Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මම ආවේ 'සිස්ටම් එක චේන්ජ්' කරන්න -නදීෂා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මම ආවේ 'සිස්ටම් එක චේන්ජ්' කරන්න -නදීෂා

rash

තමා දේශපාලනයට පිවිසියේ, පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ අරමුණට සහාය දීම සඳහා බව කලා ශිල්පිනි නදීෂා හේමමාලි පවසන්නීය.

'' පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ දී ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉන් මූලික තැනක් ගන්නවා. මම මගේ පෞද්ගලික දේශපාලන ආකල්ප සහ ප‍්‍රතිපත්ති සමග ගැලපෙන දේශපාලන ප‍්‍රතිපත්ති තිබෙන එජාපය තොරාගත්තෙ ඒ නිසා.'' යයි ඇය සඳහන් කරන්නීය.

''අපි හැම වෘත්තියකටම ගරු කරන්න ඕනෙ. දේශපාලනය කියන්නේ ඇත්තටම අවංකවම කරනවනම් ශ්‍රේෂ්ඨ සේවාවක්. නමුත් අද අපි ජීවත්වන්නේ පෝස්ට් මොඩන් සොසයිටි එකක. ජනප‍්‍රිය සංස්කාතියට තමා මේ රටේ ජනතාවගෙ වැඩි කැමැත්තක් තිබෙන්නෙ. මෙවන් පසුබිමක ප‍්‍රසිද්ධ චරිත වලට ජනතාව කැමතියි. ඒක එක වෙලාවකට වැරදියි කියලා හිතනවා. මොකද මිනිස්සු බාහිර ප‍්‍රතිරුපයන්ට තමා කැමති,

අභ්‍යන්තර හරයට නෙමේ . ඉතින් එතෙන්දි අපිට වගකීමක් තිබෙනවා, හරයක් එකතු කරන්න . එහෙම නැතිවුනොත් බාහිර සාධකයන් ඉස්මතුවෙලා හරයන් නැතිවෙයි.

දේශපාලන විද්‍යාවත් කලාවත් දෙකම අධ්‍යනය කිරීම ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේ කියන මනෝ මූලික කාරණා නිසා. අපිට නැත්තෙ මේ අධ්‍යනය. මම කලාවට ආපු මුල්කාලයේදීත් හිතපු දෙයක් සහ ප‍්‍රකාශ කරපු දෙයක් තමා රංගනයට ආවත් අපිට අධ්‍යනයක් හැදැරීමක් තිබෙන්න ඕනෙ කියලා....''

තමාට සන්ධානයට එක්වන්නැයි ආණ්ඩුවේ ඉහලම පුද්ගලයින් ගෙන් මේවනවිටත් ආරාධනා ලැබෙන බව පවසන ඇය, එහෙත් තමා එම යෝජනා වැඩිව ප්‍රතික්ෂේප කලේ ප්‍රතිපත්ති දේශපාලනය මත පිහිටා බව අවධාරණය කර සිටියි.

තමා දකුණේ කුල ජන්ද පදනම මෙන්ම, පොදු ජන්ද පදනම ගැනත් පොදු ජනතාව ගැනත් විශ්වාසය තබා ඇති කෙනෙකු බවත්, ඒ නිසා තමා කෙරෙහි විශ්වාසය තබන්නයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya