Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: දවසකට කෝටි දහයක මුදල් යටගහන කටුනායක ඩියුටි ෆ්‍රී වංචාව

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

දවසකට කෝටි දහයක මුදල් යටගහන කටුනායක ඩියුටි ෆ්‍රී වංචාව

rash

දෙවසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගියකුට හිමි තීරු බදු රහිත භාණ්ඩ ලබාගැනීමේ වරප්‍රසාදය (ALLOWENCE) අක්‍රමිකව යොදා ගැනීමෙන් දිනකට රුපියල් දස කෝටිය (10,00,00,000) ඉක්ම වූ තීරු බදු වංචාවක් කටුනායක ගුවන්තොට ආශ්‍රිතව සිදුවන බව වාර්තාවේ.
දෙවසරකට වැඩි කාලයක් විදේශගතව මෙරටට එන එවන් ගුවන් මගියකුට ඇ.ඩොලර් 1750ක (රුපියල් 1750×135=2,36,250) දෙලක්‍ෂ තිස්හයදහස් දෙසීය පනහක උපරිමයකට යටත්ව තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලට ගැනීමේ වරප්‍රසාදය හිමිය.

එසේ වුවත් දින දෙක තුනක් විදේශගතව පැමිණෙන මගියකුටද

එම වරප්‍රසාදය හිමිකරදීමෙන් මේ වංචාව කෙරෙන බව හෙළි වී තිබේ.


එවන් ගුවන් මගියකුට හිමි වරප්‍රසාද යටතේ ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර වැනි විදුලි උපකරණ මෙන්ම විදේශ මත්පැන් තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලට ගත හැකි අතර එම භාණ්ඩ එසේ මිලට නොගන්නා මගීන්ගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු ලේඛනවල භාණ්ඩ මිලට ගත් බව සඳහන් කර එම ගුවන් මගියාද සමඟ භාණ්ඩ ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටට ගෙන ඒමෙන් මේ වංචාව කෙරේ.

ගුවන්තොටුපොළ රාජකාරි කරන දූෂිත නිලධාරීන් කීපදෙනකුගේ සහ දේශපාලන රැකවරණය ලබන තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයන් සුළු පිරිසක් මේ ජාවාරම කාලයක් තිස්සේ කරගෙන එන බව අනාවරණය වී තිබේ.

ගුවන්තොට ආගමන විගමන ආරංචි පවසන අන්දමට දිනකට පැමිණෙන මගීන් සංඛ්‍යාව දහසක් ඉක්මවන බවය.
අඩුම තරමින් මේ ගුවන් මගීන් පිරිසගෙන් අඩක් (500) හෝ යොදාගෙන මේ වංචාව කෙරෙන්නේ නම් (1750×135×500=11,81,25,000) අවම වශයෙන් රුපියල් එකොළොස් කෝටි අසූඑක් ලක්‍ෂ විසිපන්දහසක් පමණ වටිනා භාණ්ඩ දිනකට වංචනිකව බැහැර කෙරෙන බවද ඒ අනුව රුපියල් දසකෝටියක (10,00,00,000) තරම් තීරු බදු වංචාවක් දිනපතා සිදුකෙරෙන බවද රේගු ගිණුම් ආරංචි කියයි.

මේ පිළිබඳ විමසීමේදී ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්‍ෂ සනත් නෝනිස් මහතා පැවැසුවේ කාලයක් තිස්සේ මේ කටයුත්ත සංවිධානාත්මක කල්ලියක් විසින් ක්‍රියාත්මක කරනු ලබන බවය.

මේ වංචාවට ගොදුරුකරගනු ලබන්නේ කාලයක් තිස්සේ මැදපෙරදිග සේවයේ යෙදී සිට පැමිණෙන ගම්බද කාන්තාවන් බවයි. තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ කිසියම් පිරිසක් මේ මගී කාන්තාවන් සමඟ කතාබහ කර ඔවුන්ට කිසියම් මුදලක් දෙන බවට පොරොන්දු කරවාගෙන ඔවුන්ගේ ලිපිලේඛනවල භාණ්ඩ ගත් බවට සටහන් කරවා ඔවුන් සමඟ භාණ්ඩ පිටකෙරෙන බවය.

මේ වංචාව අවම කිරීමට එම සාප්පු සංකීර්ණයෙන් අලෙවි කෙරෙන සෑම භාණ්ඩයකම 'තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් අලෙවි කළ බවට මුද්‍රාවක් තැබූ බවද කොළඹ මල්වත්ත පාරේ බොහෝ වෙළෙඳසල්වල ඇති බොහොමයක් භාණ්ඩවල මෙම මුද්‍රාව ඇත්තේ ඒ නිසා බවද පසුගිය දිනවල සැක සහිත ගුවන් මගීන් කීපදෙනකු පරීක්‍ෂා කර රුපියල් අසූදාහක් (80,000) පමණ වටිනා ශීතකරණ හයක් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත් බවද රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් වී. විජේවීර මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන බවද නෝනිස් මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් රජයේ රේගු වෘත්තීය සමිති සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඇම්.ආර්.පී. විජේකෝන් මහතා කීවේ දේශපාලන රැකවරණය ලබන 'මාෆියාවක්' මේ පසුපස ක්‍රියාත්මක වන බවයි. තම සංගමයේ නිලධාරීන්ට අවස්ථා කීපයකදීම දැලිපිහිකරුවන්ගේ අතවරවලට මුහුණ පෑමට සිදුවූ බවද මේ වංචාව අවම කිරීමට නම් මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර සහ මුදල් නියෝජ්‍ය ඇමැතිතුමාගේ මැදිහත්වීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු කීය. 

සටහන - චන්ද්‍රසේන මාරසිංහ

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya