Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බිරිඳ නැති අතරේ කඩේට සුද්ධයක්‌ දී සැමියා පලා ගිහින්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බිරිඳ නැති අතරේ කඩේට සුද්ධයක්‌ දී සැමියා පලා ගිහින්

rash

සිය බිරිඳ ගමේ සණස රැස්‌වීමකට ගිය අතරදී නිවසේ හා ව්‍යාපාරික ස්‌ථානයේ තිබූ භාණ්‌ඩ සියල්ලම ලොරියක පටවාගෙන පලා ගිය සැමියකු පිළිබඳව නිකවැරටිය, රස්‌නායකපුර පොලිසියෙන් වාර්තා වෙනවා.

විවාහ වී වසර 5 ක්‌ පමණ වන මෙම යුවළට අවුරුදු 3, මාස 4 ක දියණියක සිටී. කඩිගාව මංසන්දියේ රෙදි මැසීමේ ව්‍යාපාරයක්‌ මොවුන් පවත්වාගෙන ගොස්‌ ඇත. ඉකුත් 10 වන ඉරිදා කඩිගාව සණස මධ්‍යස්‌ථානයේ පැවැති රැස්‌වීමකට බිරිඳ පෙරවරු 9.00ට පමණ ගොස්‌ ඇත්තේ සැමියාටද යන බව පවසමිනි. ඇය දහවල් 12.00 ට පමණ ආපසු එනවිට

නිවසේ හා කඩ කාමරයේ කිසිවක්‌ තිබි නැත. සැමියාද අතුරුදන්ය.

නිවසේ සහ යාබද කඩ කාමරයේ තිබූ ජුකී මැෂින් 3 ක්‌, සිංගර් මහන මැෂිමක්‌, ශීතකරණ, අධිශීතකරණය, ඕවලොක්‌ මැෂිම, වතුර මෝටරය, ගෑස්‌ උදුන සහ ටැංකිය, මැසූ නිමි ඇඳුම්, රෙදි පීස්‌, පුටු, මේස, පිහි ඇතුළු නිවසේ තිබූ සියලුම බඩු ලොරියක පටවාගෙන ගොස්‌ ඇතැයි බිරිඳ අමාලි නාමලී ප්‍රියදර්ශනී කුමාරි නමැත්තිය රස්‌නායකපුර පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. මේවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න බව ද ඇය කියයි.

සිද්ධිය පිළිබඳව රස්‌නායකපුර පොලිසිය විමසීමේදී කියා සිsටියේ සැකකරු සහ භාණ්‌ඩ මෙතෙක්‌ සොයා ගැනීමට නොහැකි වූ බවය. මොහු ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව ද සඳහන්ය.



*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya