Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සෙනාලිගේ අලුත්ම එක

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සෙනාලිගේ අලුත්ම එක

rash

සෙනාලි 
හිටි 
හැටියේම 
ලංකාවට 
ආවේ ඇයි.....?

සිරි පැරකුම් සිනමාපටයෙහි සිරිමල් එතනාගේ චරිතය රඟපෑ සෙනාලි ෆොන්සේකා පදිංචිව සිටියේ එංගලන්තයේ ය. ඇය එහි සිට දිවයිනට පැමිණියේ එම චිත්‍රපටයේ රගපෑමට ය. එහි වැඩකටයුතු හා තවත් වෙළෙද දැනවීම් කිහිපයකට ද පෙනී සිටි සෙනාලි පසුගිය දිනක දුකකින් නමුත් ලංකාවෙන්  යළිත් එංගලන්තයට ගියේ ඇගේ අධ්‍යාපන වැඩ කටයුතු වෙණුවෙනි.

ලංකාවෙන් පිටව ආපසු එංගලන්තය බලා පිටත් වීම දුකක් බැව් පැවසු සෙනාලි නැවතත් ලංකාවට පැමිණ ඇති අතර ඇය මේ වනවිට නුවරඑළිය පැත්තේ සිටින බව ද පැවසේ. අධ්‍යාපන වැඩකටයුතු නැවතත් පසෙක තබා සෙනාලි නැවතත් මෙසේ හදිස්සියේම දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අළු බඳුන හි අධ්‍යක්ෂවරයා මෙන්ම රචකයා ද වන දිලුක ප්‍රසාද් ගුණතිලකගේ අලුත් ටෙලියට දායකවීමට ය.


එම ටෙලිය "ඒ කළු සෙවණැල්ල" ලෙස නම්කර තිබේ. මෙම කළු සෙවණැල්ල ටෙලි සිතුවමට ජීවන් කුමාරතුංග, රොෂාන් රණවන ඇතුළු ප්‍රවීණ මෙන්ම දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්  රැසක් රංගනයෙන් දායකවන බව ද පැවසේ.

සෙනාලි ඇතුළු නළු නිළි පිරිස මේ දිනවල කළු සෙවණැල්ල ටෙලිය වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින් සිටින බවත් ඔවුන් සියුලු දෙනා මේ දිනවල සුන්දර නුවරඑළිය අවට ප්‍රදේශයන්හි රූ ගැන්වීම් සිදුවන කළු සෙවණැල්ල ටෙලි සිතුවමේ රූගත කිරීම් හි නිරතව සිටිති.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya