Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සිල් රෙද්ද කටේ ඔබා මහළු කතක් කෙළසලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සිල් රෙද්ද කටේ ඔබා මහළු කතක් කෙළසලා

rash

හැත්තෑ දෙහැවිරිදි  
මහළු කත 
කෙළෙසු 
නරුමයින් 
පොලිස් 
සුනඛයාට මාට්ටු

වයස්ගත කාන්තාවන් දූෂණය කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේ දිගින් දිගටම අසන්නට ලැබුණි. මේ සියලු කාන්තාවන් වයස අවුරුදු හැටපහක් , හැත්තෑවත් අතර වූවන් වන අතර වැඩි දෙනකු දූෂකයින් විසින් මරා දමා තිබීම ද විශේෂත්වයකි.

මෙවැන් සිද්ධීන්වලට ලක් වූ බොහෝ දෙනෙක් නිවෙස්වල තනිවම වාසය කළ කාන්තාවන් ය. නිවෙසේ තිබූ වටිනා දේ සොරකම් කර පසුව තම පහත් කාමාශාවන් ද සපුරාගෙන එම කාන්තාවන්ගේ ගෙළ මිරිකා හෝ වෙනත් ක්‍රමයකින් මරා කාමාතුරයෝ නිවෙසින් පිටව ගොස් ඇති අවස්ථා පොලිස් පරීක්ෂණවල දී කොතෙකුත් හෙළි වී ඇත.

මෙවැනි සිද්ධීන්වලට අත්අඩංගුවට ගෙන ඇති බොහෝ සැකකරුවන් වයස අවුරුදු විසි දෙකත් තිහත් අතරේ පසුවන්නන් වන අතර ඔවුන් බොහොමයක් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවන් බැව් ද හෙළිව ඇත.

මෙවැනි පහත් අමිහිරි සිදුවීමක් පසුගිය දිනෙක බදුරලිය පොලිස් වසමට අයත් හැඩිගල්ල කිරිමැටියාවල ප්‍රදේශයෙන් ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණි. ඇගේ වාසනාවකට මේ කාමාතුරයන්ට ඇයව මරා දමන්නට නොහැකි විය.

ඇය නමින් ඇසිලින් ය. ඇසිලින්ට පිරිමි දරුවන් තිදෙනෙකි. එම දරුවන් ද විවාහ වී ඔවුන්ට ද දරුවන් සිටින බැවින් ඇය ආච්චි අම්මා කෙනෙකි. ඇගේ දරුවන් ගම් ප්‍රදේශයෙන් බැහැරව ජීවත්වන අතර එක් පුතකු ඇය සමඟ නිවෙසේ වාසය කළේ ය. වයස අවුරුදු හැත්තෑ එකක් වුවද තමන්ගේ වැඩ කටයුතු තමන්ටම කරගැනීමට හැකි හොඳ කාය ශක්තියක් ඇය සතුව තිබුණා ය.

උදේ සවස මල් පහන් පූජා කරමින් සෑම පොහොයකදීම ගමේ පන්සලට ගොස් පෙහෙවස් සමාදන් වන්නට ද ඇය පුරුදුව සිටියා ය. ඒ හේතුව නිසාම ප්‍රදේශයේ බොහෝ දෙනකු ඇය හැඳින් වූයේ ඇසිලින් උපාසක අම්මා ලෙසින් ය. පසුගිය තිස්වැනි දින ඇසිලින් ආත්තම්මා සමඟ නිවෙසේ සිටි පුතා දුර බැහැර පදිංචිව සිටින තම සහෝදරයා බැලීම සඳහා ඔහුගේ නිවෙසට ගියේ ය.

ගෙදර තනි වූ ඇසිලින් අම්මා ද සුපුරුදු පරිදි නිවෙසේ වැඩ කටයුතු කර හවස තෙරුවන් නමැද රාත්‍රී ආහාරය ද ගෙන නිවෙස තුළට වී සිටියා ය.

රාත්‍රී දහයට පමණ ඉදිරිපස දොරට කවුරුන් හෝ තට්ටුකරන සද්දයක් ඇයට ඇසුණා ය.

“කවුද ඔය...”

“නැන්දේ අපිට බෙහෙත් පෙත්තක් බොන්න උණු වතුර ටිකක් දෙනවද?”
                                                                                               දොරට තට්ටු කළ අයකු කියන්නට විය. බියවීමට තරම් කිසිදු හේතුවක් නොමැති නිසා ඇසලින් අම්මා පැමිණ ඉදිරිපස දොර විවර කළා ය.

“ඔහොම ඉන්න මම...”
                            යනුවෙන් පැවසූ ඇසිලින් අම්මා උණුවතුර ගෙන ඒමට කුස්සියට යන්නට වූවා ය. ඒත් සමඟ ම නිවෙසට ඇතුලු වූ අයකු නිවෙස් ප්‍රධාන විදුලි ස්විචය එකවරම නිවා දැම්මේ ය.

“හරි වැඩේනේ... පුතේ... ලයිට් ගියා නේද...?”
                                                         නිවෙසේ තිබූ විදුලි පන්දම ඇය අතට ගත්තේ එසේ කියමින් ය. අනෙකා එකවරම ඇසිලින් අම්මා අත තිබූ විදුලි පන්දම උදුරා ගත්තේ ය.

“කෑ ගහන්න හදන්න එපා... කෑ ගැහුවොත් මරලා දානවා... තේරුණාද...?”
                                                                                               ඇසිලින් අම්මා බයේ වෙව්ලන්නට වූවා ය.
නිවෙසට අතුලු වූ අනෙක් පුද්ගලයා තම අත තිබූ විදුලි පන්දම දල්වා අල්මාරිය අවුස්සන්නට විය. ඇසිලින් අම්මාව බිය කරගෙන සිටි අනෙකා ඇයව කාමරයක් තුළට ඇද ගෙන ගියේ ඔය අතරය.


උදුරා ගත් විදුලි පන්දම එහාට මෙහාට වනමින් ඔහු යමක් සොයන්නට විය. අවසානයේ ඔහුගේ අතට හසුවූයේ ඇඳුම් රාක්කයේ තිබූ රෙදි කැබැල්ලකි. එය ඇසිලින් අම්මාගේ සිල් රෙද්ද බව නොදත් මේ කාමාතුරයා ඉන් ඇගේ කට ගැට ගැසුවේ ය. 

බියටපත් ඇසිලින් අම්මා කිසිවක් කරකියාගත නොහැකිව ඒ මේ අත දඟලද්දී ම මේ නොසන්ඩාලයා වයස්ගත අත්තම්මාගෙන් තම පහත් ආශාවන් කිහිප වරක්ම ඉටු කරගත්තේ ය.

පැය කිහිපයකට පසුව ඇසිලින් අම්මාගේ කටේ ගැට ගසා තිබූ රෙදි කැබැල්ල ගලවා දැමුවේ ය.

“දැන් සද්ද නොකර නිදා ගන්න ඕනේ... හෙට උදේ වෙනකන් ගෙයින් එළියටවත් යන්න බැහැ. එහෙම උනොත් ඊළඟ දවසේ ඇවිල්ල අපි උඹව මරලා දානවා...”
             ඔවුන් දෙදෙනා නිවෙසින් පිටව ගියේ නිවෙසේ තිබූ රන් කරාබු ජෝඩුවක්, ජංගම දුරකථනයක්, කැසට් යන්ත්‍රයක් හා රුපියල් දෙදහසක් ද සොරාගෙන ය. කාමාතුරයාගේ පහත් ක්‍රියාකාරකම් නිසා ඉතා අපහසුවෙන් සිටි ඇසිලින් අම්මා ගෙට ගුලි වී සිටියේ කොයි මොහොතක හෝ එළිය වැටෙන තුරුය. පසුදිනට පහන්වෙද් දී ඇසිලින් අම්මා ආමාරුවෙන් ම වහා තම නිවෙස අසල පදිංචිව සිටින ඥාතියකුගේ ගෙදරට ගියා ය. පෙරදින රාත්‍රියේ සිදුවූ සියල්ල එකක් නෑර ඇය ඔවුන්ට කීවා ය.

“අපි ගිහින් පොලිසියට කියමු...”
                                         ඔවුහු ඇසිලින් අම්මාව රැගෙන බදුරලිය පොලිසියට ගොස් සිද්ධිය පිළිබදව පැමිණිලි කළහ. බදුරලිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති සුගත් ධම්මික ඇතුලු නිලධාරීන් පිරිස හැඩිගල්ල කිරිමැටියාවල බලා පිටත්ව ගියේ ඉන් පසුව ය.

“මේ වගේ දේවල් වෙන්නේ විකෘති මනසක් තියෙන එවුන් අතින් තමයි. මේ වැඩේ කරන්න ඇත්තේ එක්කෝ කුඩු ගහන එකෙක්, එහෙම නැත්තම් ගංජා ගහන එකෙක්...”
                                                                           හැඩිගල්ලට යන අතරතුර දී ස්ථානාධිපති උදය කුමාර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කීවේ ය.

“හැබැයි සර්... ඔය පැත්තේ කුඩු ගහන එවුන් නැහැ... ගංජා ගහන එවුන් තමයි ඉන්නේ...”
                                                                                                        අපරාධ අංශයේ ස්ථානාධිපති කීවේ ය.

ඇසිලින් අම්මාගේ නිවෙසට ගිය පොලිස් නිලධාරීහු නිවෙස හොඳින් පරීක්ෂා කරන්නට වූහ. මේ අතරතුර ස්ථානාධිපතිවරුන් දෙදෙනා යුහුසුළු වූයේ ප්‍රදේශයේ ගංජාවලට තදින් ඇබ්බැහි වී ඇති අය පිළිබඳව තොරතුරු සොයා බලන්නට ය. ගංජාවලට තදින්ම ඇබ්බැහි වී සිටි දෙදෙනකු පිළිබඳ පොලිසියට තොරතුරක් ලැබුණේ පරීක්ෂණ පවත්වන අතරතුරේදී ය.

පොලිසිය ඔවුන් දෙදෙනාගේ හැසිරීම් රහසිගතව සොයා බැලූ අතර, ඒ අනුව පොලිසිය මේ දෙදෙනා පිළිබඳව සැකයක් ද ඇතිකර ගත්තේ ය. කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා සහ මතුගම සහකාර පොලිස් අධිකාරී එස්. පියරත්න යන මහත්වරුන් ද දුරකථනයෙන් දැනුම්වත් කළ ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධව ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත්තේ ය.

ඔවුන්ගේ උපදෙස් මත හොරණ පොලිස් නිල සුනඛ ඒකකයේ සිටින දක්ෂතම සුනඛයකු වූ “ග්‍රේරෝ” සිද්ධිය වූ ස්ථානයට කැඳවන්නට තීරණය විය. කොස්තාපල් දුමින්ද සුනඛ ග්‍රේරෝ මෙහෙයවනු ලැබී ය.

ඇසිලින් අම්මාගේ කට බැඳ දැමූ සිල් රෙද්ද ග්‍රේරෝට කිට්ටු කර ඉව කරන්නට දුන්නේ කොස්තාපල්වරයා ය. සිල් රෙද්ද ඉව කළ ග්‍රේරෝ ඒ අසල පිහිටි නිවෙසකට දිවගෙස් නතර විය. පසුව ග්‍රේරෝ තවත් නිවෙසකට ද ඉව අල්ලා ඇතුල් විය.

ග්‍රේරෝ පළමුව ඇතුලු වූ නිවෙසේ සිටියේ ගංජාබීමට තදින්ම ඇබ්බැහි වූ අයෙකි. ඔහුගේ පියා ද කලකට පෙර සිදු කළ මිනීමැරුම් නඩුවක වරදකරු වී වසර අටක සිරබත් කා පැමිණි අයෙකි. මේ පිය පුතු දෙදෙනාට අමතරව පුතාගේ හොඳම මිතුරකු වූ තවත් අයකු ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත්තේ ග්‍රේරෝ දුන් හෝඩුවාව අනුවය.

සොරකම සම්බන්ධව දැන සිටීම පියා අත්අඩංගුවට ගැනීමට හේතු විය.

ග්‍රේරෝ ” දෙවැනි වර ඉව ඇල්ලූ නිවෙසේ අයියා මලෝ දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ව නිදහස් කළේ ය. මේ දෙදෙනාගෙන් අයියා ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන්නකු බවත්, මල්ලී මානසික ආබාධයකින් පෙළෙන්නකු බවත් පරීක්ෂණවල දී හෙළිවීම ඊට හේතුව විය.

අනෙක් සැකකරුවන් සිද්ධියට සම්බන්ධ වූවන් බව පොලිස් පරීක්ණවල දී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සිරබත් කා පැමිණි පියා මෙයට සම්බන්ධ නොවූවත් ඔහු මේ සිදු වීම දැන සිට ඇති අතර එය වසන්කර සිටීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව පොලිසිය කියා සිටියේ ය. සැකකරුවන් නිවෙසින් සොරකම් කරගත් ජංගම දුරකථනයක් කැසට් යන්ත්‍රයක් ද අසල තේ වත්තක තිබී ප්‍රදේශවාසීන් පොලිසියට සොයා දී ඇත.

කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා, මතුගම සහකාර පොලිස් අධිකාරී එස්. පියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බදුරලිය පොලිස් ස්ථානාධිපති උදයකුමාර මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති සුගත් ධම්මික කොස්තාපල්වරුන් වන රෝහිත (7061) දීපාල්(52434) සමඟ හොරණ පොලිසියේ කොස්තාපල් දුමින්ද (44839) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු මෙහෙය වූහ.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya