Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බස්නාහිර මැතිවරණයෙන් ගයේෂා සන්ධානයට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බස්නාහිර මැතිවරණයෙන් ගයේෂා සන්ධානයට

rash

මං නිර්භීත 
නිළියක්... 
දුක් විඳින 
කාත්තාවන්ගේ 
අසිපත 
මම 
අතට ගන්නවා

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බස්නාහිර  පළාත් සභා මැතිවරණයේ දී,  ජනප්‍රිය නිළියක් වන 'ගයේෂා පෙරේරා' එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට නියමිත බව එම පක්ෂය ඇතුළත රාවයක් පැතිර යමින් තිබේ.

පසුගිය දිනක වෙබ් අඩවියක් සමග පැවති සාකච්ජාවක දී ද දේශපාලනයට එක්වන බව ඇය අනාවරණය කර තිබුණි.

වර්තමානයේ සිටින  කාන්තා නියෝජිතයින් මෙන් බොරු දේශපාලනයක් කිරීමට තමා සුදානම් නොමැති බවත්,  කොන්ද කෙලින් තියන නායකයෙක් සමග  දුක් විඳින කාත්තාවන්ගේ අසිපත තමන් අතට ගන්න බවත් ගයේෂා පවසන්නී ය.

"මම මේ රටේ නායකයාව ඉහමුදුනින් පිළිගන්න කෙනෙක්.  කරල තියනව නම් කරල තියෙන්නේ ඔහු වෙනුවෙන් කරපු දේවල්. යුද හමුදාවේ වැඩසටහන් රණවිරු නිවස හදන වැඩසටහන් වෙනුවෙන් මම වේදිකාවේ නැගල කතා කරල තියනවා. මං ඒවගේ නිර්භීත නිළියක්. මං අසාධාරණයට ලක්වෙච්ච කාන්තාවන් වෙනුවෙන් කථා කරන්න ඉදිරියට එනවා.

හැබැයි දේශපාලනයේ දී නම් මට මේ රටේ මන්ත්‍රී හොඳත් නෑ... ඇමති හොඳත් නෑ.... මට හොඳ මේ රටේ ජනතාව විතරයි. ඒ ගැන තීරණයක් මං ළඟදීම  ගන්නවා. 

හැබැයි දැන් ඉන්න කාන්තා නියෝජිතවරියො වගේ බොරු දේශපාලනයක් කරන්න ලෑස්තිවෙන් නෑ.... කොන්ද කෙලින් තියන නායකයෙක් එක්ක දුක්විඳින කාත්තාවන්ගේ අසිපත අරන් තමයි ගයේෂා ඉදිරියට එන්නෙ."
             යයි ඇය එහි දී සඳහන් කර තිබේ.

පසු ගිය කාලය පුරාවටම මෙන් ම දැනටත් ඇය කාගේත් කතාබහට ලක් වූ නිළියක් බවට පත් වී සිටින්නේ ඉගිල්ලෙන මාළුවෝ තුළ නිරුවත විදහා පාමින් රංගනයේ නිරත වූ නිසා ය. ඇය එම රංගනය පිළිබදව ද අදහස් දක්වමින් පවසා සිටියේ තමන් නිරූපණය කළ එම චරිතය හුදෙක් ලංකාවේ අසාධාරණයට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් බවයි.











*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya