Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අවුරුදු 14 ශිෂ්‍යාව දවස් තුනක් තියාගෙන අතවර කරලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අවුරුදු 14 ශිෂ්‍යාව දවස් තුනක් තියාගෙන අතවර කරලා

rash

අවුරුදු 14 ක්‌ වයසැති බාල වයස්‌කාර පාසල් ශිෂ්‍යාවක්‌ ඇයගේ පෙම්වතා විසින් පැහැරගෙන ගොස්‌ ඔහුගේ ඥාතිවරයකුගේ නිවසේදී කෙලෙසූ පුවතක් පයාගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ශිෂ්‍යාව පැහැරගෙන ගිය යතුරුපැදියේ හිමිකරු සහ ශිෂ්‍යාවට හා ඇයගේ 20 හැවිරිදි පෙම්වතාට නවාතැන් පහසුකම් සලසා දුන් අඹු-සැමි යුවළද පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාසල් ශිෂ්‍යාව සමග මාස තුනක ප්‍රේම සම්බන්ධතාවකින් පසුව ඇය පැහැරගෙන ගොස්‌ දූෂණය කළ පෙම්වතා

කුඩු උරන්නකු වන අතර ඔහුට එරෙහිව කළුතර මහාධිකරණය හමුවේ නඩු කීපයක්‌ ඇති බවද අප කල විමසීමකදී පයාගල පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පෙම්වතා දින කීපයක්‌ මෙම බාල වයස්‌කාර දැරිය මුංහේන ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ඥාතිවරයකුගේ නිවසේ රඳවා තබාගෙන දූෂණය කර ඇති අතර වෛද්‍ය පරීක්‍ෂණයන් සඳහා කළුතර නාගොඩ රෝහලට දැරිය ඇතුළත් කළ බවද පොලිසිය ප්‍රකාශ කළා.



පෙම්වතා වන මග්ගොන කපුගොඩ පදිංචි කේ. ඒ. රසික ප්‍රභාත් කුමාර නමැත්තා පෙරේදා (16 වැනිදා) කළුතර වැඩ බලන මහෙස්‌ත්‍රාත් වයි. එස්‌. ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 29 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කළ බව පයාගල පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසුවා.

සැකකරුට දැරිය පැහැරගෙන යැමට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයකු දැරියට හා සැකකරුට නවාතැන් පහසුකම් සැපයූ යුවළ ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ (17 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසුවා.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya