Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පිරිමි වෙස් ගත් කාන්තා සෙබළියෝ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පිරිමි වෙස් ගත් කාන්තා සෙබළියෝ

rash

පිරිමි වෙස්ගත් 
කාන්තා 
සෙබළියෝ 
දෙදෙනකු දැලේ

යුද හමුදාවෙන් පලා ගිය කාන්තා සෙබළියන් දෙදෙනෙකු ඉමදුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ. ඉමදුව, මැවැල්ල, ගොඩඋඩ නිවසක පිරිමි වෙස් ගෙන සිටිය දී මෙම හමුදා සෙබළියන් අත්අඩංගුවට ගැනිණ.

කාන්තාවක් පමණක් පදිංචිව සිටින නිවසක කාමරයක් මෙම සෙබලියෝ බද්දට ගෙන මාසයකට රුපියල් දෙදහස් පන්සියක් බදුකුලිය ලෙස ගෙවා තිබෙන බව පොලිසිය කළ මුලික පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. එක් සෙබලියක් නිවසේ කාමරයේ සිටින අතර අනෙක් සෙබලිය ප‍්‍රදේශයේ කුලී වැඩ කිරීම, තීන්ත ආලේප කිරීම, තේ හා කුරුඳු හේන්වල වැඩ කරමින් මුදල් උපයාගෙන තිබේ.

මොවුන් දෙපළ කාන්තාවක් වශයෙන් පෙනුමෙන්  හා බාහිර ස්වරූපයෙන් හඳුනාගත නොහැකි බව ද පොලිසිය පවසයි. එසේම මොවුන් දෙපළ සෙසු පුද්ගලයන්ට තමන් පිරිමි පුද්ගලයන් සේ පෙනෙන අයුරින් කටයුතු කිරීමට ද ඔවුන් වගබලාගෙන ඇත.

මෙම සෙබලියන් දෙදෙනා කෝදාගොඩ හා දික්වැල්ල ප‍්‍රදේශවල කාන්තාවෝ දෙදෙනෙක් බවට හෙළිදරව් වී තිබුණි. එසේ ම මෙම සෙබළියන් ආරක්ෂක අංශයෙන් පැනවිත් කාන්තාවක් පමණක් සිටින නිවසක මේ ආකාරයට කාමරයක් බදුගෙන වාසය කළේ ඇයි ද යන්න පිළිබඳව පොලිසිය කරුණු අනාවරණය කරමින් සිටිති.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya