Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: චිලි‍පේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

චිලි‍පේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන්

rash

චිලි‍පේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන් යොදාගන්නා ජාවාරමක්
ගෝනි 2000ක් පිටකොටුවේ ගබඩාවක

කොළඹ සහ ඒ අවට චීන හෝටල්වල චිලිපේස්ට් සෑදීම සඳහා කල් ඉකුත් වී නරක් වී ආහාරයට නුසුදුසු පණුවන් සහිත කූණිස්සන් සැපයීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිකරගත් පාරිභෝගික අධිකාරිය එවැනි කූණිස්සන් ගෝනි දෙදහසකට වැඩි ප්‍රමාණයක් ගොඩගැසූ ගබඩාවක්ද පිටකොටුවෙන් සොයාගෙන තිබේ.

මේ ගබඩාවේම කල් ඉකුත් වූ ආහාරයට නුසුදුසු

සහල් ගෝනි තුන්දහස් එකසියයක්ද සොයා‍ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.‍

ඊයේ (25) දහවල් මේ වැටලීම සිදු කෙරුණි. ඒ වන විටත් එම ගබඩාවෙන් කූණිස්සන් තොග නිකුත් කරමින් තිබිණි.

කොළඹ චීන හෝටල් විශාල ප්‍රමාණයක් මෙම කල් ඉකුත් වී පණුවන් ගැසූ කූණිස්සන් අඩු මිලට ලබා ගන්නා බවටද කරුණු අනාවරණය වී තිබේ.‍

එහි තිබූ සහල් තොග මාස තුනකටත් වඩා කාලයක් කල් ඉකුත් වී තිබූ ඒවා වෙයි. මේවා මිලදී ගෙන චිලිපේස්ට් හදන චින හෝටල් සහ සෙසු හෝටල් පිළිබඳව වැටලීම් සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද පියවර ගෙන ඇත.‍

අදාළ ව්‍යාපාර ගබඩා පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය නඩු පැවරීමට පියවර ගෙන තිබේ.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya