Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ටෙලි ක්‍ෂේත්‍රය තුළ විකිණෙන නිළියන් ගැන සේමිණි කියයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ටෙලි ක්‍ෂේත්‍රය තුළ විකිණෙන නිළියන් ගැන සේමිණි කියයි

rash

කවදාවත් 
මට නම් 
අයුතු
බලපෑම් 
ඇති වී නැහැ....

ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන 'මුතු පලස' ටෙලි නාට්‍යය හා ඊට තේමා වී ඇති කතා තේමාව පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රයේ යම් සංවාදයක් ඇති වී තිබේ. ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන අලුත් නිළියන්ට මුහුණදීමට සිදුවන ලිංගික බලපෑම් හා හිංසාව මුතු පලස ටෙලි නාට්‍යය තුළින් නිරූපණය කෙරේ.

එහෙත් මේ පිළිබඳව ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් නිර්මාණකරුවන් සතුටක් දක්වන්නේ නැත. ටෙලි නිර්මාණ සංසදය පවසන්නේ මෙමගින් ටෙලිනාට්‍ය ශිල්පීන් ශිල්පිනියන්ගේ ජීවන වෘත්තිය හෑල්ලුවට ලක්වන බවය. ටෙලි නිර්මාණ ක්‍ෂේත්‍රයේ නියැලී සිටින සියලුම දෙනා කාමුක පිරිසක් බවට මෙමගින් ඒත්තු ගැන්වෙන බව ය. මෙම ටෙලි නාට්‍යයට විරෝධය දක්වමින් ඔවුන් ස්වර්ණවාහිනී නාලිකාවට ලිපියක් පවා යොමු කර තිබිණි.


පසු ගිය දිනෙක ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ ද පුවත් පත් හමුවක දි මුතු පලස ටෙලිය පිළිබදව අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.

"ක්‍ෂේත්‍රය තුළ මෙවැනි ලිංගික හිංසාවන් සිදුවන බවට උලුප්පා පෙන්වීමෙන් මුළු ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයම හෑල්ලුවට ලක්වෙනවා කියන තැන තමයි මමත් ඉන්නේ. ඕනෑම ක්‍ෂේත්‍රයක විවිධ අදහස් ඇති මිනිසුන් ඉන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ ඒ මිනිස්සු අතරට ගිහින් අපි හැසිරෙන විදිහ තමයි.
 

මනුස්සයෙක් වුණාම බුද්ධිමත් විය යුතුයි. ඒ බුද්ධිමත්භාවය ප්‍රයෝජනයට අරන් වැඩ කරන්න පුලුවන් වුනොත් මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.... එහෙම කටයුතු කරනවා නම් වෙනත් අයථා බලපෑම්වලට යටත් වෙන්නත් ඕනෑ වෙන්නේ නැහැ.
 

මමත් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට ආවේ හුඟක් තරුණ වයසේ දි හැබැයි කවදාවත් මට නම් ඔවැනි බලපෑම් ඇති වී නැහැ.... එහෙම ඇතිවන විදියට අපි හැසිරිලත් නැහැ.... කොහොම හරි මේ විදිහට ක්‍ෂේත්‍රය හෑල්ලුවට ලක්වෙන, රැල්ලට යන නාට්‍ය ගැන ඇත්තටම මට ඇති පැහැදීමකුත් නැහැ....

අද ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ විකිණෙන නිළියෝ පිරිසක් ඉන්නවා. ඒක නැහැ කියන්න බැහැ. ඔවුන් නම් මේ විදිහට සමහරවිට බලපෑම්වලට යටත් වී ඇති. ඉතින් එහෙම අය නිළියෝ කියලා කියන්නත් බැහැ. ක්‍ෂේත්‍රය ගැන දැනුමක් නැතිව වැඩකරන අයට ඇත්තටම නිළියෝ කියන්න බැහැ කියලයි මම හිතන්නේ."

 


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya