Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මට තියෙන කොන්ද ගොඩක්‌ අයට නැහැ - ගයේෂා පෙරේරා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මට තියෙන කොන්ද ගොඩක්‌ අයට නැහැ - ගයේෂා පෙරේරා

rash


"ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටය තහනම් වුණේ ආරක්‍ෂක අංශවල ප්‍රතිරූපයට හානිවන නිසා කියල තමයි දැනගන්න තියෙන්නේ. නමුත් එය ප්‍රසිද්ධ වුණේ ගයේෂා පෙරේරාගේ රංගනය බවයි. ගොඩක්‌ දෙනෙක්‌ගේ මතය. මේ ගැන බොහෝ දේ කතා කළ යුතු වුණත් අප මෙතැනදී ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ. නමුත් බොහෝ කාලයක්‌ මේ ගැන කිසිත් නොකියා මාධ්‍යයෙන් ඈත්වෙලා සිටි ගයේෂා පසුගියදා වෙබ් අඩවියකින් ඒ ගැන කතා කරලා තිබුණා.

මම ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ නිරුවත් දර්ශනයකට පෙනී සිටියා තමයි. ඒක ඇත්ත නමුත්

මා එය කළේ ඒ නිර්මාණයට එය අවශ්‍යව තිබුණු නිසයි. නමුත් එම චිත්‍රපටය නිසා අපවාදයට ලක්‌වුණේ මාව විතරයි. අනිත් අයට කිසිම චෝදනාවක්‌ නැහැ. චිත්‍රපටයේ නොමැති විදිහට අන්තර්ජාලයට එම දර්ශන නැවත නැවත සම්බන්ධ කරල මුදාහැරලා තිබුණා.

මේකට උත්තර දෙන්න ඕන. එහි අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර වුණත් එයා කොරියාවට වෙලා හැංගිලා ඉන්නවා. හැමෝම කතා කරන්නේ එහි නිරුවත් දර්ශනය ගැන විතරයි. නමුත් මේ රටේ සිනමාව වෙනුවෙන් මේ චිත්‍රපටය කරන්න ගිහින් අපි කාපු කට්‌ට ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේකේ රඟපාන්න අපි ත්‍රිකුණාමලයට ගියේ කෝච්චියෙන්. හරියට වාහනයක්‌වත් තිබුණේ නැහැ. සංජීව දුක කියන කොට මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රුපියල් තිස්‌දාහයි මම ගත්තේ. ගොඩක්‌ දුක්‌වින්දා මේ නිසා. නමුත් ඒ හැමදේම වෙනුවෙන් මට ලැබුණු තෑග්ග තමයි මේක.



මේ කිසිම දේකින් මා සැලෙන්නේ නැහැ. ඕනෑම දේකට මුහුණ දෙන්න මගේ කොන්ද ඔය හැමෝටම වඩා හොඳට පණ තියෙනවා. ගැහැනියක්‌ විදියට මට තියෙන ධෛර්යය ඔය ගොඩක්‌ අයට නැහැ. මම වැඩිය කතා නොකර හිටියේ කාටවත් බයේ නෙවෙයි. මමත් හිත හයිය යකඩ ගැහැනියක්‌.

මෙසේ ඇය තමන්ට සිදුවූ බව පැවසෙන අසාධාරණය වෙනුවෙන් තම හැඟීම් මුදාහැර තිබුණේ ඉදිරියේදී කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලනය තෝරා ගන්නා බවටද යම් ඉඟියක්‌ කරමිනි.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya