Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: රිතික්ට වෙස් මුහුණු 500 ක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

රිතික්ට වෙස් මුහුණු 500 ක්

rash

Krrish-3
හොලිවුඩයේ සුපර් මෑන් බොලිවුඩයේ ‘ක්‍රිෂ්’ යැයි පැවසීමේ වරදක් නැත. ‘ක්‍රිෂ්’ ද සුපර් මෑන්ට සමානය. ක්‍රිෂ්ට ද අහසින් යන්නට, විවිධ වික්‍රමාන්විත ක්‍රියාවන්හි නියැළෙන්නට පුළුවන. සුපර් මෑන් හා ක්‍රිෂ් අතර ඇති එකම වෙනස ‘ක්‍රිෂ්’ බොලිවුඩ් වට්ටෝරු සිනමාවට අත්‍යවශ්‍ය අංගලක්ෂණයන්ගෙන් යුක්ත වීම පමණි.
ක්‍රිෂ් ගේ උපත සිදුවූයේ 2003 වසරේ ‘‍ෙකායි මිල් ගයා’ චිත්‍රපටය හරහාය. එම චිත්‍රපටය බෙහෙවින් ම සමාන වූයේ ස්ටීවන් ස්පීල්බර්ග් 1982 වසරේ නිර්මාණය කළ ‘ඊ.ටී. - දී එක්ස්ට්‍රා ටෙරෙස්ට්‍රියල් (අතිරේක ජීවියා) සිනමා පටයටය. තවත් අය පැවසුවේ සම්මානනීය සිනමාකරු සත්‍යජිත් රායි ලියූ එහෙත් කිසි‍දිනෙක නිර්මාණය නොවූ පිට සක්වළ ජීවියකුගේ පුවත ඇතුළත් තිර නාටකයක ආභාසය ‘කොයි මිල් ගයා’ වෙත ලැබී ඇත කියායි.

2003 අගෝස්තු 8 දා මුලින්ම තිරගත වූ ‘කොයි මිල් ගයා’ එම වසරේ හැම අතකින් ම සාර්ථක බොලිවුඩ් චිත්‍රපටය වූයේය. අධ්‍යක්ෂ රාකේෂ් රොෂාන් සෑම ප්‍රධාන භාරතීය සිනමා සම්මාන උලෙළකදීම එම චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මාන ලබද්දී වසරේ හොඳම නළුවා ලෙස, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රිතික් රොෂාන් සම්මාන ලැබුවේය. එමෙන් ම බොලිවුඩයේ පළමු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටය ලෙස ද ‘කොයි මිල් ගයා’ වාර්තා පොත් අතරට එක් විය.
‘කොයි මිල් ගයා’ හි දෙවැන්න ‘ක්‍රිෂ්’, විද්‍යා ප්‍රබන්ධ සුපිරි වීර චිත්‍රපටයක් ලෙස තිරගත වූයේ 2006 වසරේදීය. රාකේෂ් රොෂාන්ගේ ම නිර්මාණයක් වූ ‘ක්‍රිෂ්’ හි ප්‍රධාන චරිතය රඟපෑවේ ද රිතික්ය. ඉන්දීය රුපියල් කෝටි 45 ක වියදමකින් තැනූ ‘ක්‍රිෂ්’ හි පිටපත් දහසක් ඉන්දියාවෙත් ලොව පුරාත් ප්‍රදර්ශනය කෙරිණි. බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් ප්‍රදර්ශනය වූ ‘ක්‍රිෂ්’ ඉපැයූ සම්පූර්ණ ආදායම ඉන්දීය රුපියල් කෝටි 117 කි. බොලිවුඩයේ ඉහළම ආදායම් ඉපැයූ චිත්‍රපට ලැයිස්තුවේ දෙවැනි තැන හිමිවී ඇත්තේ ‘ක්‍රිෂ්’ චිත්‍රපටයටය.
වර්තමාන හින්දි චිත්‍රපටවල හොලිවුඩ් චිත්‍රපටවල මෙන්ම විශේෂ ප්‍රයෝග බහුලය. ඒවායේ ආරම්භය ලෙස “කොයි මිල් ගයා’ සහ ‘ක්‍රිෂ්’ හැඳින්විය හැකි අතර ‘ක්‍රිෂ්’ හි විශේෂ ප්‍රයෝග සඳහා හොලිවුඩයෙන් උපකාර ලබා ගැනිණි. මාර්ක් ෆේල්බේ සහ ක්‍රේශ් මුමා යන හොලිවුඩ් විශේෂ ප්‍රයෝග ශිල්පීහු ‘ක්‍රිෂ්’ නිෂ්පාදන කටයුතුවලට සහභාගි වූහ.
මේ වන විට ‘ක්‍රිෂ්’ චිත්‍රපට පෙළේ තෙවැන්න ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ. රාකේෂ් රොෂාන්ගේ අදහස වූයේ ‘ක්‍රිෂ්’ - 3 ත්‍රිමාන සිනමා පටයක් ලෙස එළි දක්වන්නටය. කෙසේ වෙතත් කාල වේලාව මඳ වීම හේතුවෙන් ‘ක්‍රිෂ් - 3’ ද්වි මානව එළි දැක්වෙන බව පසුව අධ්‍යක්ෂ රාකේෂ් ප්‍රකාශ කර තිබිණි.
‘ක්‍රිෂ්’ - 3 ආරම්භ වන්නේ රෝහිත් මෙහ්රා හා ක්‍රිෂ්ණා යන සුපිරි බලයන් සහිත පිය පුතු දෙපළ මුම්බායි නගරයේ ජීවත් වන බව දක්වමිනි. (රෝහිත් හා ක්‍රිෂ්ණා යන චරිත දෙකට ම පණ පොවන්නේ රිතික් රොෂාන්ය.) ඒ වන විට ක්‍රිෂ්ණා හා ප්‍රියා (ප්‍රියංකා චොප්රා) විවාහකය. ප්‍රියා ප්‍රවෘත්ති ඒජන්සියක මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරමින් සිටින්නීය.
ක්‍රිෂ්ණා ජනතාවට විපතක් වන අවස්ථාවල වහා කළු පැහැ වෙස් මුහුණ පැලඳගෙන ක්‍රිෂ් බවට පත්ව සුපිරි විරුවකු ලෙස කටයුතු කරමින් විපත් මැඬ පවත්වයි. ඒ සුපර් මෑන් චිත්‍රපටවල ක්ලාර්ක් කෙන්ට් නමැති මාධ්‍යවේදියා වහා ර‍හසේ සුපර් මෑන්ට අදාළ ඇඳුම් කට්ටලයෙන් සැරසී වික්‍රමයන්හි නිරත වෙමින් ජනතාව විපත්වලින් ගලවා ගන්නා හා සමානවය.
‘ක්‍රිෂ්’ - 3 චිත්‍රපටය ආරම්භයේදීම වගේ ක්‍රිෂ් නියැළෙන්නේ රෝද සිරවූ ගුවන් යානයක් පොළවට ඇද වැටී පිපිරී යාමෙන් සිදුවන්නට ගිය මහා විනාශයක් වළකමිනි ක්‍රිෂ් වහා උඩු ගුවනට ගොස් ගුවනේදීම යානයේ සිරවූ රෝද යථා තත්ත්වයට පත්කොට ඊට නිසි ලෙස ධාවන පථයට ගොඩ බැස්වීමට ඉඩ සලසා දෙයි. තවත් වරෙක ඉතා උසක සිට ඇද වැටෙන පිරිමි ළමයකුට, බිමට වැටෙන්නට නොදී සීරීම් තුවාලයක් හෝ රහිතව බේරා ගන්නට ක්‍රිෂ් සමත් වෙයි.
‘ක්‍රිෂ්’ - 3 හි කතා පුවත ඇදී යන්නේ ක්‍රිෂ්ණා ගේ පියා වූ රෝහිත් මෙහ්රා ගේ විද්‍යාත්මක පර්යේෂණයන්ට විරුද්ධ වාදිකම් කරන තවත් විද්‍යාඥයකු වූ කාල් (විවේක් ඔබ්රෝයි) සමඟ ඇතිවන ගැටුම හරහාය. කාල්ගේ උදව්කාරිය වන්නේ කයා (කන්ග්නා රනෝත්) ය. විවිධ ක්‍රියාදාම හා වික්‍රමාන්විත ජවනිකා ඇතුළත් ‘ක්‍රිෂ්’ - 3 ඉන්දීය රුපියල් කෝටි 100 - 150 ත් අතර වැයකින් නිපැයුණක් බව අන්තර් ජාලයේ සඳහන් වෙයි. සම්මුඛ සාකච්ඡාවකදී චිත්‍රපටයේ අධ්‍යක්ෂ රාකේෂ් රොෂාන් පවසා තිබුණේ මෙවැන්නකි.
“මට මෙවෙලේ චිත්‍රපටය නිපැයීමට වැයවූ මුදල අනාවරණය කරන්නට අපහසුයි. ඒත් ඉතා විශාල මුදලක් ක්‍රිෂ් - 2 සඳහා වැය වුණා.”
‘ක්‍රිෂ්’ - 3 හි රෝහිත්ගේත් ක්‍රිෂ්ණාගේත් විරුද්ධවාදියා වන කාල් රෝද පුටුවට සීමාවූ සිය මනසින් ක්‍රියා කළ හැකි ඇඟිලි දෙකකින් පමණක් සියල්ල කරන‍්නෙකි. එම චරිතය මතකයට නං වන්නේ හොලිවුඩයේ ‘එක්ස් මෙන්’ චිත්‍රපට පෙළේ එන මහාචාර්ය චාල්ස් ක්සේවියර්ගේ චරිතයයි. කාල් ගේ චරිතය සඳහා පළමුව ශා රුක් ඛාන්ට හා අජේ දේව්ගන්ට ඇරැයුම් කෙරුණත් පසුව එය රඟපෑම බාර වී ඇත්තේ විවේක් ඔබ්රෝයිටය.
රිතික්, ප්‍රියංකා, විවේක් හා කන්ග්නා රහෝත් හැරුණු විට මෙම චිත්‍රපටයේ අරීෆ් සතරියා, රාජ්පාල් යාදේව්, නාසියා ෂයිකා, සමීර් අලි ඛාන් සහ නස්රුදින් ෂා යන නළු නිළියෝ ද රඟපාති.
හයිද්‍රබාදයේ හා මුම්බායි හිදී චිත්‍රපටයේ වැඩි කොටසක් රූගත වී ඇති අතර එම රූගත කිරීම්වලදී රාකේෂ් රොෂාන් සුවිශේෂී අත්දැකීමකට ද මුහුණ දී තිබේ.
“ඇත්තෙන් ම රූගත කිරීම් සිදුවෙද්දී පැවතුණේ උෂ්ණාධික කාලගුණයක්. ක්‍රිෂ් පලඳින කළු පැහැති වෙස් මුහුණ නිර්මාණය වූයේ වැක්ස්වලින්. නමුත් පරිසරයේ දැඩි උෂ්ණත්වය හා විදුලි ආලෝක ධාරා නිසා ඇති වන උෂ්ණත්වය නිසාම මේ කළු පැහැති වෙස් මුහුණු ඇද වී විකෘති වෙන්නටත් දිය වෙන්නටත් පටන් ගත්තා” රාකේෂ් රොෂාන් පවසයි. “සමහරවිට ඔබ විශ්වාස කරන එකක් නැහැ ඒත් ඇත්තෙන් ම චිත්‍රපටයේ සම්පූර්ණ රූගත කිරීම් සඳහා අපට වෙස් මුහුණු 500 ක් පමණ තනා ගන්නට සිද්ධ වුණා. රිතික්ට දිනකට වෙස් මුහුණු පහක් හයක් පලඳින්නට සිදුවුණා.”
‘ක්‍රිෂ්’ - 3 හි සමහර ජවනිකා ඇල්ප්ස් කඳු වැටියේද රූගත කර තිබේ. හොලිවුඩය හා බොලිවුඩය යා කරවමින් හොලිවුඩ් චිත්‍රපට සමහරක දැක ගන්නට ලැබෙන සත්ත්ව - මිනිස් ස්වරූප ‘ක්‍රිෂ්’ චිත්‍රපටයේ ද දැක ගන්නට පුළුවන. චීටා කාන්තාව සහ කුහුඹු මිනිසා එහි එන චරිත දෙකකි.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya