Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හමුදාවෙන් පැනල ගිහින් පැලක ඉඳන් පවුල් කෑව සෙබළියන්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හමුදාවෙන් පැනල ගිහින් පැලක ඉඳන් පවුල් කෑව සෙබළියන්

rash

මේ කතාන්දරයේ එන කතානායිකාවන් දෙදෙනා අපි හිමාලි හා නිමාලි වශයෙන් හඳුන්වමු. හිමාලි හා නිමාලි යන යුවතියන් දෙදෙනා විසිදෙහැවිරිදි වියේ පසු වූ තරුණියන් දෙදෙනකි. මේ දෙදෙනාම සුන්දර යොවුන් වියේ පසුවූහ. හිමාලිගේ උපන් ගම ඉමදූව, කෝදාගොඩය. නිමාලි මාතර, දික්වැල්ලේ පදිංචිකාරියකි. තරුණියන් දෙදෙනා යුද හමුදාවට කාන්තා සෙබළියන් ලෙස එක්වන්නේ එකම කාලයකදී ය. ඒ මීට වසර තුන හතරකට පමණ ඉහතදී ය.

මේ යුවතියන් දෙදෙනා එකට හමුවන්නේ ත්‍රිකුණාමලයේ පැවැති යුද හමුදා පුහුණුවේදී ය. එහි දී දෙදෙනා දැන හැඳින ගන්නා අතර මෙහි දී හිමාලි හා නිමාලි අතර ඇතිවන්නේ හරි අපූරු බැඳීමකි. කොටින්ම කිවහොත්

සංසාරේ පතාගෙන එන බැඳීමකි. මේ බැඳීම කෙතරම් දුර දිග ගියාද කිවහොත් හිමාලිට හා නිමාලිට දෙදෙනා නොදැක සිටීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත විය.

මේ තරුණියන් දෙදෙනා නැවතී සිටියේ එකම නේවාසිකාගාරයක ය. හිමාලි, නිමාලිට දැඩි ලෙස ආදරය කළා ය. නිමාලි ද හිමාලිට තම පණටත් වඩා ආදරය කළා ය. මෙලොව ඉපදෙන සෑම සත්ත්වයකුටම ප්‍රේමය ආදරය සෙනෙහස ලිංගිකත්වය අත්‍යවශ්‍ය ඔසුවකි. ආදරය මුළු විශ්වයේම සම්බන්ධතාවයි. විශ්වයේ පැවැත්මට ආදරය අත්‍යවශ්‍ය බන්ධනයකි. හිමාලි හා නිමාලි ද ආදරයෙන් වෙළී සිටියහ.

මේ යුවතියන් දෙදෙනා අතර පැවැතියේ අසම්මත ආදරයකි, ප්‍රේමයකි. මෙලොව ඉපදෙන සෑම සත්ත්වයකුටම ලිංගිකත්වය අත්‍යවශ්‍ය ආධ්‍යාත්මික බැඳීමකි. එම බැඳීම මොවුන් දෙදෙනා අතර පැවැතිණි. ලිංගික ආශාවන් ඇතිවන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අතර පමණක් නොවේ.

පිරිමි පිරිමි අතර මෙන්ම කාන්තාවන් කාන්තාවන් අතර ද ලිංගික සම්බන්ධකම් ඇතිවේ. එවැනි අසම්මත සම්බන්ධකම් ඇති වන්නේ පුද්ගලයාගේ ලිංගික චර්යාවන්වල වෙනස්කම් අනුව ය. ජානමය සම්බන්ධතා අනුව ය. හිමාලි හා නිමාලි අතර පැවැතියේ ද මෙවැනිම මානුෂික බැඳීමකි.

කෙසේ වුවද වැඩිකලක් යන්නට මත්තෙන් හිමාලිට යුද හමුදා ජීවිතය වහකදුරු වන්නට විය. ඇය කාන්තා සෙබළියක් ලෙස රාජකාරිය කළේ වසර තුනක් පමණි. හිමාලි යුද හමුදා සේවය හැර ගියා ය. නිවාඩුවට ඉමදූව, කෝදාගොඩ නිවෙසට පැමිණි නිමාලි යළි හමුදා සේවයට නොගියා ය.

හිමාලිගේ පෙනුම අනුව ඇය කාන්තාවක් කියා කිසිවකුට එකවර හඳුනා ගැනීමට නොහැකි ය. කොටින්ම කිවහොත් ඇය පිරිමියකු මෙන් ය. ඇගේ එදිනෙදා චර්යාවන් ද හැඩගැසී තිබුණේ පිරිමියකු මෙන්ය. හිමාලි කාන්තා චරිතයකට වඩා පිරිමි චරිතයකට ඇලුම් කළා ය.

හිමාලි යුද හමුදාව හැර ගිය ද නිමාලි සමඟ පැවැති සම්බන්ධතාව නතර වූයේ නැත. නිමාලි නිවාඩු ලබා දික්වැල්ලේ පිහිටි නිවෙසට ගියේ නැත. ඇය නිවාඩුවට පැමිණියේ හිමාලිගේ නිවෙසට ය. මේ ආකාරයට සෑම නිවාඩුවකටම නිමාලි ඉමදූවේ පිහිටි හිමාලිගේ නිවෙසට පැමිණීමට පුරුදුව සිටියා ය. ඒ වන විට මේ තරුණියන් දෙදෙනා අතර පැවැති බැඳීම කෙතරම් දුරදිග ගියා ද කිවහොත් මේ දෙදෙනාට එකට දිවි ගෙවීමට පවා අවශ්‍ය විය.

"අනේ ඔයා හමුදා සේවයට යන්න එපා. ඔයාගේ දුකට සැපට හැම දෙයකටම මම ඉන්නවා. ඔයත් නතර වෙන්න."

හිමාලි නිමාලිට නිතරම ඇවිටිලි කළා ය. හිමාලි සමඟ පැවැති අසම්මත බැඳීම නිසාම නිමාලිට හිමාලිගේ වචනයට පිටුපෑමට නොහැකි වූවා ය. නිමාලි ද 2013 වසරේ දී හමුදා සේවයට ආයුබෝවන් කියා හිමාලිගෙ නිවෙසේ නතර වූවා ය. ඒ වන විට හිමාලි වසර පහක් පමණ කාන්තා හමුදා සෙබළියක් ලෙස රාජකාරි කොට තිබුණා ය.

හිමාලි හා නිමාලි අතර පැවැතියේ දැඩි ආදරයකි. සෙනෙහසකි. මේ දෙදෙනා අතර පැවැති මානුෂික බැඳීම ඒ වන විට හිමාලිගේ නිවෙසේ අයද දැන සිටියහ.

මේ අසම්මත ආදර සම්බන්ධතාව නතර කිරීමට නැතිනම් මේ යුවතියන් දෙදෙනාගේ පුංචි කැදැල්ල කඩාබිඳ දැමීමට හිමාලිගේ මවුපියන් සහෝදරයන් නොගත් උත්සාහයක් නැත. නමුත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. මේ දෙදෙනා අතර පැවැතිගෙන එන සංසාරගත පුරුද්දකට මෙන් හිමාලි හා නිමාලි වෙන් කිරීමට කිසිම ජගතකුට හැකිවූයේ නැත.

හිමාලි නිමාලිගේ සියලු අඩුපාඩුකම් සොයා බැලුවා ය. එහෙත් හිමාලිගේ මවුපියන්ට මෙය මහත් හිසරදයක් විය. මේ සම්බන්ධතාව නතර කිරීමට බැරිම තැන හිමාලි හා නිමාලි නිවෙසින් පිටමන් කිරීමට හිමාලිගේ මවුපියෝ කටයුතු කළහ.

ඒ කිසිදෙයකින් මේ දෙදෙනා සැලුණේ නැත. මේ යුවතියන් දෙදෙනාගේ ආදර සම්බන්ධතාව නතර කිරීමට හැකිවූයේ නැත. හිමාලි හා නිමාලි නිවෙසක කාමරයක් කුලියට ගෙන ඒ නිවෙසේ පදිංචියට ගියහ. ඒ ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයෙනි.

එම නිවෙසේ හිමිකාරිය වූයේ වයසක කාන්තාවකි. මෙම නිවෙසේ කාමරය කුලියට ගත්තේ මාසිකව රුපියල් 2,500ක මුදලකට ය. කොටින්ම කිවහොත් මේ දෙදෙනා මෙම නිවෙසේ පදිචිව සිටියේ අඹු සැමියන් වශයෙනි. හිමාලිගේ බාහිර පෙනුම ද සිරුරේ අඟ පසඟ ද පිරිමියකුගේ මෙන් පිහිටීම නිසා ඇය පිරිමියාගේ චරිතයට පණ දුන්නා ය. සැබැවින්ම හිමාලි කාන්තාවකි. ඇය මේ දෙදෙනාගේ ජීවිත්වීමේ බර කරට ගත්තා ය.

හිමාලි ගමේ තරුණයන් සමඟ කුලී වැඩට ගියා ය. කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී දිනපතා කුලී වැඩට යන හිමාලි හඳුනා ගැනීමට ගමේ ඇත්තන්ට ද අපහසු විය. ඇය පිරිමින් සමඟ හරි හරියට වැඩ කළා ය. නිවාසවල තීන්ත ගෑවා ය.

කැත්ත උදැල්ලේ වැඩ කළාය. දිනකට රුපියල් අටසියයක පමණ මුදලක් ඇය කුලී වැඩකිරීමෙන් උපයා ගත්තා ය. මේ දෙදෙනා දිවි ගැටගසා ගත්තේ හිමාලි විසින් උපයන ලද වැටුපෙනි. නිවෙසට අවශ්‍ය අඩුම කුඩුම සියල්ල රැගෙන ආවේ හිමාලි විසිනි. නිමාලි ගෙදරට වී වයස්ගත කාන්තාව සමඟ සිටියා ය. නිවෙසේ ඉවුම් පිහුම් කටයුතු කළේ නිමාලි ය.

මේ යුවතියන් දෙදෙනා තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොමැතිව ඉතා සතුටෙන් දිවි ගෙවනු ලැබී ය. මාස අටක පමණ කාලයක් ගතවෙද්දී මේ යුවතියන් දෙදෙනාගේ පුංචි කැදැල්ල කඩා බිඳ දැමීමට ඒ වනවිට පිරිසක් කැසකවමින් සිටියහ.

මේ දෙදෙනා පිළිබඳ තොරතුරු ඉමදූව පොලිස් මුර පොළේ ස්ථානාධිපති උ.පො.ප. ගාමිණී ශාන්ත මහතාට ද දැනගන්නට ලැබිණි. හමුදාවෙන් පැනපු සෙබළියන් දෙදෙනකු එකට දිවිගෙවනවා. මේ තොරතුර ගාමිණී ශාන්ත මහතාට ලැබුණද ඔහු මේ යුවතියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කලබල වූයේ නැත. ඔහු මාසයක පමණ කාලයක් මේ පිළිබඳ නිරීක්‍ෂණය කෙළේ ය.

හමුදාවෙන් පැන යෑමේ චෝදනාව යටතේ මේ හමුදා සෙබළියන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් දෙදෙනා පොලිසිය වෙත රැගෙන එනු ලැබී ය. හිමාලිගේ මව පොලිසියට පැමිණ ඉල්ලා සිටියේ මේ සම්බන්ධය නතර කර දෙන ලෙස ය. පොලිසියේ දී නිමාලිගේ දෑස්වලින් කඳුළු කැට රූරා වැටෙද් දී හිමාලි ලේන්සුව ගෙන ඇගේ කඳුළු කැට පිස දමන්නී ය. අනේ සර් අපිව වෙන්කරන්න එපා.

මේ යුවතියන් දෙදෙනා පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූහ.

"මම විතරක් පොලිස් අත්අඩංගුවට ගන්න මෙයා නිදහස් කරන්න." හිමාලි කිහිප වරක් පොලිස් නිලධාරීන්ට කීවාය. නමුත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. මේ යුවතියන් දෙදෙනාගේ පුංචි කැදැල්ල බිඳ වැටුණි.

නිමාලි ගැන විස්තර දික්වැල්ලේ පදිංචි ඇගේ මවුපියන්ට පොලිසිය මඟින් දැනුම් දුන්නද නිමාලි බැලීමට ඇගේ මවුපියන් පැමිණියේ නැත. හිමාලි හා නිමාලි වෙන් කළ ද මොවුන් දෙදෙනා අතර පවතින ආධ්‍යාත්මික බැඳීම කිසිවකුටත් කඩා බිඳ දැමීමට නම් නොහැකි ය. අවසානයේ මේ යුවතියන් දෙදෙනා ත්‍රිකුණාමලය හමුදා කඳවුරට භාරදෙනු ලැබී ය.

මෙලොව ඉපදෙන සෑම සත්ත්වයකුටම ලිංගික අවශ්‍යතාවන් ඇති වේ. එම සම්බන්ධතාව පවත්වාගෙන යන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමඟද නොඑසේ නම් සමලිංගිකයන් සමඟද කියා තීන්දුවන්නේ ඔවුන්ගේ ලිංගික චර්යාවන්වල ඇතිවන වෙනස්කම් මතය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ "රූම් රූබන්" මහතා පවසා සිටියේ,

"සමලිංගිකත්වය මානසික රෝගී තත්ත්වයක් නෙවෙයි. ලිංගික චර්යාවේ ඇතිවන වෙනස්කම් හා ජානමය තත්ත්වයන් නිසා තමයි මෙවැනි තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නේ. සමලිංගික සේවනය කරන්න එපා කියන්න බැහැ....... පිරිමි පිරිමි හා ගැහැනු ගැහැනු අතර මෙවැනි සම්බන්ධකම් තියෙනවා. සමහරුන් සමලිංගිකත්වයට කැමැතියි. ඔවුන්ට විරුද්ධ ලිංගිකයන් සමඟ ආශාවන් ඇති වන්නේ නැහැ......." යනුවෙනි.

-ලලිත් රුහුණගේ-


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya