Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මිස් ෆ්‍රාන්ස් කිරුළට තරගවදින ප්‍රංශ යුවතියන්ට ලක් සවාරියක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මිස් ෆ්‍රාන්ස් කිරුළට තරගවදින ප්‍රංශ යුවතියන්ට ලක් සවාරියක්

rash

චොගම් 
සමුළුවෙන් 
පස්සේ 
සුරූපී ප්‍රංශ 
යුවතියන් 
තිස්දෙනෙකු 
ලංකාවට

මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ  කිරුළ සඳහා තරගවදින  අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන්  තිස්තුන් දෙනෙකු  ඊයේ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.

මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත්  මැරීන් ලෝෆෙලීන් මෙනවිය ද  වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තා ය.

මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම්  ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර  ප‍්‍රංශයේ කලාප 33කින් පැමිණි  වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී  යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය.

සිනමන් හෝටල් කාර්‍යමන්ඩලය සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‍යමණ්ඩලය  විසින්  ගුවන්තොටුපොළ සේද මාවතේ දී මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උණුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.

මෙම  සංචාරයේ ප‍්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකු ද ඊයේ දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50කට අධික පිරිසක් ද  මෙරටට පැමිණියහ.

යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප‍්‍රචාරන ප‍්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ් 1  ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ‍්‍රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමට ද නියමිතය.

මීට පෙර තායිලන්තය, මාලදිවයින, මෙක්සිකෝව හා මුරුසි වැනි රටවල් කරා මිස් ෆ‍්‍රාන්ස් හි වැඩසටහන් ගමන් කර ඇතත්  මිස් ෆ‍්‍රාන්ස් තරගාවලි ඉතිහාසයේ පළමු වරට එහි අවසන් වටයේ තරගකාරිනියන් ශ‍්‍රී ලංකාවට පැමිනි  අවස්ථාව මෙය වෙයි.

ප‍්‍රංශ යුවතියන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය සඳහා නිල චාරිකා  සහකරු ලෙස ශ‍්‍රී ලංකන් ගුවන්සේවය ද, නිල සත්කාරක සේවා සහකරු ලෙස සිනමන් හෝටල් හා රෙසෝට්ස් ජාලය කටයුතු කරයි.

මෙම සංචාරයේ දී සිනමන් ලොජ් හබරණ හා සිනමන් බේ බේරුවල යන සිනමන් හෝටල්හි මෙම පිරිස නවතැන් ගැන්මට අපේක්ෂිතය. විශේෂයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණයට හා වනජීවී උද්‍යාන වලට මධ්‍යගතව පිහිටා ඇති සිනමන් ලොජ් හබරන ඔස්සේ අතිශය සුන්දර සංස්කෘතික විවිධත්වය හා වනජීවී සුන්දරත්වය සංචාරයට එක්කරන අතර සිනමන් බේ බේරුවල හරහා රන් පැහැ වෙරළ තිරයක විවේකී සුන්දරත්වය ලගා කරමින් සුර්යාලෝකය විඳිමින්  මුහුද හා වෙරළ හරහා මොවුන් යොමු කිරීමට කටයුතු කර ඇත.

2014 වසරේ මිස් ෆ‍්‍රාන්ස් කිරුළ දිනාගන්නා ජයග‍්‍රාහිකාව මෙම සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිනෙන අතර එහි දි සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරමින් මෙරට දි මෙන්ම ප‍්‍රංශයේ දී ද විවිද වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිත ය.

සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම අලෙවි ප‍්‍රධානී හා උප සභාපති දිලිප් මුද්දෙනිය මහතා පැවසූවේ මෙම උත්කර්ශවත් අන්තර්ජාතික ඉසව්ව සඳහා නිළ සත්කාරන සේවා සැපයුම්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් වන බවයි.

2014 මිස් ෆ‍්‍රාන්ස් තරගාවලිය ඔස්සේ   ශ‍්‍රී ලංකාව උසස් තත්වයේ ගමනාන්තයක්  ලෙස ගෝලීය වශයෙන් අවධානයට පත්  වන බවත් ඔහු පැවසීය.

මෙරට සුන්දර දර්ශන තල ආශ‍්‍රීතව සිදුකෙරෙන රූප ගත කිරීම් හරහා මෙරට සුන්දරත්වය පිළිබිඹු කරන අතරේදීම මෙරට සතු අද්විතීය සංස්කෘතිය හා උනුසුම් ආගන්තුක සත්කාරශීලිත්වය තරගාවලිය නරබන්නන් කරා ගෙන යා හැකි වන බවත් කීය.

තමන් ඇතුළු සමස්ත සිනමන් කාර්‍ය මණ්ඩලයම මෙම සුන්දර යුවතියන් පිළිගෙන ඔවුන්ට හරවත් අත්දැකීමක් සමීප කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු පවසා තිබුණි.

ලංකාවට පැමිණි සුරූපී ප‍්‍රංශ යුවතියන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්.











*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya