Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: විවාහ නොවීම දීපිකා මධුසමයට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

විවාහ නොවීම දීපිකා මධුසමයට

rash

තරම්
ලස්සන
තැනක් මං
කවදාවත්
දැකලා 
නැහැ.......

බොලිවුඩයේ ඉතාමත් ජනප්‍රිය නිළියක වන දීපිකා පදුකෝන් උපන්නේ 1986 ජනවාරි 5 දින ඩෙන්මාර්ක්හී ය. ඇගේ පියා ප්‍රකාශ් පදුකෝන් වූ අතර ඔහු ජාත්‍යන්තර මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකි. ඇගේ මව උජාලා පදුකෝන් ය.

වඩාත් ම සැහැල්ලු විලාසිතාවන්ට බර දීපිකාගේ මිල අධිකම ඇදුම් විලාසිතා ඉන්දියානු ඒවා බවත් ඇය වඩාත්ම කැමැතිම ඇඳුම වන්නේ සාරිය යි. එහෙත් ඇය කුමන ඇදුමකින් හැඩවුවත් සුදු කමිසයයි නිල් ජින්ස් එකයි තරම් ප්‍රිය කරන වෙනත් ඇදුමක් නැති තරම්ලු. දීපිකා බොහෝවිට ආභරණ පලඳින කෙනෙක් නොවුනත් ඇයට ඔරලෝසුවක් නම් අත්‍යවශ්‍ය ම ආභරණයකි



සමකාලීන රංගන ශිල්පිනියන්ගෙන් ඇය අනුෂ්කා ශර්මා, සෝනම් කපූර්, කන්ගනා රනවන්.වැනි නිළියන්ගේ විලාසිතාවන් ප්‍රිය කරනවාලු.

සයිෆ් අලීඛාන්, ශාරුක් ඛාන්, අක්ශේ කුමාර්, දීපිකාගේ ප්‍රියතම නළුවන් අතරේ සිටියි.

රන්බීර් සමඟ සිඩ්නිවල ගත කළ කාලයේ මතකය පිළිබදව දීපිකා පවසා තිබුණේ මෙලෙසිනි.


"Kudaa Janee චිත්‍රපටයට අපි එහි ගීතයක් රූගත කළා. එකපාරටම පරෙවි රංචුවක් ආවා. උන් මාව වටකරගෙන කැරකෙනවා. ඒ මදිවට මගෙ අත පහුරු ගාන්න පටන්ගන්නවා. ඒ වුණාට ඒක හරි ලස්සන අත්දැකීමක්.

ඉතාලියේ ගියෙත් රන්බීර් සමඟ දවස් 10ක් ඉතාලියේ දී රූගත කිරීම් තිබුණා. ආදරබර ශෘංගාරාත්මක ගීතයක් තමයි අපි රූගත කළේ. ඒ තරම් ලස්සන ස්ථානයක් මං දැකලා නැහැ කවදාවත්. ඇත්තටම නිවාඩුවක් ගතකරන්න කදිමයි. මගේ මධුසමය ගතකරන්න මං දැනටමත් ඉතාලිය තෝරාගෙන ඉවරයි."


දීපිකා විනෝදයට බෙහෙවින් බර වූ නිළියකි. ඇගේ විනෝදය වෙනුවෙන් දීපිකා කරන දෑ පිළිබදවත්, ඇගේ ජිවන රටාව මෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටීමේ රහස පිලිබදවත් දීපිකා මාධ්‍ය හමුවක් හා එක වූ අවස්තාවක දී පවසා සිටියේ මෙලෙසිනි.

"මං හරිම සමාජශීලී කෙනෙක්. ඒ නිසා හරිම විනෝදකාමී. කොහොමත් මං නංගි එක්ක සයිකල් පදිනවා. බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා, ඇවිදිනවා. මං සංචාරය කරන්න හුඟක් කැමැතියි.

ශාරීරික යෝග්‍යතාව සඳහා මට උපදේශකවරයෙක් ඉන්නවා. දවස් හතරක් ව්‍යායාම කරනවා. ක්‍රියාකාරීව දවස් දෙකක් ගතකරනවා. දවසක් විවේකයෙන් ඉන්නවා.

වාෂ්පීකරණය මඟින් මං හොඳ රුධිර ගමනාගමනයක් ශරීරයට ඇතිකර ගන්නවා. එවිට හරිම නැවුම් ගතියක් දැනෙනවා. කොණ්ඩයට පොල්තෙල් සත්කාරයක් කරනවා. රූගත කිරීම් නැත්නම් මේක්අප් කරන්නෙම නෑ. හැමදාම මොයිෂ්චරයිසින් ක්‍රීම් එකක් ගානවා සම පැහැපත්ව තබා ගන්න.



මේක්අප්වලින් ස්වාභාවික ලස්සන නැති කරන්න මං කැමැති නැහැ. මස්කාරා නම් මම ගානවා. රතුපාට ලිප්ස්ටික්වලට මං කැමැතියි. ඇස් නම් මේක්අප් මඟින් ඉස්මතු කරන්න විශේෂ කැමැත්තක් තිබෙනවා.

ආහාර සහ පෝෂණය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වනවා. ශක්තිමත්, සැහැල්ලු සහ නිරෝගී සිරුරක ප්‍රධාන රහස පෝෂ්‍යදායී සෞඛ්‍ය සම්පන්න ආහාර. මං වැඩිපුර දියර ආහාර ගන්නවා. පලතුරු සහ එළවළු නම් අනිවාර්යයි. 


ලෙමන් සහ මින්ට් යුෂ මට උදව් කරනවා. ග්‍රීෂ්ම කාලයේ උෂ්ණත්වය අඩු කරන්න. මී කිරිවලට සහ බටර් කිරිවලට මං හුඟක් කැමැතියි. රෑට නම් බත් කන්නෙම අඩුවෙන්. 

ගෙදර දි හදන කෑම කන්න තමයි මං නිතරම උත්සාහ කරන්නෙ. රෑගත කිරීම් සඳහා යන විටත් ගෙදර පිසූ කෑම මං අරගෙන යනවා. සෑම පැය දෙකකට වරක්ම නැවුම් පලතුරු වීදුරුවක් බොනවා.

මම උදේ නැඟිට්ට ගමන් උණු වතුර වීදුරුවක් බොනවා. පුරුද්දක් විදියට දවස ආරම්භ කරන්නෙ පලතුරු යුෂ එක්කල කෝපි කෝප්පයකින්.
 

මගේ උදේ ආහාරය බිත්තර දෙකයි, තක්කාලි පිරවුම සමඟ තෝසේ. පොල් චට්නි, මේද රහිත කිරි අනිවාර්යයි.

දවල් ආහාරයට, මාළු සහ එළවළු අනිවාර්යයි. බ්‍රවුන් රයිස්, තිරිඟු පාන්. දවල් කෑමට කෝක් එකක් තිබ්බොත් නියමයි.

රාත්‍රි කෑමට පැණිරස ආහාර වැඩිපුරම ගන්නවා. චොකලට්, කේක් මං කැමැතිම දෙයක්. ඊට අමතරව ගස්ලබු සහ කෙසෙල් බීම, මාළු, කුකුළු මස් වගේ දේවල් කනවා."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya