Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පළමු දවසේ හැමදේම හරි වෙනස්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පළමු දවසේ හැමදේම හරි වෙනස්

rash

එයාලා 
කියපු විදිහට
මම ෆුල්
සීරියස් වුණා......

මලී දෙවැන්න ලෙස විකාශන කරනු ලබන 'අත්තම්මා' ටෙලි නාට්‍යයේ  'සාරධධී' චරිතයට පන පොවන්නේ ඇය යි. 'උදාරි කෞෂල්‍යා උදයකුමාරි' වන ඇය නිවේදිකාවක, නිරූපණ ශිල්පිණියක සේම වෙළද දැන්වීම් නිරූපිකාවක ලෙසත් වෘත්තියේ නිරතව සිටියි.

එහෙත් උදාරි තවම අධ්‍යාපනය හදාරනු ලබන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුවියකි. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන්නේ උදාරියි. කළමනාකරණ අංශයෙන් ඉදිරියටම ගිහින් ඇගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්න උදාරිගේ රංගන ජීවිතය පිළිබදවත්, සරසවි සිසුවියක් වූ ඇය රංගනයට එක වීම සිහිපත් කර සිටියේ මෙලෙසිනි.

"ක්‍ෂේත්‍රය ඇතුළේ නිවේදනය, රංගනය, වෙළෙඳ දැන්වීම් නිරූපණය, මෝස්තර නිරූපණය සහ නර්තනය. යන අංශයන්ට දායක වනවා. මේක මගේ රැකියාව නෙවෙයි. මම කලාවට ආදරෙයි. ඒ නිසාම හැම එකකටම වගේ කැමැතියි. නමුත් නිවේදනයට සහ රංගනයට වැඩිපුර කැමැතියි.

සරසවි ජීවිතය හරිම සුන්දරයි. රැග් ගැන ඉතින් අහන්නත් දෙයක්යැ.... රැග් එක නිසා ගොඩාක් අපහසුතාවලට එහෙමත් මුහුණ දෙන්න වුණේ නැහැ..... මට නම් ඒක සුන්දර අත්දැකීමක්.


එක දවසක් ළමයි කට්ටියක් ඇවිත් මට නටන්න කීවා. අඩි පහක්, හයක් විතර ඈතින් පිරිමි ළමයින් කට්ටිය වට වෙලා හිටියෙ. සමහරු කැමරා කරන විදියටත්, තවත් අය ලයිට් ගහන විදියටත් හිටියා. 



මට එක පාරටම හිනා ගියා. ඒක අවාසියට හිටියා. ඒ පාර මම ෆුල් සීරියස් වුණා. හිනාව කාගෙන වැඬේ කළා. පස්සෙ, වේග රිද්ම ගීතයකට ස්ලෝ ඩාන්ස් එකක් දාන්න කීවා. මම ඒකත් කළා. එයාලා කියපු දේ කළ හන්දා දරුණු රැගක් මට ලැබුණෙ නැහැ.... දැන් අපි හොඳ යාළුවෝ.

පිරිසිදු හදවතක් ඇති අවංක අසාධාරණයට අකැමැති, සැහැල්ලූවෙන්, විනෝදයෙන්, හිනා වෙලා ඉන්න කැමැති කෙනෙක්. හැකි විදියට මිනිස්සුන්ට උදව් කරන්නත් කැමැති කෙනෙක්. සතුන්ට ගොඩාක්ම ආදරෙයි.


මුලින්ම මම පුවත්පත් පිට කවර ඡායාරූපයකට පෙනී හිටියා. ඒවා දැකලා මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණා. ඒත් එක්කම මෝස්තර නිරූපණයෙත් යෙදෙන්න පටන් ගත්තා. ජානක සිරිවර්ධන මහත්මයා තමයි මුලින්ම රඟපෑමට ආරාධනා කළේ. අම්මයි-තාත්තයි එක්ක ගිහින් තිර පරීක්‍ෂණයට පෙනී හිටියා. පස්සේ තමයි දැන ගත්තෙ ගැහැනු ළමුන් දාහක් අතරින් මේ චරිතයට මා තෝරා ගත්ත බව.


ඇත්තටම අපේ පරපුරේ කවුරුවත් රඟපාලා තිබුණේ නැහැ.... තාත්තා කරන්නෙත් ව්‍යාපාරික කටයුතු. කොහොම වුණත් අත්තම්මා නාට්‍යයේ පළමු වැනි දර්ශනය රඟපාන්න තිබුණෙ දුලීකා මාරපන ශිල්පිනිය සමගයි. එයා දැක්කම මට පුදුම සතුටක් ඇති වුණේ.

ඇත්තටම දුලීකා අක්කා කියන්නෙ රංග පාසලක් වගේ කෙනෙක්. මම කැමැතිම රංග ශිල්පිනියන්ගෙන් කෙනෙක්. ඒ සතුටට මාව වෙව්ලන්න වගේ වුණා.
 

සමහරු පළමු දර්ශනය කරන්න ගියාම හොඳටම බය වෙනවලූ. ඒ නිසා කීප වතාවක්ම එය කරන්න වෙනවා. පළමු වැනි දවසේ ඇත්තටම ඔක්කෝම හරිම වෙනස්. එයාලා කතා කරන භාෂාව පවා වෙනස්. ටෙලි නාට්‍යයක් කිරීමේ දී තාක්‍ෂණික වචන හුවමාරු වෙනවා. ඉතින් ඒ ටික ගැන මුලින්ම දැන ගත්තා. මට මුලින්ම තිබුණෙ යසා ආත්තම්මා (දුලීකා) එක්ක දෙබස් කියන දර්ශනයක්. මේකේ පහක් විතර අරගෙන හය වැනි එක හොඳයි කීවා.
 

මේ විදියට අවස්ථාවක් ගැනීම වෙනුවෙන් ඔබට මුහුණ දෙන්න සිදුවූ දේවල් තියෙනවා ද?
කාගේවත් බලපෑම් නම් එල්ල වුණේ නැහැ. අත්තම්මා ටෙලි නාට්‍යයට සම්බන්ධ සියලූම දෙනාගෙන් ලැබුණෙ ලොකු ගෞරවයක් වගේම ලොකු සහයෝගයක්. ඒකට මම ගරු කරන්නම  ඕනෑ...."

ඒ විදිහට සරසවි ජීවිතයත්, රංගන ජීවිතයත් පිළිබදව පවසා සිටි නමුත් උදාරිට නම් තවම පෙවතෙක් නැහැලු.....

"මට තවම පෙම්වතෙක් නැහැ.... නළුවන්ගෙන් එහෙම යෝජනා ඇවිත් නැත්තේමත් නැහැ....."

උදාරි මිනි ගවුමට ගොඩාක් ආසයිලු......

"විලාසිතා කරන්න ආසයි. චරිතයට හානියක් නොවන විදියට විලාසිතා කිරීම ප‍්‍රශ්නයක් නොවෙයි.  ඕනෑම කෙනෙකුට බාහිරින් බලලා  ඕනෑම දෙයක් කියන්න පුළුවනි. මොකද අද පුටුවක වාඩි වෙලා හිටියත් කට කතා හැදෙන හදන ටෙ‍්‍රන්ඞ් එකක් තියෙන්නෙ. 

යම්තාක් දුරකට සමාජයේ ප්‍රසිද්ධ චරිතයක් වෙද්දි මිනිස්සු කටකතා හදනවා. ඉඳගත්තත්, නැඟිට්ටත්, නිදා ගත්තත් ඒ දේවල්වලට කටකතාවක් හදන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. හැම කෙනාටම ඉතින් කටකතා හැදෙනවනේ... ඒත් මම කටකතාවලට බය නැහැ.... "


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya