Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ගීතා කුමාරසිංහ ආතල් ගන්න හැටි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ගීතා කුමාරසිංහ ආතල් ගන්න හැටි

rash

මිනිස්සුන්ගේ දුක අහන එකත් මට ආතල්
මං ඉස්සර රුපියල් 50,000 හේ සාරි ඇන්දා. දැන් අඳින්නේ රුපියල් 2,000 එව්වා
මගේ විවාහ ජිවිතයේ අඳුරු පැති රාශියක් තියෙනවා
මට දෙවැනි පුරවැසිකම තියෙනෙන් ස්විට්සර්ලන්තයේ

‘යන්ග්’ අතිරේකයේ ‘ආතල් ගන්න හැටි’ ලෙස පලවන ලිපියට පසුගියදා අදහස් දක්වා තිබුනේ ගීතා කුමාරසිංහයි. මෙම ලිපියේ ඇති විශේෂත්වය වන්නේ මෙහි අසනා සෑම ප්‍රශ්නයකටම ‘ ආතල් ’ යන වචනය අඩංගු වීමයිග ගීතා කුමාරසිංහ මෙම ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ පහත පරිදියි.


ගීතා අක්කට ජිවිතේ ආතල්ද ?
එක එක්කෙනා ආතල් ගන්න එක එක ක්‍රම තියෙනවනේ. මම ඉතින් ආතල් ගන්නේ ගෙවල්වල යන එකෙන්ල මිනිසුන්ගේ දුක අහන එකෙන් තමයි. ඒ වගේම තමයි, මිනිස්සු වෙනුවෙන් වැඩ කලාම පුදුමාකාර ආතල් එකක් දැනෙන්නේ. ඒ ඇරෙන්න වෙන ආතල් එකක් නෑ.

ඒ කියන්නේ පොදු ආතල් හැර පෞද්ගලික ආතල් එකක් නෑ?
නැහැ. මෙහෙමයි, මම හැමදාම දුවට කතා කරනවා. ඊමේල් කරනවා. ස්කයිප් කරනවා. මේ දැන් මගේ මහත්තයාත් ඇවිත් ගියා. එයා එක්ක කතා කරනවා. ඒ විදියට වැඩ ටික වෙනවා. මං හිතන්නේ දේශපාලනේ හින්දා පෞද්ගලික ආතල් කඩා ගන්න ඕනි නෑ.

දේශපාලනය නිසා කළා ජිවිතයෙන් ඈත්වීම ගැන හිතද්දී ආතල් කැඩෙන්නේ නැද්ද?

රංගනයෙන් එහෙම නැත්තම් කලාවෙන් මාව ඈත් කරලා දාන්න කාටවත්ම බැහැ. මං රංගන ශිල්පියෙක් විදියට අදටත් මේ රටේ රසිකයන් තුල ජිවත් වනවා. මම ඒ කාලේ විශාල වශයෙන් මුදල් වියදම් කළාග රුපියල් 45,000 හේ 50,000 හේ සාරි ඇන්දා. මාසෙකට සැරයක් රුපලාවන්‍ය සත්කාර කළා. ඒත් දේශපාලනයට ආවට පස්සේ මම එව්වා නතර කළා. ඒ වියදම් කරපු මුදල් මම අද මිනිස්සුන්ට වියදම් කරනවා. මම අද ජිවත් වෙන්නේ බොහොම සාමන්‍යය විදියට. රුපියල් 2,000 සාරියක් අරං මම අද අඳිනවා. ඒ නිසා මේ හැම දේම මට ලොකු ආතල් එකක්.

රංගන ජීවිතය තුල සිදුවුණු ආතල්ම සිදුවීම මොකක්ද?
ගොඩක් එව්වා තියෙනවාම් දවසක් මම කුඩලූඔය රූගත කිරීමකට ගියා. එතකොට අපිට ඉතිං මොබයිල් ෆෝන්ස් නැහැනේ. අපි නතර උනේ වතු අධිකාරිවරයකුගේ බංගලාවක. ප්‍රධාන නළු නිළියෝ කිහිප දෙනෙක් තමයි එහෙ නතර වෙලා හිටියේ.

මම වොෂ් එකක් ගන්න බාත් රූම් ඒකට ගියාම බාත් ටබ් එකේ ලොකු පිඹුරෙක් හිටියා. මම හිතුවේ ටයර් එකක් කියලා. බලද්දී ඒ පිඹුරෙක්. මම බයවෙලා කෑගහව්වා. පස්සේ තමයි දැනගත්තේ ඒ පිඹුරා ගෙදර ඇති කරන එකෙක් කියලා.

ගීතා අක්කගේ ස්වාමිපුරුෂයා ‘ක්‍රිස්’ විදේශිකයෙක්. ඇයි විදේශිකයෙක් බැන්දේ?
මගේ ජිවිතයේ ගොඩක් දේවල් උනේ හරිම දෛවෝපගත විදියට. මගේ විවාහ ජිවිතයේ කාටවත්ම නොපෙනෙන අඳුරු පැති රාශියක් තියෙනවා. ඒවා මට රටට කියන්න ඕනි නෑ.

’ක්‍රිස්’ ගේ විලාසිතාගාරයේ නිරූපන ශිල්පිනියක් විදියට මම ෆොටෝ ෂුට් එකකට ගිය වෙලාවේ තමයි එයා මාව දැකල විවහා යෝජනාව ගෙනාවේ. මම එදා එයාට ගොඩක් කැමති උනා. ඉතිං අපි විවහා උනා. දැන් එයාගේ ව්‍යාපාර පිටරටවලත් තියෙනවා. එයා ගොඩක් වෙලාවට ඉන්නේ විදේශගත වෙලා. අපි ගතින් ඈත් වෙලා. සිතින් නම් එහෙම නෑ. සමහරු ඒ ගැන ආරංචි පැතිරුවා අපි දෙන්නා දික්කසාද වෙලා කියලා. ඒක බොරුවක්. මට හැමදේම ලැබුනේ එයා හින්දා. මට දැන් මේ ගෙදර දොර අරිනවා වගේම ස්විට්සර්ලන්තයේ මට තියෙන ගෙදර දොර අරගෙන එහෙට ගිහිං ජිවත් වෙන්න පුළුවන්. මට එහෙ දෙවැනි පුරවැසිකම තියෙනවා. ඒත් මම මෙහෙ දාලා යන්නේ නැහැ.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya