Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සීගිරියේ දී ජර්මන් කතකට අතවර

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සීගිරියේ දී ජර්මන් කතකට අතවර

rash

ජර්මන් 
කතට 
අතවර කළ
මාතලී 
සොයා 
මෙහෙයුම්

සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ජර්මන් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහ කළ බව කියන වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. සිද්ධියට මුහුණ දී ඇත්තේ ජර්මන් ජාතික කාන්තාවක් වු ඉවොනියර් ස්ලේස් නම් වු හතළිස් එක් හැවිරිදි කාන්තාවකි.

සිද්ධයට මුහුණ දී ඇති කාන්තාව තවත් කාන්තාවක් සමග ජර්මනියේ සිට මෙරටට පැමිණ වෙන්නප්පුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන ගෙන සිට ඇත. ඒ අතරතුර පසුගිය 25 වැනිදා කුලී පදනම මත ලබා ගත් වෑන් රථයකින් මෙම කාන්තාවන් දෙදෙනාම සීගිරිය නැරඹීම සදහා ගොස් ඇත.


මෙම ගමන සදහා යොදා ගත් වෑන් රථයේ රියදුරා තමන්ට සීගිරියේ දී එම කාන්තාව අපයෝජනය කිරීමට උත්සහ කළ බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව ආපසු පැමිණි විට තමන් නවාතැන් ගෙන සිටින හෝටලයේ කළමණාකරු සමග පවසා ඇත.

ඒ අනුව කළමණාකරුගේ උපදෙස් මත මෙම කාන්තාව විසින් තමන්ට වු අතවරය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කර ඇත.

සිද්ධියට සම්බන්ධ බව කියන වෑන් රථ රියදුරා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya