලට ගිහිල්ලා සංචාරය කරන්න ලැබුණු එක ගැන."

අවු. 13දී ඇමෙරිකාවට ගියපු ප්‍රියංකා එයාගෙ අධ්‍යාපන කටයුතු නිමකරලා තිබුණේ, 'Army Public School' එකෙන්.  කොහොමින් කොහොම හරි අධ්‍යාපන කටයුතු නිමාකරලා 2000 වසරේ දී 'Miss India' වෙන්නත් "Miss World" වෙන්නත් ඇය වාසනාවන්ත වුවා.


ඊට හරියට වසර දෙකකට විතර පස්සෙ ප්‍රියංකාට බොලිවුඩ් සිනමාපටයක රඟපාන්නත් අවස්ථාව ලැබුණා.  ඒ වුණාට ප්‍රියංකාව දැන් කවුරුත් දන්නේ හින්දි සිනමාවෙන් වුණත් එයා මුලින්ම රඟපාලා තියෙන්නේ දෙමළ චිත්‍රපටයක. ඒ චිත්‍රපටය තමයි "Thamixha" කියන්නේ. ඒත් ඇය Bolly Wood සිනමාවට ආවෙනම් 2003 දී අනිල් ෂර්මගෙ 'The Hero Film' එකෙන්.

ඉතිං ගොඩක් දෙනෙක් දැනගන්න කැමැති දෙයක් තමයි තමන් කැමැති නිළිය කැමැතිම ආහාරය මොකක්ද? පාට මොකක්ද? උස කීයද? උසට හරියන බර තියෙනවද? වගේ දේවල්.

ප්‍රියංකා කැමැතිම ආහාරය නම් 'Dish Lasagna Makki Roti' සහ 'Sarson Ka Saag' ඒ වගේම තමයි ගොඩක් අය තමන්ටම කැමැති විලාසිතාවක්. ඇඳුමක් තියෙනවනෙ. ප්‍රියංකා නම් කැමැතිම ඇඳුම තමයි සාරිය. සාරිය කියන දේ ගැන ප්‍රියංකා බොහොම වැදගත් විදියට තමයි හිතන්නෙ.

එයාගේ ප්‍රියතම සුවඳ විලවුන් ජාතිය තමයි Dune. රංගනය අතින් ගත්තාම මෙයා ඉන්දියාවේ Kishore Kumar ට වගේම Mel Gibson ටත් වැඩි කැමැත්තක් දක්වනවා. ප්‍රියංකා කියලා තියෙන විදියට මෙයාගෙ කැමැතිම ගීත දෙක වෙලා තියෙන්නේ Careless Whispers, l will Always Love You කියන ගීත දෙක. කැමැතිම ගීත දෙක ගැන කියද් දී ප්‍රියංකා ගැන කියන්න තියෙන්නෙ හැමෝම හිතන් හිටියට මෙයා නිළියක් කියලා නිළියක් විතරක් නෙවෙයි දැන් ගායිකාවකුත් වෙනවා.



ප්‍රියංකා ගායන ක්‍ෂේත්‍රයට පය තැබුවෙ තමන් රඟපෑව මුල්ම චිත්‍රපටය වුණ Thamizhan කියන දෙමළ චිත්‍රපටයට ගීතයක් ගායනා කරමින්. ඒ ගීතය තමයි 'Ullathai Killadhe' කියන්නේ.

පසුගිය කාලෙ ඒ කියන්නෙ 2012 සැප්තැම්බර්වලදී තමයි. 'In my city'  කියන එයාගෙ අලුත්ම සින්දුව Release කළේ. ඒක Release කරලා පැය 12කට පස්සෙ තමයි මේ සින්දුව ඉන්දියාවෙ Release කළේ.


කොහොම වුණත් ප්‍රියංකාගෙ ප්‍රියතම විනෝදාංශය විදියට දක්වලා තියෙන්නෙ පොත් කියැවීම. ඉතින් එයා පොත් කියැවීම සම්බන්ධයෙන් ගොඩක් දේවල් කියලා තියෙනවා. ඒ ගැන සම්මුඛ සාකච්ඡාවක දී ඇය මෙලෙසින් පවසා සිටියා ය.

"මගේ විනෝදාංශය තමයි පොත් කියවන එක. මං අවධාරණයෙන් ඕනෑම තැනක කියනවා මගේ විනෝදාංශ අතර අංක 1 ඒක කියලා. 

මං වැඩියෙන්ම මේකට නැඹුරු වෙන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ඉඳලා. ඒ පොත මට හම්බවුණේ මගේ අම්මගෙන්. ඒත් අම්මා නම් පොත කියවලා තිබිලා නෑ..... අම්මට දුක හිතෙන හින්දා ඒ පොත තමයි 'My Feudal Lord' (Tehmeena Durrani)

මේ පොත කියෙව්වට පස්සෙ මාව මනසින් සෑහෙන පහත් තත්ත්වයකට ඇදගෙන වැටුණා. ඒ පොතේ තිබුණු දේවල් තදින්ම මගේ මනසේ කාවැදෙන්න පටන් ගත්තා. "


ඉතින් චිත්‍රපට ජීවිතය ඇතුළේ මොන මොන විදියේ චරිත විදියට හැසිරුණත් මේ වගේ චරිතවල පෞද්ගලික සිතුම් පැතුම්, අදහස් ගැන දැනගන්න කවුද අකමැති වෙන්නෙ.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya