Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ජැක්සන් පුතු අකිල ධනුද්ධරගේ ආදර කතාව

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ජැක්සන් පුතු අකිල ධනුද්ධරගේ ආදර කතාව

rash

අකිල බබෙක්
වගෙයි....
ඒත් මට 
හරියට
කේන්ති යනවා...

යොවුන් සුරූපිණියක වූ 'අමන්දා නිලුක්ෂිගේ' පළමුව නිරූපණ ශිල්පියකු වූවා ය. දෙවනුව පිවිසියේ රංගනයටයි. මේ දිනවල මේ සූරුපිණිය 'මැදගෙදර' ටෙලි සිතුවමේ සසඳරා වන්නීය. ඊටත් වඩා ඇය සුවිශේෂී වන්නේ ප්‍රවීණ නළු 'ජැක්සන් ඇන්තනීගේ' වැඩිමල් පුතු 'අකිල ධනුද්ධරගේ' පෙම්වතිය වීම නිසය.

අකිල, අමන්දා ප්‍රේමයේ සුළමුල හෙළිදරව් කරන අතරතුර ඇගේ කලා ජීවිතයේ තොරතුරු පිළිබදවත් සටහනක් තැබීමට අප සිතුවෙමු. අමන්දා රංගනයටත් වඩා වැඩිපුරම කාලයක් වෙන් කර තිබෙන්නේ ඇගේ නිරූපණ ක්ෂේත්‍රය වෙණුවෙනි. ඒ ඇය වඩාත් නිරූපණ ශිල්පිණියක ලෙසින් ඉදිරියට යාමට අදිටන් කරගෙන සිටින නිසාවෙනි. අමන්දා රංගනයට ආවෙ අත්හදා බැලීමක් විදිහටලු...  කැළුම් පාලිත මහීරත්නයන්ගේ 'විසුළ අහස යට' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරුපණයෙන් ඈ රංගනයට පිවිසියා ය.


කෙසේ හෝ ඇය ඇගේ ප්‍රේමය පිළිබදව එනම් අකිල ඇයට මුණ ගැසුණු අකාරය පිළිබදව මෙන්ම මේ තාක් කාලය තුළ ඔවුන් අතර ඇති වූ බැදීම පිළිබදවත් අමන්දා පවසා සිටියේ මෙලෙසිනි.

"එයා තමයි මාව හොයාගෙනආවේ. සාමාන්‍යයෙන් පිරිමි ළමයකු ගැහැනු ළමයකුගෙන් ආදරය ඉල්ලද්දි ගැහැනු ළමයා ටිකක් ගණන් උස්සනවා. මමත් එහෙමයි. එයා මාව මුලින්ම දැකලා තියෙන්නෙ ටී.වී. එකේ ෆැෂන් ෂෝ එකකදි. 


එවලේ ඉඳලා මාව ෆලෝ කරලා. 'ගයාන් ශ්‍රීමාල්' කියන අයියා හරහා තමයි එයා මාව මුලින් ම කන්ටැක්ට් කරන්න හදලා තියෙන්නෙ. මම ගණන් ගත්තෙ නැහැ.... අඩුම තරමෙන් මගෙ දුරකතන අංකයවත් දුන්නෙ නැහැ.....

පස්සේ අකිල අපේ ෂෝ එකක් තියන තැකකට ආවා. මම ගණන් ගත්තෙ නැති නිසා මගෙ තාත්තව යාළු කරගන්න හැදුවා. ඒත් තාත්තා එයාට අහුවුණේ නැහැ....

අකිල, ජැක්සන් ඇන්තනීගෙ පුතා කියලා දැනගෙන හිටියා.  ඒත් මට ඒක එච්චර ගාණක් තිබුණෙ නැහැ..... මම ආඩම්බරකාරියක්, ඔන්න එක දවසක් ගයාන් කිව්වා අකිල ඔයාට පිස්සු වැටිලා ඉන්නෙ කියලා. 

එයා එවෙලෙම කෝල් එකක් අරන් ෆෝන් එක ලවුඩ්ස් දාලා මට අහන්න දුන්නා. අකිල එවෙලෙත් ෆෝස්බුක් එකේ මගෙ පිංතූර බල බලා ඉඳලා තියෙන්නෙ.

එතකොට මගේ සිත පොඩ්ඩක් සැලුණා. අකිල ආවා අපේ තව ෂෝ එකක් බලන්න. එයා ස්ට්‍රේජ් එක ළඟමයි හිටියේ. මට වැඩිය එයා වෙව්ල වෙව්ල හිටියෙ. මට හිනා යන්නත් ආවා. අකිල හරිම අහිංසකයි කියලා තේරුණා. එදා තමයි අපේ දුරකතන අංක හුවමාරු වුණේ.

එදා නම් පොඩි වෙලාවයි මල් කැඩුවෙ. ඊට පස්සෙ ගජරාමෙට අපි දෙන්නා කතා කරන්නට පටන් ගත්තා. අකිල හරිම සාමාන්‍ය සරල කෙනෙක් බව මට වැටහුණා. එයා කවදාවත් තාත්තගෙ නම පාවිච්චි කළේ නැහැ. එයාගේ වැඩවලට. එයා මට ගොඩක් ආදරෙයි කියලා තේරුණා.

ගෙවල් වලින් අපිට ආශිර්වාද කළා. ඒ අය අපට කැමැත්ත දුන්නා.

අකිලගේ තාත්තා මුලින් ම මුණ ගැහුණු මොහොත නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ.... 

මමයි අකිලයි දෙවනි මනමාලයටයි, දෙවැනි මනමාලිටයි හිටියා යාළුවෙකුගෙ වෙඩින් එකකදි. එතෙන් දි ඔහු මගෙ ළඟට ආවා. මම කොච්චර බයවුණා ද කිව්වොත් මාව වෙවුලලා කතා කරගන්න බැරි වුණා.

පස්සේ ඔහුට තේරුණා මං ඉන්න තත්ත්වය. ඔහු කිව්වා 'බය වෙන්න එපා. අපි පස්සෙ කතා කරමු' කියලා.

අකිල දායක වූ නිර්මාණවල වැඩිපුරම ආදර ජවනිකා තිබුණා. ඒත් මට ඒවා දකිද් දි එච්චර ගාණක් නැහැ..... මමත් නිළියක් විදිහට දන්නවා එතන වෙන්නෙ රංගනයක් විතරයි කියලා.

මටයි, අකිලටයි එකම නිර්මාණයක පෙම්වතුන් ලෙස රඟපාන්න කතා කරලා තියෙනවා. හැබැයි අපි දෙන්නා රඟපාන්න ගිය හැම වෙලාවකම දෙන්නට දෙන්නා හොඳටම හිනා වෙනවා. ඒක නිසා අපි දෙන්නා එකට රඟපාන්නෙ නැහැ කියලා තීරණය කළා.

මට කේන්ති යනවා වැඩියි. ඒක මගේ උපන් ගතියක්. ඒත් අකිල එහෙම නැහැ..... එයා බබෙක් වගේ. අකිල නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කියලා නැහැ. මම අයින් වෙන්න හදපු හැම අවස්ථාවකදීම අකිලයි මාව ඒ ක්ෂේත්‍රයට යොමු කළේ.

අකිලගෙ මවුපියන් දැනුම් තේරුම් තියන උදවිය. අකිලට වගේම ඔවුනටත් මගෙ වෘත්තිය ගැටළුවක් වුණේ නැහැ.....

මට තවම අවුරුදු විසි දෙකයි. 2015වේ විතර අපි බඳිනවා. අමන්දා ටිකක් සැරයි. ඒත් හරි හොඳයි."







*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya