Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: තාත්තටයි දුවටයි තරු පෙන් වූ ෆේස්බුක් ආදරය

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

තාත්තටයි දුවටයි තරු පෙන් වූ ෆේස්බුක් ආදරය

rash

දෙදෙනාටම
නොදැනීම
පියා, දුව හා
ආදරෙන් වෙලිලා

දකුණු පළාත් රජයේ කාර්යාලයක සේවයේ යෙදෙන මැදිවියේ පසුවන විවාහක පුද්ගලයෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (face book) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාලයක් චැට් (chat) කරමින් මානසික වින්දනයක් ලැබුවේ ය. මේ අයුරින් හඳුනාගත් ඔවුන් දෙදෙනා‍ගේ රසබර රාගී කතා නිසාම ඉක්මනින් ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ.

මෙම සිදුවීම සටහන් තැබීමේ පහසුව වෙනුවෙන් අප ඔවුන්ව නුවන් සහ සෙව්වන්දි ලෙස හඳුන්වමු. පාසල් සිසුවියක වූ සෙව්වන්දිට පියා විසින් පරිගණකයක් ලබාදුන්නේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ නිසාය. යහළු යෙහෙළියන් සමඟ නිතර ෆේස් බුක් හරහා චැට් කරන ඇයට නුවන් හඳුනාගැනීමට හැකි වූයේ තම යෙහෙළියකගේ පෙම්වතාගේ සගයෙකු ලෙසිනි. මොවුන්ගේ ආදරය කෙතරම් දුරදිග ගියේද පැවසුවහොත් ඔවුනොවුන් හමුවීමේ ආශාව ඉතාමත් දැඩි විය.


කිසිදිනක නොදුටු දෙදෙනාගේ දසුන දැක ගැනීමට සතියේ දිනක උදේ කාලය යොදා ගත්තේ පාසල් යන මුවාවෙන් ඇයට පැමිණිය හැකි බැවිනි. ඒ සතියේම සිකුරාදා ගාල්ල ප්‍රදේශයේ දී හමුවීමට ඔවුහු කතිකා කර ගත්තේ ගාල්ල බස් නැවතුම්පොළේ දී මුණගැසී සුදුසු ස්ථානයකට යාමේ අභිලාෂයත් සමඟිනි.

උදෑසන තම බිරිය විසින් සකසා දුන් බත් පාර්සලය ද රැගෙන කාර්යාලයට යන බව පවසා ජැන්ඩියට ඇඳ පැළඳ ගත් නුවන් වෙලාවටත් පෙර නියමිත ස්ථානයට ගියේ මහත් ප්‍රබෝධයකිනි. පාසල් ඇඳුමෙන් සැරසුණු සෙව්වන්දි හොර රහසේ පොත් බෑගය තුළට පාට ඇඳුමක් දමා ගත්තේ පාසල් නොගොස් යෙහෙළියකගේ නිවසට ගොස් ඇඳුම් මාරු කරගෙන අදාල ස්ථානයට ගොස් පෙම්වතා හඳුනා ගැනීමේ දැඩි ආශාවෙනි.


සවස පෞද්ගලික පන්ති ඇති හෙයින් ඊට ගාස්තු ගෙවිය යුතු බව පවසා මවගෙන් වැඩිපුර මුදලක් ද ලබාගත් ඇය සමනලියකසේ සතුටින් ඉගිල ගියේ තම ප්‍රථම ප්‍රේමය අත්විඳීමේ අපේක්ෂාවෙනි. එදිනට අඳින ඇඳුම පිළිබඳව දෙදෙනා කතිකා කර ගත්තේ ඔවුනොවුන් හඳුනාගත හැකි නොවරදින සංකේතය එය බැවිනි.

ගාල්ල බස් නැවතුම් පොළේ මාතර බස් නැවතුම අසල සිටි නුවන් අවට සිසාරා තම දෑස් යොමු කළේ කොයි මොහොතේ තම පෙම්වතිය දැක ගැනීමට ලැබේදැයි යන කුතුහලයෙනි. 


ගෙවී ගියේ සුළු මොහොතකි, රෝසපාට ඇඳුමකින් සැරසී රතුපාට බෑගයක් අතෙහි දරා තමා ඉදිරියට එන යුවතිය පිළිබඳ ඔහු විමසිලිමත් විය. සෙව්වන්දිගේ හිතේද මැවී තිබුණේ නවීන පන්නයට සැරසුණු දඟකාර හැඩකාර තරුණයෙකුගේ රූපයකි.

එහෙත් අත්දිග රෝසපාට කමිසයකින් සැරසී එතැන සිටියේ වයස අවුරුදු පනහක පමණ මැදිවියේ පුද්ගලයෙකි. ඇයට දෙවියන් සිහිවිය. නිවසට හොරෙන් පැමිණි ගමන පියාගේ අතටම හසුවූවායැයි ඇය තැති ගත්තා ය.

"දෙවියනේ තාත්ත මොකද මෙතන කරන්නේ අද කන්තෝරුවට ගියේ නැද්ද....?"

"මම අහන්නෙ දුව මොකද මෙහේ.....?"


දෙදෙනාටම සත්‍ය වැටහුණේ ය. ඔවුන් දෙදෙනාම කර ඇත්තේ සුළුපටු වරදක් නොවේ. මෙපමණ කාලයක් ෆේස් බුක් හරහා පෙම්වතුන් ලෙස චැට්කර ඇත්තේ පියා සහ දියණියයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya