Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පරණ වාහන මිල වැඩිවන්නේ මෙහෙමයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පරණ වාහන මිල වැඩිවන්නේ මෙහෙමයි

rash

පරණ වාහන ආනයනයට අදාළ ක්ෂය කිරීම් අනුපාත වෙනස් කරන බව මෙවර අයවැය මගින් පැවසීය. මේ නිසා, පරණ වාහනවල මිල අවමය රුපියල් ලක්ෂ තුනකික් පමණ වැඩිවන බව එම වාහන ආනයන කරුවන් සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ මෙම ක්ෂය කිරීම් අනුපාත අනුව මීට පෙර මාස හයකට අඩු කාලයක් පාවිච්චි කර තිබූ වාහන මෙරටට ගෙන්වීමේදී

එම වාහන වලට අදාළ වන සමස්ත බදු අනුපාතයෙන් අයකළේ සියයට 90 ක් පමණක් බවයි. එනම්, සියයට 10 ක බදු ප්‍රමාණයක් අයකර තිබුණේ නැත. එම සියයට 10 ක බදු ප්‍රමාණය ක්ෂය කිරීම් අනුපාතයක් ලෙස අඩුකර තිබුණි. මීට අමතරව, මාස හයට වැඩියෙන් අවුරුද්දකට අඩුවෙන් පාවිච්චි කළ වාහන ආනයනයේදීද අයකර තිබුණේ සමස්ත බදු අනුපාතයෙන් සියයට 80 ක ප්‍රමාණයකි. මෙහිදී, සියයට 20 ක බදු ප්‍රමාණයක් ක්ෂය කිරීම් අනුපාතයක් ලෙස අඩුකර තිබුණි.

නමුත්, මෙවැනි තත්ත්වයක් තුළ කිලෝ මීටරයක් පවා ධාවනය කර නොතිබූ සු‍‍ඛෝපභෝගී බෙන්ස් රථ පවා මාස හයට අඩුවෙන් පාවිච්චි කළ මෝටර් රථ කාණ්ඩයට දමා සියයට 90 ක බදු පමණක් ගෙවමින් මෙරටට ගෙනවිත් තිබුණු බව ආටිගල මහතා පැවසීය.

“මෙවැනි අක්‍රමිකතාවයන් මග හැරවීමට තමයි, මෙම ක්ෂය කිරීම් අනුපාතය වෙනස් කළේ.“

පරණ වාහන ආනයනයේදී පනවා තිබෙන නව ක්ෂය කිරීම් අනුපාත වලට අනුව අවුරුද්දකට අඩුවෙන් භාවිතා කර මෙරටට ගෙන්වන වාහන සඳහා මීට පෙර ලබාදුන් සියළුම බදු සහන 2014 අයවැය මගින් අහෝසි කර තිබේ.

එනම්, වසරට අඩු කාලයක් භාවිතා කර මෙරටට ගෙන්වන වාහන සඳහා නව අනුපාත අනුව අළුත් වාහනයක් ආනයනය කිරීමේදී ගන්නා ආකාරයේම සියයට 100 ක බද්දක් අය කරනු ලබයි.

නව සංශෝධනය අනුව, ක්ෂය කිරීම් අනුපාතයක් ලෙස බදු අඩු කිරීමට පියවර ගෙන තිබෙන්නේ අවුරුද්දකට වඩා වැඩියෙන් පාවිච්චි කර මෙරටට ගෙන්වන මෝටර් රථ සහ වාහන වලට පමණි.

මේ අනුව, නව බදු සංශෝධන වලට අනුව අවුරුද්දේ සිට අවුරුදු දෙකක් දක්වා පාවිච්චිකළ මෝටර් රථ හා වාහන ආනයනයේදී සමස්ත බදු වටිනාකමින් සියයට 10 ක් අඩුකර සියයට 90 ක බදු අනුපාතයක් අය කිරීමට පියවර ගෙන තිබේ.

මීට පෙර, අවුරුද්දත් අවුරුදු එකහමාරත් අතර කාලයක් පාවිච්චිකළ වාහන සඳහා අයකළේ සමස්ත බදු අනුපාතයෙන් සියයට 75 කි. අවුරුදු එකහමාරත් අවුරුදු දෙකත් අතර කාලයක් පාවිච්චි කළ වාහන සඳහා අයකළේ සමස්ත බදු වලින් සියයට 70 කි.

මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා පැවසුවේ මෙම නව බදු සංශෝධන නිසා ආනයනය කරන පැරණි වාහනවල මිල අනිවාර්යෙන්ම වැඩිවන බවයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya