Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සිරි සමන්ත භද්‍ර හිමි අරහත් වෙලා නෑ: විවාදයකට මා සූදානම්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සිරි සමන්ත භද්‍ර හිමි අරහත් වෙලා නෑ: විවාදයකට මා සූදානම්

rash

පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය කාලයේ තමන් සකෘද්ධාගාමී වූ බව පවසා මහා පරිමාන ප්‍රසිද්ධියක් ලබාගන්නා ලදි. අනතුරුව සිවුරේ පැහැයද වෙනස් කරගත් අතර නම ද සිරි සමන්ත භද්‍ර ලෙස වෙනස් කරගන්නා ලදි.
මීට පෙර පොහොය දිනයන්හිදී රූපවාහිනී වැඩසටහන් වලට නැතිවම බැරි කෙනෙක් වූ පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය අවුරුද්දකට වැඩි කාලයක් රූපවාහිනියේ දක්නට ලැබුණේ නෑ. ඒ උන්වහන්සේ විසින් මාර්ගඵල අවබෝධකරගෙන ඇති බවට ගෙනගිය ව්‍යාජ ප්‍රචාරය නිසාය.
එම හේතුවෙන් උන්වහන්සේ ශාසනයෙන් ඉවත් කළ යුතු බවටද විශාල කතිකාවතක් ඇතිවී තිබුණි. පසුගිය පොහෝදා ස්වර්ණවාහිනි ධර්ම දේශනාව සජීවීව වැඩසටහන සිරි සමන්තබද්‍ර හිමියන්ගේ ආශ්‍රමයේ සිට පැවැත්වූ අතර

එහිදී උන්වහන්සේ තමාගේ නව දහම් අවබෝධය පිලිබඳ පැහැදිලිකරමින් ඒ සම්බන්ධව අභියෝගයක්ද මෙලෙස සිදුකරනු ලැබුවා.

"ඕනෑම කෙනෙකුට මාව පරීක්ෂා කරන්න ඉඩ තියනවා. උගතුන්, ඥානවන්තයන්, ශාස්ත්‍රවන්තයන්, ධර්මදරයන්, විද්‍යාඥයන්, දේශපාලඥයන්, සමාජයේ සියළුම තරාතිරම් වල මිනිස්සු මාව සභාවකට කැඳවලා මගෙන් ප්‍රශ්න කරලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාව පරද්දන්න. කිසිවෙකුට මාව පරාජයට පත්කල නොහැක"


ඒ අනුව උන්වහන්සේ අභියෝගාත්මකව කරන ලද ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් ඕනෑම මාධ්‍යයක සජීවී ප්‍රසිද්ධ විවාදයකට තමන් සූදානම් බව කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, දෙවැනි පටුමඟේ, ජයවීර මාවතේ, අංක 49/5 දරන ස්ථානයේ පදිංචි කිත්සිරි ආනන්ද මහතා පවසයි.

සිරිධම්ම හිමියන්ගේ ධර්ම ඥානය හෝ අවබෝධයට අභියෝග කළ හැකි කිසිවකු මේ මනුෂ්‍ය ලෝකයේ නැති බව උන්වහන්සේ ප්‍රකාශ කර ඇති බවත් මෙවැනි හාස්‍යජනක ප්‍රකාශ කිහිප අවස්ථාවකදීම උන්වහන්සේ කර ඇති බවත්, පෙන්වාදෙන කිත්සිරි ආනන්ද මහතා සිරිධම්ම හිමියන්ගේ මේ හැසිරීම් චිරාත් කාලයක් නිකළැල් ලෙස මහා සංඝරත්නය ආරක්‍ෂා කරගෙන ආ උතුම් ධර්මයට කරන අපහාසයක් බව තමන්ට ඔප්පු කළ හැකි බවද පවසයි.

උන්වහන්සේ පවසන ආකාරයේ ධර්ම ඥානයක් උන්වහන්සේට නොමැති බවත්, උන්වහන්සේගේ ප්‍රකාශ ධර්ම විරෝධී බවත්, එසේම ධර්මයට අනුව විමසන විට සමන්තභද්‍ර හිමියන්ට රහත් බව වැනි ඉහළ අධිගමයක් කෙසේවත් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් එය ඔප්පු කිරීමට තමන්ට හැකි බවද හෙතෙම පවසයි.

සමන්තභද්‍ර හිමියන් විවිධ හේතු දක්වා මේ විවාදයට මඟ නොහැර ඉදිරිපත් වන්නේ නම් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස උන්වහන්සේට සත්‍ය අවබෝධ කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම කළ හැකි බවත් ඒ සඳහා ධර්මාවබෝධය ඇති භික්‍ෂුන් වහන්සේ විශාල පිරිසක් වැඩසිටින බවත් කිත්සිරි ආනන්ද මහතා පෙන්වා දෙයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya