Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හිටපු පෙම්වතා අතවර කරන්න හැදුවැයි සුපර් ස්ටාර් ශානිකා උසාවියේ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හිටපු පෙම්වතා අතවර කරන්න හැදුවැයි සුපර් ස්ටාර් ශානිකා උසාවියේ

rash

තමා මව සමග නගරයට ගිය අවස්ථාවක තරුණයෙකු තමන්ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් අතවර කරන්නට හැදුවේ යයි සිරස සුපර් ස්ටාර් කිරුළ දිනූ ශානිකා මධුමාලි ඉදිරිපත් කළ පැමිණිල්ලක් පසුගිය සතියේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වුණා.
2010 වසරේ පැවති සිරස සුපර් ස්ටාර් සීසන්3 තරගයේ ජයග්‍රාහිකාව වූයේ පොල්ගහවෙල පදිංචි 22 හැවිරිදි ඇයයි.
ඇය මව සමග කුරුණෑගල ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවකට ගොස් නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේ මේ පුද්ගලයා තමාගේ අතින් ඇද බලෙන් රැගෙන යාමට හැදූ බවත් මව පැමිණි ඔහුව තල්ලූ කර දමා තමාව බේරාගත් බවත්

ඇය පොලිස් කාන්තා කාර්යාංශයට කර තිබූ පැමිණිල්ලේ දැක්වෙනවා. ඔහු තමා දන්නා කාර් සේල් එකක් පවත්වා යන පුද්ගලයෙකු යයි ඇය ඔහුව හඳුන්වාදුන් නමුත් විත්ති පාර්ශ්වය කියා සිටියේ මේ ඇගේ හිටපු පෙම්වතා බවයි.

මෙම පුද්ගලයාට තමා සිරස සුපර් ස්ටාර් තරගයෙන් ජයගත් අවස්ථාවේ ත්‍යාග වශයෙන් ලැබුණ මෝටර්
රථය විකුණාදීම සඳහා ලබාදුන් නමුත් තවම එහි වටිනාකමින් ලබා දුන්නේ කොටසක් පමණක් බවත් ඇය සඳහන් කර තිඛෙනවා. එසේම ඔහු තමාගේ අලූත් පෙම් සබඳතා කඩා දමන බවට නිතරම දුරකථනයෙන් තර්ජනය කරන බවත් විදේශගත වන්නට හැදුවොත් ගමන්මල්ලට මොනවා හෝ දමා නීතියට හසුකරවන බවට කියා ඇතැයි ඇය සඳහන් කර තිඛෙනවා.

මෙම චෝදනා ගැන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියේ සියල්ල අසත්‍ය ඒවා බවකි. පොල්ගහවෙල ප්‍රදේශයේ කාර් සේල් එකක හිමිකරු වන මේ තරුණයා මුදල් වංචා සිදුකරන්නට අවශ්‍යතාවක් නැති බවත් පැමිණිලිකාරියගේ අදාළ වාහනය විකුණා ඇයට සියලූ වත්කම් ලබාදී එම ගනුදෙනුව අවසන් කර ඇති බවත් අධිකරණය නොමග යවමින් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඔවුන් කියනවා.

ශානිකා මධුමාලි සමග පෙම්වතා සිටි ඡායාරූප කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කළ විත්ති පාර්ශ්වයේ නීතීඥයින් මේ දෙදෙනා පෙම්වතුන් ලෙස කාලයක් තිස්සේ ඇසුරු කර විවාහවීමට අපේක්ෂාවෙන් සිටි නමුත් පෙම් සබඳතාව අතහැර දැමීමට කාර් සේල් හිමි තරුණ පෙම්වතා තීරණය කළ නිසා පලිගැනීමේ අටියෙන් අසත්‍ය කරුණු ගොනු කර පැමිණිල්ලක් කර ඇති බව පැවසුවා.
රුපියල් දසදහසක ඇප මත තරුණයා මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර වැඩිදුර විභාගය ලබන ජනවාරි මස 30 වනදා පවත්වන්නට තීරණය කළා.




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya