Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බෝගම්බර හිරගෙදර සදහටම වැසෙයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බෝගම්බර හිරගෙදර සදහටම වැසෙයි

rash

මෙරට ඉදි කෙරුණු මුල්ම බන්ධනාගාරය වන සුප්‍රසිද්ධ බෝගම්බර බන්ධනාගාරය මෙම 31 වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම වසා දැමීමට රජය තීරණය කර ඇත.
මේ අනුව මෙරට බන්ධනාගාරයක්‌ වැසී ගිය ප්‍රථඹ අවස්‌ථාව ලෙස බෝගම්බර බන්ධනාගාරය වසා දැමීම ඉතිහාසයටද එක්‌ වනු ඇත.
මෙසේ බන්ධනාගාරය ඉවත් කිරීමෙන් පසු එහි දැනට රඳවා සිටින විශේෂ ගනයේ සිරකරුවන් වැලිකඩ හා මහර යන බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිත්ව ඇති අතර අනෙකුත් රැඳවියන් පවතින ඉඩකඩ අනුව වෙනත් බන්ධනාගාර වෙත යොමු කරන බව බන්ධනාගාර මූලස්‌ථානයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
 මෙරට බන්ධනාගාර පද්ධතියේ මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක වූ ප්‍රධාන බන්ධනාගාරයක්‌ ලෙසින් බෝගම්බර බන්ධනාගාරය ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර කලකට ඉහත දරුණු අපරාධකරුවන් රඳවා තබන බන්ධනාගාරයක්‌ ලෙසින්ද ප්‍රකටව තිබිණ.

බෝගම්බර බන්ධනාගාරයෙන් පසු මෙරට මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක වූ අනෙක්‌ එකම බන්ධනාගාරය වූයේ වැලිකඩ බන්ධනාගාරය ය.
වසා දැමෙන බෝගම්බර බන්ධනාගාරය සුදු ජාතිකයන් විසින් ආරම්භ කෙරුනක්‌ වන අතර සාමාන්‍යයෙන් සිරකරුවන් 1200 ක්‌ පමණ එහි රඳවා තැබිය හැකි විය. මීට පෙර අවස්‌ථාවක ඓතිහාසික ඇහැළේපොළ වලව්වේ පවත්වාගෙන ගිය බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරය එම ස්‌ථානයෙන් ඉවත් කිරීමටද රජය කටයුතු කරනු ලැබිණි.
ඇහැළේපොළ වලව්වේ වූ ඓතිහාසික බවට මුල් තැන දෙමින් එය ජාතික උරුමයක්‌ සෙ සංරක්‍ෂණය කිරීමේ අරමුණින් රජය එම පියවර ගනු ලැබීය.

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Popular Posts

Nodutu Lokaya