Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා - ජනපති කැමරන්ට කියයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා - ජනපති කැමරන්ට කියයි

rash

කැමරන්ගේ 
ප්‍රකාශය 
ජනපති 
ප්‍රතික්ෂේප කරයි 

මානව හිමිකම් කඩවුවා යැයි කියමින් ඇතැමුන් ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න යැයි ප්‍රකාශ කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ඊයේ (16)පස්වරුවේ බණ්ඩාර නායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය හමුවක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මානව හිමිකම් කඩවීම පිළිබද සොයා බැලීමට රජය කඩිනමින් කටයුතු කරන බවත් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින් තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට ඕනෑම කෙනෙකුට අවස්තාව පවතින බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. 

ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය "ඩේවිඩ් කැමරන්" මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි. රජය ඒ පිළිබද සොයා බැලීමට කටයුතු නොකළහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව ද ඩේවිඩ් කැමරන් එහි දී  ප්‍රකාශ කර තිබුණි.

මෙම ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ත්‍රස්තවාදය පැවති කාලසීමාවේ දී මේ රට පිළිබද සොයා නොබැලු අය දැන් අප රටේ ප්‍රශ්නවලට මැදිහත් වීමට කටයුතු කරන බවත් 



'' වීදුරු ගෙවල් තුළ සිට ගල් ගහන්න එපා'' 
                                                         කියන ප්‍රකාශය තමන් මේ මොහොතේ දී සදහන් කරන බව ද ජනාධිපතිතුමන් එහි දී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ පුනර්ජීවනය සඳහා ක්‍රීඩාවලින් සුවිශේෂී කාර්යය භාරයක් ඉටුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ බත්තරමුල්ල වෝටස් ඒජ්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් සහභාගී වූ ක්‍රීඩාව සම්බන්ධ විශේෂ උත්සවයකදී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ විවිධ ජාතීන් අතර සමාජීය ඒකාබද්ධතාවය සහ සමගිය ඇති කිරීම සහ සම්බන්ධතා ගොඩනැගීමට ක්‍රීඩාවෙන් නිසැකවම උපකාර ලැබී ඇති බවයි. සාමයේ සහ සමෘද්ධිය ප්‍රතිලාභයක් ලෙස ශ්‍රී ලංකාව ශරීර සුවතාවය, සාධාරණ ලෙස ක්‍රීඩා කිරීම, කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා පිය නැගීමේ අගයන් හිමි කර ගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ ප්‍රතිසන්ධානය සහ ප්‍රජාව තුළ සමගිය ගොඩනැගීට මෙය සාර්ථක මාවතක් බවයි. 




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya